rohini-kavirathna

රෝහිණී කවිරත්න කතානායක ධුරයට නොතේරීම හා රනිල්

ගැහැණියක වීම නිසා රෝහිණී කවිරත්නව නියෝජ්‍ය කතානායක ලෙස භාරගන්න තරම් පොහොට්ටුව දියුණු නැති බව අලුත් සොයාගැනීමක් නෙමෙයි. ඔවුන් රෝහිණී කවිරත්න වෙනුවට තෝරන්නෙම ඇයට සිදුවූ හිංසනය අවබෝධ කරගන්නට බැරි, ඒ වෙලාවෙ මුලසුනේ හිටිය පුද්ගලයාව. ඒ ලිංගික හිංසනය තේරුම් ගන්න මේ රටේ සමාජයට හැකියාවක් තිබුණද කියන එකත්, ඒ කාලෙ සමාජ මාධ්‍යවල සංවාද මතක් කරලා සිහියට නගාගන්න. රෝහිණී කවිරත්න ඒක තේරුම් ගන්නෙත් වාචික හිංසනයක් විදියට. නැහැ. ඒක ලිංගික හිංසනයක්.

ඒ හා සම්බන්ධ වන 1995 අංක 25 දරණ පනතෙන් සංශෝධිත දණ්ඩ නීති සංග‍්‍රහයේ 345 වගන්තිය මෙසේය: ”අඩන්තේට්ටම් කිරීමෙන් හෝ සාපරාධී බලහත්කාරය පෑමෙන් යම් තැනැත්තෙකුට ලිංගික අතවර කරන හෝ වචනයෙන් හෝ ක්‍රියාවෙන් යම් තැනැත්තෙකුට ලිංගික හිරිහැරයක් හෝ අතවරයක් සිදු කරන කවර හෝ තැනැත්තකු, ලිංගික අතවර කිරීමේ වරද සිදු කරන අතර, වරදකරු කරනු ලැබීමේදී අවුරුදු පහක් දක්වා දීර්ඝ විය හැකි කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක වූ බන්ධනාගාර ගත කිරීමකින් හෝ දඩයකින් හෝ ඒ බන්ධනාගාර ගත කිරීම හා දඩය යන දඩුවම් දෙකින්ම හෝ ඔහුට දඩුවම් කරනු ලැබිය යුතුය; තව ද ඒ වරද සිදු කරන ලද්දේ යම් තැනැත්තකු සම්බන්ධයෙන්ද ඒ තැනැත්තාට සිදු කරන ලද හානි වෙනුවෙන් අධිකරණය විසින් නිශ්චය කරනු ලබන මුදලක වන්දියක්ද ඒ තැනැත්තාට ගෙවන ලෙසද අධිකරණය විසින් ආඥා කරනු ලැබිය හැකිය.”

රනිල් ඉන්නෙ තමන්ගෙ ආණ්ඩුවට සහාය දෙන මන්ත්‍රීවරුන්ගෙ පොදු මතයෙ. රනිල්ට සමගි ජන බලවේගය සහයෝගය දුන්නා නම් තත්වය වෙනස් වෙන්නත් තිබුණා. සාකච්ඡා කරලා සම්මුතියකට යන්නට අවස්ථාව තිබුණා.

කොහොම වුණත්, නියෝජ්‍ය කතානායක කවුරුද කියන එක මේ මොහොතේ රටට කිසිම වැදගත්කමක් නැහැ. ආණ්ඩුවට කෙතරම් බලයක් තියෙනවාද කියන එක නම් වැදගත්.

ජයග්‍රාහී නි. කතානායක අජිත් රාජපක්ෂ සිය නූගත්කම ද, පරාජිත රෝහිණී කවිරත්න තම බුද්ධිමත්කම හා සටන්කාමීත්වය ද කතාවලින් පෙන්නුම් කළහ.