President Gotabaya Rajapaksa and Duminda Silva

දේශපාලනය කරන රාජ්‍ය නිලධාරීන්ට ජනාධිපති දුන් කණේ පාර

රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවලට පත් කරන ලද පුද්ගලයන් ඉදිරි මහ මැතිවරණයේදී දේශපාලනය නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද නියෝගය රාජ්‍ය සේවා විනය සම්බන්ධය ඉතා වැදගත් පියවරක් බවද, ඇත්තට ම ක්‍රියාත්මක කරන්නේ නම් බෙහෙවින් අගය කළ යුතු බව ද අපගේ අදහසයි.

Translations by Creative Content Consultants

රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට තම රජය පත්කළ ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිසිවකු එළැඹෙන මහමැතිවරණයේදී කවර පක්ෂයක් වෙනුවෙන් හෝ දේශපාලන කාර්යයන්හි නිරත නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. 

යම් රාජ්‍ය ආයතනයක ප්‍රධානියකුට, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකුට හෝ වෙනත් නිලධාරියකුට හෝ යම් පක්ෂයක් වෙනුවෙන් දේශපාලනයෙහි නිරතවීමට අවශ්‍ය නම් නීත්‍යානුකූලව සිය තනතුරෙන් ඉවත්ව එසේ කළ හැකි බව ඒ මහතා තවදුරටත් කියා සිටී.  

රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ  නිලධාරීන් රජය වෙනුවෙන් දේශපාලනය කළයුතු යැයි ජනාධිපතිවරයා කිසිවිටෙකත් අපේක්ෂා කරන්නේ නැති බවද ජනාධිපති මාධ්‍ය අංශය කළ නිවේදයේ සඳහන් වේ.  ඔවුන් කළයුත්තේ තමන් භාරගත් ආයතනය කාර්යක්ෂම, දූෂණයෙන් තොර, ඵලදායී, විනයගරුක සහ ලාබ උපයන ආයතන බවට දියුණු කිරීම බවද එම නිවේදනයේ සඳහන්. 

ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරියකු ලෙස තමන් කටයුතු කරද්දී මෙම නීතිය තඹයකට නොතැකූ පුද්ගලයකු වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම නීතිය උල්ලංඝනය කිරීම කෙතරම් නරක තත්වයක්දැයි අවබෝධ කරගැනීම ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් හොඳ තත්වයකි.

නිදසුනක් ලෙස, ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරන සමයේ, 2010 අප්‍රේල් 8දා පවත්වන ලද මහ මැතිවරණයට දින 11කට පෙර මාර්තු 28 දින මාතලේ දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්‍ෂකයන් වන ජනක බණ්ඩාර තෙන්නකෝන් හා රෝහණ දිසානායක යන අයගේ ප‍්‍රධානත්වයෙන් දඹගොල්ල මැදකඬේ හන්දිය, රත්තොට පොල්වත්තාකන්ද පන්සල අසල සහ මාවුස්සාගොල්ල අලූත්ගෙදර හන්දිය අසල පැවැත්වුණු රැස්වීම් ඇමතුවේ ය.

තමාට දේශපාලන රැස්‌වීම්වල කතා කිරීමට කාගෙන්වත් තහනමක්‌ නැතැයි රාජ්‍ය ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා පැවසූ බව “දිවයින” පුවත්පත 2010 මාර්තු 22දා වාර්තා කළේය.

රාජපක්‌ෂ මෙසේ ද කී ය. “මම දේශපාලන රැස්‌වීම් අමතන එක සමහර උදවියට ප්‍රශ්නයක්‌. උතුරේ ත්‍රස්‌තවාදය විනාශ කළ අයුරු හා රටේ තත්ත්වය ගැන ජනතාවට පැහැදිලි කළ යුතුයි. ඒකේ වරදක්‌ දකින්නේ නැහැ. ඕනෑ ඕනෑ අයට ඕනෑ ඕනෑ දේවල් කිව හැකියි. මම රැස්‌වීම් අමතන එක සමහරුන්ට විඳින්න බැරිව ඇති. රැස්‌වීම් අමතන්න මට තහනම් නැහැ.”

2020 වසරේ ජනවාරි 26 දින පැවැත්වුණ ජනාධිපතිවරණයට පෙර එම ජනාධිපතිවරණයේ විපක්ෂ පොදු අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකාගේ ගම වන අම්බලන්ගොඩට ගොස් රැස්වීම් කිහිපයක්ම පවත්වා ෆොන්සේකාට අපහාසාත්මක වන ප‍්‍රකාශ ගණනාවක් සිදු කළ බව එවකට එක්සත් ජාතික පෙරමුණ විසින් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කරන ලදී.  

ආයතන සංග්‍රහයේ 32 පරිච්ඡේදය අනුව නම් ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් හා පොලිස් සේවයේ අය වැනි රාජ්‍ය නිලධාරීන්ට දේශපාලන අයිතිවාසිකම් නැත. මැතිවරණයකට තරග කිරීමට හෝ මැතිවරණය සම්බන්ධ කටයුතුවල යෙදීමට හෝ අවශ්‍ය නම් එම නිලධාරීන් තනතුරින් ඉල්ලා අස් වී එසේ කළ යුතු ය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු මෙබඳු මූලික නීති පවා ඉවත දමනු ඇතැයි ඇතැමෙක් බලාපොරොත්තු වූ හ. එබැවින් ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් ඉතා විවෘතව දේශපාලනය කරන ආකාරය තවමත් දක්නට ලැබේ. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ඔවුන්ට අතුල් පහරකි.

Translations