20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් සිදුකිරීමට අපේක්‍ෂා කරන මූලික වෙනස්කම්

නීතීඥ ජගත් ලියනආරච්චි
1- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කර පාර්ලිමේන්තු සභාව පිහිටුවීම- මෙම පාර්ලිමේන්තු සභාව බලයක් නොමැති ආයතනයක් වන අතර මෙම සංශෝධනය මගින් ස්වාධින කොමිෂන් සභා සදහා සහ අගවිනිසුරු නීතිපති පොලිස්පති ඉහළ අධිකරණවල විනිසුරු ඇතුළු ධූරයන් පත් කිරීම සදහා ජනාධිපතිට අභිමතය හිමිවේ.
2- විගණන සේවා කොමිෂන් සභාව අහෝසි කිරීම- මෙමගින් විගණන සේවය අහෝසි වන අතර විගණන පනතේ ප‍්‍රතිපාදන පිළිබදවද අර්බුදයක් මතුවේ
3- ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාව අහෝසි වීම-
4- ජනාධිපතිවරයාගේ වගකීමක් වූ ‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවටද, ආරක්‍ෂා කරන බවටද’ වන වගකීම ඉවත් කිරීම
5- විදේශ රටක පුරවැසිභාවය හිමි ශ‍්‍රි ලාංකික පුරවැසියකුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව හිමිකිරීම
6- විදේශ රටක පුරවැසිභාවය හිමි ශ‍්‍රි ලාංකික පුරවැසියකුට ජනාධිපති අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වීමේ අවස්ථාව හිමිකිරීම
7- ජනාධිපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බවට වූ ප‍්‍රතිපාදනය ඉවත් කර තිබේ.
8- ජනාධිපතිට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමට ඇති අවස්ථාව අහිමි කිරීම
9- පොලිස්පතිවරයා පත් කිරීම පිළිබද ප‍්‍රතිපාදන ඉවත් කිරීම මගින් පොලිස්පතිවරයා ඉවත් කිරීම පිළිබදව ප‍්‍රතිපාදනද වක‍්‍රව සංශෝධනය වීම
10- ජනාධිපතිවරයාට අමාත්‍යංශ ලබාගැනීමේ හැකියාව
11- අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යව පිළිබද සීමාව ඉවත් කිරීම
12- අමාත්‍යවරුන් පත් කිරීමේ දී ජනාධිපතිට පරම අභීමතයක් ලැබීම (අගමැතිට තිබූ බලතල ඉවත්වීම)
13- රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් ඉවත් කිරීමට ජනාධිපතිට බලතල හිමිවීම
14- රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ඇතැම් බලතල අමාත්‍ය මණ්ඩලයට පවරා ගැනීම
15- මැතිවරණයකින් වසරක් අවසන් වීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට බලය ලැබීම
16- හදිසි පනත් පිළිබද ප‍්‍රතිපාදන යළි ඇති කිරීම
17- පාර්ලිමේන්තුවට සාමාන්‍ය පනතක් ගෙන ඒමේදී දින 14කට පෙර ගැසට් පත‍්‍රයේ පළ කල යුතුය යන ප‍්‍රතිපාදනය දින 7 දක්වා අඩු කිරීම
18- පාර්ලිමේන්තුව විසින් ප‍්‍රතික්ෂේප කරන ලද පනත් කෙටුම්පත් ජනමත විචාරණයකට ලක්කර සම්මත කිරීමේ බලය ජනාධිපතිට පැවරීම
19- ජනාධිපති අපේක්‍ෂකයකුගේ අවම වයස 30 දක්වා අඩු කිරීම
20- මැතිවරණ කොමිෂන් සභාවේ බලතල අඩු කිරීම
21- අධිකරණ සේවා කොමිෂන් සභාවේ කවර හෝ සාමාජිකයකු ඉවත් කිරීමේ බලය ජනාධිපතිට ලබාදීම
22- රාජ්‍ය සමාගම් විගණකාධිපතිවරයාගේ අධීක්‍ෂණයෙන් ඉවත් කිරීම
23- ජාතික පොලිස් කොමිෂන් සභාවේ බලතල අඩු කිරීම (මහජන පැමිණිලි විමසීමට සීමා කිරීම)
24- අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට 19 වන සංශෝධනය මගින් පවරන ලද අතිරේක බලතල ඉවත් කිරීම
(ඡායාරූපය: 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ගෙන ආ ව්‍යවස්ථා සභාවේ පළමු රැස්වීමයි. පත්කිරීම් සම්බන්ධයෙන් නිර්දේශ සිදු කළ හැකි එම ව්‍යවස්ථා සභාව අහෝසි කර නිරීක්ෂණ පමණක් සිදු කළ හැකි පාර්ලිමේන්තු සභාවක් පත් කර තිබේ.)
Meyin takketama Maninda mahatha bala rahitha wena bawak pehadiliy .
Namuth pudhandiya nikamma esawei.
Bohovita puthanuwan wenuwen ath osawai .
Kohomath rudhiraya jalayata wadaa ganakamaiy .
Kawru mona baile gayuwath , rataka Aandukramavyawasthawa anullanganiye podu deapolak viya yuthui .
Thawada ewennak moolika niethiya lesa sakaskala yuththe hemakalhi Honda minisek raajabhiseka wanneyai poorwa sithuvili matha nowe .
Thawada eya eka ekkena sandaha suvishesa viyayuthu netha .
Ehema wunoth kawadahari janathawata sithei ” illan keama athivisistai sir ” kiyala .
Waththa baddhata dunnanam assata datha niyawapalla .
Ae badugath udaviya bujoo kirillath sathutin iwasapalla .
දෙශපාලකයින් පෞද්ගලික අභිමතයන් සාක්ෂාත් කරගනු ලැබීමට යෑම රට අගාධයට තල්ලු කිරීමකි.