Ali Sabry

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ඉඟි

ශ්‍රී ලංකාවේ තුනෙන් දෙකක ජනවරමක් ලැබුණු සෑම ආණ්ඩුවක් විසින් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හඳුන්වා දීමට උත්සාහ කර තිබේ. 1972දී සහ 1978දී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හඳුන්වා දුන් අතර, ඒවා පුළුල් මහජන සංවාදයකට භාජනය කිරීමෙ අවශ්‍යතාවක් තිබුණේ නැත.

Translations by Creative Content Consultants

එම පූර්වාදර්ශය අනුව යමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව විසින් ද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාද දෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය. එහෙත්, එය පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ම සංශෝධිත ස්වරූපයක් මිස, 1972දී හා 1978දී මෙන් අලුත්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වීමේ ඉඩ අවම ය.

කෙසේ වෙතත්, ආණ්ඩුව විසින් අනිවාර්යයෙන් ම පහත දැක්වෙන අංශ කෙරෙහි අවධානය යොමු කරනු ඇති බව දැනට ප්‍රකාශිත අදහස්වලින් පෙනේ.

  1. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇමති තනතුරු පිළිබඳ සීමා
  2. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ස්වාධීන කොමිෂන් සභා
  3. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පළාත් සභා සතු ඉඩම් හා පොලිස් බලතල

කෙසේ වෙතත්, 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ හඳුන්වා දෙන ලද ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු පහකට සීමා කිරීම හා ජනාධිපතිවරයාට තේරී පත්විය හැකි වාර ගණන දෙකකට පමණක් සීමා කිරීම නොවෙනස්ව පවතිනු ඇති බව අධිකරණ ඇමති අලි සබ්‍රි පැවසී ය.

ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධයෙන් ද අවධානය යොමු වීම සාධාරණ ය. බැසිල් රාජපක්ෂ විසින් පෙන්වා දෙන ලද කරුණක් වන්නේ සීමා නිර්ණ කොමිෂන් සභාව වැනි ස්වාධීන කොමිෂමක් වැටුප්, වරප්‍රසාද ලබා ගනිමින්, මහජන මුදල් කාබාසිනියා කරමින් කළ දෙය කුමක් ද යන්නයි.

එසේම, මැතිවරණ කොමිෂන් සභාව විහිළුවක් බවට පත් වූ බව ද කවුරුත් දන්නා කරුණකි.

වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු ජාතික පොලිස් කොමිෂන් සභාව විවෘතව ම නොතකා හරින ලදී.

පළාත් සභා හා පළාත් පාලන ඇමති සරත් වීරසේකර පවසන පරිදි 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ඉඩම් හා පොලිස් බලතල ස්ථිරව ම ඉවත් කරනු ඇත. ඒවා නීතියේ පැවතුණත් පසුගිය වසර 33ක කාලය තුළ කිසි දිනෙක ක්‍රියාත්මක වූයේ නැත.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේදී, වත්මන් මැතිවරණ ක්‍රමය කෙරෙහි අනිවාර්ය අවධානය යොමු වනු ඇත. ඉතා වියදම් අධික, එසේම, ගැටලු රැසක් මතු කරන සමානුපාතික නියෝජනය වෙනුවට, මැතිවරණ කොට්ඨාස හා සමානුපාතික මිශ්‍ර ක්‍රමයක් දැනටමත් යෝජනා වී තිබේ. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එය සාර්ථක අන්දමින් අත්හදා බලන ලදී.

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය පිළිබඳ දීර්ඝ කාලීන ගැටලුව ද අවධානයට ලක් විය යුතු ය. එහෙත්, මේ වන විට ආණ්ඩුව විසින් කාන්තා කටයුතු අමාත්‍යාංශය කැබිනට් ඇමති තත්වයෙන් රාජ්‍ය අමාත්‍යාංශයක තවත් වගකීම් රැසක් අතර එකක් බවට පත් කර තිබේ.

Translations