Photo of the first meeting of the constitutional council

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් සිදුකිරීමට අපේක්‍ෂා කරන මූලික වෙනස්කම්

නීතීඥ ජගත් ලියනආරච්චි

1- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කර පාර්ලිමේන්තු සභාව පිහිටුවීම- මෙම පාර්ලිමේන්තු සභාව බලයක් නොමැති ආයතනයක් වන අතර මෙම සංශෝධනය මගින් ස්වාධින කොමිෂන් සභා සදහා සහ අගවිනිසුරු නීතිපති පොලිස්පති ඉහළ අධිකරණවල විනිසුරු ඇතුළු ධූරයන් පත් කිරීම සදහා ජනාධිපතිට අභිමතය හිමිවේ.

2- විගණන සේවා කොමිෂන් සභාව අහෝසි කිරීම- මෙමගින් විගණන සේවය අහෝසි වන අතර විගණන පනතේ ප‍්‍රතිපාදන පිළිබදවද අර්බුදයක් මතුවේ

3- ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාව අහෝසි වීම-

4- ජනාධිපතිවරයාගේ වගකීමක් වූ  ‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවටද, ආරක්‍ෂා කරන බවටද’ වන වගකීම ඉවත් කිරීම

5- විදේශ රටක පුරවැසිභාවය හිමි ශ‍්‍රි ලාංකික පුරවැසියකුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව හිමිකිරීම

6- විදේශ රටක පුරවැසිභාවය හිමි ශ‍්‍රි ලාංකික පුරවැසියකුට ජනාධිපති අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වීමේ අවස්ථාව හිමිකිරීම

7- ජනාධිපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බවට වූ ප‍්‍රතිපාදනය ඉවත් කර තිබේ.

8- ජනාධිපතිට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමට ඇති අවස්ථාව අහිමි කිරීම

9- පොලිස්පතිවරයා පත් කිරීම පිළිබද ප‍්‍රතිපාදන ඉවත් කිරීම මගින් පොලිස්පතිවරයා ඉවත් කිරීම පිළිබදව ප‍්‍රතිපාදනද වක‍්‍රව සංශෝධනය වීම

10- ජනාධිපතිවරයාට අමාත්‍යංශ ලබාගැනීමේ හැකියාව

11- අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යව පිළිබද සීමාව ඉවත් කිරීම

12- අමාත්‍යවරුන් පත් කිරීමේ දී ජනාධිපතිට පරම අභීමතයක් ලැබීම (අගමැතිට තිබූ බලතල ඉවත්වීම)

13- රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් ඉවත් කිරීමට ජනාධිපතිට බලතල හිමිවීම

14- රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ඇතැම් බලතල අමාත්‍ය මණ්ඩලයට පවරා ගැනීම

15- මැතිවරණයකින් වසරක් අවසන් වීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට බලය ලැබීම

16- හදිසි පනත් පිළිබද ප‍්‍රතිපාදන යළි ඇති කිරීම

17- පාර්ලිමේන්තුවට සාමාන්‍ය පනතක් ගෙන ඒමේදී දින 14කට පෙර ගැසට් පත‍්‍රයේ පළ කල යුතුය යන ප‍්‍රතිපාදනය දින 7 දක්වා අඩු කිරීම

18- පාර්ලිමේන්තුව විසින් ප‍්‍රතික්ෂේප කරන ලද පනත් කෙටුම්පත් ජනමත විචාරණයකට ලක්කර සම්මත කිරීමේ බලය ජනාධිපතිට පැවරීම

19- ජනාධිපති අපේක්‍ෂකයකුගේ අවම වයස 30 දක්වා අඩු කිරීම

20- මැතිවරණ කොමිෂන් සභාවේ බලතල අඩු කිරීම

21- අධිකරණ සේවා කොමිෂන් සභාවේ කවර හෝ සාමාජිකයකු ඉවත් කිරීමේ බලය ජනාධිපතිට ලබාදීම

22- රාජ්‍ය සමාගම් විගණකාධිපතිවරයාගේ අධීක්‍ෂණයෙන් ඉවත් කිරීම

23- ජාතික පොලිස් කොමිෂන් සභාවේ බලතල අඩු කිරීම (මහජන පැමිණිලි විමසීමට සීමා කිරීම)

24- අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට 19 වන සංශෝධනය මගින් පවරන ලද අතිරේක බලතල ඉවත් කිරීම

(ඡායාරූපය: 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ගෙන ආ ව්‍යවස්ථා සභාවේ පළමු රැස්වීමයි. පත්කිරීම් සම්බන්ධයෙන් නිර්දේශ සිදු කළ හැකි එම ව්‍යවස්ථා සභාව අහෝසි කර නිරීක්ෂණ පමණක් සිදු කළ හැකි පාර්ලිමේන්තු සභාවක් පත් කර තිබේ.)