Basil banner

බැසිල් රාජපක්ෂ මෙතෙක් කළ වැදගත්ම දෙය

බැසිල් රාජපක්ෂ මුදල් ඇමති පදවියට පත්වී මේ වන විට සති තුනකට ආසන්නය. බොහෝ අය තෙල් මිල අඩු කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද ඔවුන්ගේ බලාපොරොත්තු සුන් විය. බැසිල් රාජපක්ෂ යම් දුරකට ඇත්ත කතාකරනු නම් පෙනේ. ඇත්ත කතාකරන්නට සිදුවන තරම් ආර්ථිකයේ ගැටලුව බරපතලය.

බැසිල් රාජපක්ෂ කරන දේවල බලපෑම තවම දක්නට ලැබෙන්නේ නැත. එහෙත්, ඔහුගේ පත්වීම සමග සිදුවූ එක් දෙයක බලපෑම නම් මේ වන විට තක්සේරු කළ හැකිය.

බැසිල් රාජපක්ෂ මුදල් ඇමති ධුරයට පත්වූ අවස්ථාවේදී ඔහුට සුබපැතීම සඳහා රට පුරා එල්ලන ලද PVCවලින් නිෂ්පාදනය කරන ලද බැනර් සංඛ්‍යාව කීයද? එක් ආසනයකට බැනර් දහයක අවම අගයක් යොදා ගණන් හැදුවත්, බැනර් සංඛ්‍යාව 1,600ක් පමණ වේ. මේ එක් බැනරයක අවම වශයෙන් PVC කිලෝවක බරක් ඇතැයි ගණන් හැදුවත් එය කිලෝ 1,600කි. ටොන් දෙකකට ආසන්නය. මේ ඇතැම් බැනර් දාන අය සිටියද ගලවන අය නැත. ගලවන්නට සිදුවන්නේ පළාත් පාලන ආයතන සේවකයන්ටය. ඔවුන්ගේ ශ්‍රමය වෙනුවෙන් හා මේවා ප්‍රතිචක්‍රීයකරණය වෙනුවෙන් රජයට මහජන මුදලින් වියදමක් දරන්නට සිදුවේ. ඇතැම් ගම්බද ප්‍රදේශවල දාන බැනර් ගලවන කෙනෙකු ඇත්තේම නැත. ඒවා ගැලවී වැටී පරිසරයට එකතු විය යුතුය.

ඉහත දක්වන ලද ගණනය කිරීම එක් ආසනයකට අවම වශයෙන් බැනර් 10ක් හා බැනරයක බර කිලෝ එකක් ලෙස සලකා ගණනය කරන ලද්දකි. එහෙත්, එක් ආසනයක බැනර් 100ක් පමණ ප්‍රදර්ශනය විය. ඇතැම් බැනර්වල බර කිලෝ දහයක් තරම් වේ. මේ අනුව, රට පුරා බැනර් 10,000ක් පමණ ඉස්සුවා නම්, මේ වන විට බැසිල් විසින් නාස්ති කර හෝ පරිසරයට එක්කර තිබෙන පීවීසී ෆ්ලෙක්ස් ප්‍රමාණය කිලෝ 25,000ක් හෙවත් ටොන් 25ක්වත් විය යුතුය.

බැසිල් මේ දක්වා කර තිබෙන ලොකුම දෙය එයයි.

මේ ලිපියත් කියවන්න

බැසිල්ට පුළුවන් වෙයිද?

Creative Content Consultants