Covid-19 Funeral

කොවිඩ් මළසිරුරු බලෙන් පිච්චීම හා ජාත්‍යන්තර බලපෑම මත වළලන්නට ඉඩදීම

අවසානයේදී ශ්‍රී ලංකා ආණ්ඩුව ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුගත වෙමින් කොවිඩ්-19 මළසිරුරු බලෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තියෙන් ඉවත් වී තිබේ.

Translations by Creative Content Consultants

මළසිරුරු පිළිස්සීම නොකරන සිංහල, දෙමළ, ක්‍රිස්තියානි ආදී තවත් ප්‍රජාවන් සිටියත්, මෙම ප්‍රශ්නය දැඩි ලෙස මතුකළේ මෙරට මුස්ලිම් ජනතාවයි. එසේම, මෙම බලහත්කාරය ප්‍රවර්ධනය කළේ ද මුස්ලිම් විරෝධී ජාතිවාදීන්ය.

මුස්ලිම් විරෝධී බොහෝ දෙනා අමතක කරන කාරණය වන්නේ කොවිඩ්-19න් මියගිය ලාංකිකයන් අතර මුස්ලිම් ප්‍රජාවට අයත් පිරිස විශාල සංඛ්‍යාවක් බවයි.

රජයේ සෞඛ්‍ය බලධාරීන් ආණ්ඩුවටත් වඩා ආන්තික වෙමින්, අනම්‍ය ලෙස සිටි ස්ථාවරය දැන් වෙනස් කර තිබේ. ඒ දිනවල ඔවුන් තර්ක කළේ කොවිඩ් මළසිරුරු ආදාහනය කළහොත් භූගත ජලයට වයිරසය එකතු වන බවයි. විද්‍යාත්මක වශයෙන් සනාථ නොවූ මෙම තර්කය ඇතැම් බලවේග විසින් ජාතිවාදීන් අතර ජනප්‍රිය වීම සඳහා පාවිච්චි කරන ලදී.

අවසානයේදී ආණ්ඩුවට මෙම තීරණය වෙනස් කිරීමට සිදු විය. මේ තරම් සුළු අභ්‍යන්තර ප්‍රශ්නයක් විසඳාගැනීමට පවා ජිනීවා මානව හිමිකම් සභාවේ ඒ පිළිබඳ සඳහන් වනතුරු අසමත් වන පාලකයන්ට රටේ ප්‍රශ්න ජාත්‍යන්තරකරණය වීම වළක්වාගන්නට පුළුවන්ද?

ජාතිවාදී පදනමින් මුරණ්ඩු ලෙස පාවිච්චි කරමින් සිටි ප්‍රතිපත්ති ජාත්‍යන්තර බලපෑම හමුවේ පමණක් ලිහිල් කරන ලංකාවේ ආණ්ඩුවට ලජ්ජාව කියා දෙයක් තිබේද?

2009දී අවසන් වූ යුද සමයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් 12 වසරකට පසුව පවා තවමත් ආණ්ඩුව කියන්නේ තමන්ට ඒවා අභ්‍යන්තරව විසඳාගත හැකි බවයි. එහෙත්, රටේ ජනතාවගේ සංස්කෘතික ප්‍රශ්නයක් වූ කොවිඩ් මළසිරුරු බලෙන් ආදාහනය කිරීම නම් ප්‍රශ්නයවත් ජාත්‍යන්තර බලපෑමකින් තොරව විසඳාගැනීමට ආණ්ඩුවට බැරිවුණා නේද?

Translations