Gotabaya celebrating the acceptance of his dual citizenship by Court of Appeal

ගෝඨාභය ඇමරිකාවේ පුරවැසියෙක් ද?

ඉහත ප්‍රශ්නයට පිළිතුර කිසිවෙකු හරියට දන්නේ නැත. ගෝඨාභය එහෙම වන්නටත් පුළුවන. නොවන්නටත් පුළුවන. ඒ ගැන විමසන්නට මේ රටේ මහජනතාවට අයිතියක් ඇත. එහෙත්, එම අයිතියට කිසිදු පුද්ගලයකු හෝ ආයතනයක් ගරු කරන බවක් දක්නට නොලැබේ.

Translations by Creative Content Consultants

ගීතා කුමාරසිංහ ද්විත්ව පුරවැසියකු බව හෙළිදරව් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට පත් වී වසර කීපයකට පසු ය. ඇයට මන්ත්‍රී පදවිය අහිමි වූ මුත්, ඒ දක්වා ඇය කළ කී දේ සම්න්ධයෙන් වගවීම වෙනස් වූයේ නැත.

ජනාධිපති අපේක්ෂකයකු ජනාධිපතිවරණය ජයගෙන වසර කිහිපයකට පසු එම පුද්ගලයා ද්විත්ව පුරවැසියකු බව තහවුරු වී තනතුර අහිමි වන අවදානමක් තිබේ නම් එය බරපතල අර්බුදකාරී තත්වයකි. එහෙයින්, එවැනි පුද්ගලයකු ජනාධිපතිවරණයකට තරග කරන්නේ නම් කල් ඇතුව ම ඒ පිළිබඳ කාරණාවල නිරවුල්භාවය මහජනතාවට පෙන්විය යුතු ය. එය රජයේ හෝ අධිකරණයේ වගකීමකට වඩා එම පුද්ගලයාගේ ම වගකීමකි.

එක දෙයක් පැහැදිලි ය. ගෝඨාභය රාජපක්ෂ ද්විත්ව පුරවැසිභාවය ලබාගත් ආකාරය පිළිබඳ නඩු විභාගයේදී හෙළිදරව් වු පරිදි, ඔහු එය සිදු කර ඇත්තේ ඉතා අවිධිමත් ආකාරයකට ය. ඔහු ඒ සඳහා අයදුම්පතක් ඉදිරිපත් කළා ද, ඒ වෙනුවෙන් අදාළ ගාස්තු ගෙව්වා ද යන්න ඔප්පු කිරීමට සාධක නැත. කෙසේ හෝ ඔහුගේ ජනාධිපති සහෝදරයා ඔහුට ද්විත්ව පුරවැසි සහතිකයක් නිකුත් කර තිබේ. එය රටේ සෙසු ද්විත්ව පුරවැසියන්ට එය ලැබුණු පටිපාටියෙන් වෙනස් බව ද ඉතා පැහැදිලි ය.

ඇමරිකන් පුරවැසියකු වෙනත් රටක පුරවැසිභාවය හෝ ද්විත්ව පුරවැසිභාවය ලබාගන්නා විට එම පුද්ගලයා විසින් ඇමරිකාවේදී සම්පූර්ණ කළ යුතු යම් යම් රාජකාරිමය කටයුතු තිබිය යුතු ය. ගෝඨාභය රාජපක්ෂ ඒවා ද සම්පූර්ණ කළා ද යන්න සැක සහිත ය.

තමන් පුරවැසි වන රටේ අවසරයකින් තොරව පුද්ගලයකුට වෙනත් රටක පුරවැසිභාවය ලබාගත හැකි ද යන්න සහ එසේ පුරවැසිභාවය ලබාගෙන තමන් සිටි රටේ පුරවැසිභාවය අත්හළ හැකි ද යන්න විමසිය යුතු ය. නිල ලියකියවිලි නොමැතිව ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ගත හැකි වුව ද, නිල ලියකියවිලි නොමැතිව ඇමරිකාවේ පුරවැසිභාවය අත්හළ හැකි ද යන්න සැක සහිත ය.

ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකන් පුරවැසිභාවය පිළිබඳ ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් 2019 ඔක්තෝබර් 6දා, ඉරිදා ලංකාදීප පුවත්පත සමග පවත්වන ලද සාකච්ඡාවේදී ගෝඨාභය රාජපක්ෂ පිළිබඳ මෙසේ පැවසුවා ය. එහෙත්, එහි ද ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන තිබේ ද යන්න සම්බන්ධයෙන් හරි පිළිතුරක් නැත.

පුරවැසිභාවය

පුරවැසිභාවය ඉවත් කිරීම කියන්නේ පරිපාලනමය කරුණක්. ඒ වගේ ම පෞද්ගලිකත්වය සම්බන්ධ කරුණ්. ඒ නිසා මට එක් පුද්ගලයක් ගැන විශේෂයෙන් කියන්න බැහැ. පුරවැසිභාවය ඉවත් කිරීමෙන් පසුව ඒවා ප්‍රසිද්ධියට පත් කෙරෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩු කිහිපයක් තිබෙනවා. ඒවා සිවිල් නඩු. ඒක අපරාධ නඩුවලට වඩා වෙනස්. පුරවැසිභාවයට අදාළ වෙන්නේ අපරාධමය නඩු. සිවිල් නඩු ගොනු කරන්නේ පෞද්ගලිකව. රජය පුද්ගලයන්ට එරෙහිව සිවි නඩු ගොනු කරන්නේ නැහැ.

ගෝඨාභය රාජපක්ෂට තිබෙන යුද අපරාධ චෝදනා සම්බන්ධව ඇය පවසන්නේ මෙසේයි:

(ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන්) එය නිල මට්ටමේ දෙයක්. අපි අදහස් දැක්වූයේ රජය ගත් පියවරක් සම්බන්ධයෙන් පමණයි. ගෝඨාභය රාජපක්ෂ මහතා පුරවැසියෙක්. දේශපාලන පක්ෂයක් ඔහු ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර තිබෙනවා. එය කරුණු දෙකක් වගේ ම සිදුවීම් දෙකක්. අපි අදහස් දැක්වූයේ රජය ගත් පියවරක් සම්බන්ධයෙන් පමණයි. පෞද්ගලික පුරවැසියෙකු ගැන අපි අදහස් දක්වන්නේ නැහැ.

රසවත් තොරතුරු, විස්තර, කතා කියවන්න, දැනගන්න අප සමග නිරතුරු සම්බන්ධ වෙන්න. www.praja.lk බුක්මාක් කරගන්න. අපේ ෆේස්බුක්, ට්විටර් පිට ෆලෝ කරන්න.