හොරකමට එරෙහි හොරුන්ගෙත් හොරු

අජිත් පැරකුම් ජයසිංහ
මේ තරම් දරුණු ආර්ථික අර්බුදයක් මැද පවා දිනකට කෝටි ගණනින් මැතිවරණ සඳහා වැය කළ හැකි දේශපාලන පක්ෂ තිබීම විස්මයජනකය.
මැතිවරණ ප්‍රචාරක කටයුතු යනු අති විශාල ලෙස කාලය ද විනාශ කරදැමීමකි. ඉතා නොගැඹුරු අදහස්, වහසි බස් හා පොරොන්දු මැතිවරණ වේදිකාවල පුනරුච්චාරණය කරන අතර වේදිකා පහළ සිට හා ජනමාධ්‍ය හරහා ජනයා සරල විනෝදාස්වාදයක් ලබති.
මුළු ජීවිතයම මොබ් සමග ඇවිදිමින් කයිවාරු ගැසීම හා නාස්තිකාර දේශපාලන ව්‍යාපාර ගොඩනැගීම හැර වෙනත් කිසිවක් නොකළ දේශපාලකයෝ රට හැදීමට බලය ඉල්ලති.
මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයකි. ප්‍රජාතන්ත්‍රවාදය සමස්තයක් ලෙසම අතිශය මිල අධිකය. එහෙත්, අපට ප්‍රජාතන්ත්‍රවාදය අත්හළ නොහැකිය. හේතුව, අප දෙසිය වසකටත් වඩා කාලයකට පෙර රාජත්වය අත්හළ නිසාය. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය අත්හළහොත් අපට යාමට සිදුවන්නේ ඒකාධිපතිවාදය දෙසටය.
ලංකාවේ මෙතෙක් පැවති පාලනයන් අඩු වැඩි වශයෙන් ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයන් විය. කෙසේ වෙතත්, ස්ථාවර ලෙස ඒකාධිපතිවාදය වෙත යොමුවීමට කිසිදු පාලකයෙකු නිර්භය වූයේ නැත. රෝහණ විජේවීර හා ප්‍රභාකරන් හැර අන් කිසිදු නායකයකුට පවත්නා ක්‍රමයට එරෙහි කැරැලිවලට එඩිතරකමක් තිබුණේ නැත.
දිගු කලක් තිස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික පාලනය තුළ ගොඩනැගෙමින් තිබුණු අස්ථාවර සුබසාධනවාදී ක්‍රමය අවසානය කරා එළැඹ තිබේ. මෙතැනින් ඔබ්බට ඇත්තේ අනිවාර්ය ක්‍රම වෙනසකි.
ලංකාවේ සමාජ ක්‍රමය වෙනස් විය හැකිව තිබෙන්නේ කෙසේද? කිසිවකු හරහැටි නොදන්නා සමාජවාදී දෘෂ්ටිවාදයකින් එය කළ නොහැකිය. ලංකාවේ මූලිකවම තිබෙන්නේ ආර්ථික අර්බුදයකි. එහි ප්‍රධානම කාරණය වන්නේ රාජ්‍ය ආදායමට වඩා වියදම් වැඩිවීම හා රජයට ණය ගෙවාගැනීමට නොහැකි වීමයි.
විසඳුම ඇත්තේ රාජ්‍ය ආදායම් වැඩිකරගැනීම හා වියදම් අඩුකරගැනීම තුළ පමණි. රාජ්‍ය අර්බුදයට විසඳුම මුලින්ම බලපාන්නේ රජයටම වීම පුදුම විය යුතු තත්වයක් නොවේ.
රජය රාජ්‍ය අංශයේ අකාර්යක්ෂම රැකියා අවසන් කිරීම වෙනුවට ඒවා වඩා කාර්යක්ෂම කිරීමට උත්සාහ කරමින් සිටියි. රාජ්‍ය අංශයේ සිටින උපාධිධාරීන්ට ගුරු සේවයට අන්තර්ග්‍රහණය වීමට අවස්ථාව ලබාදීම ඒ සඳහා වූ ක්‍රියාමාර්ගයකි.
බදු අයකිරීමට එරෙහිව රාජ්‍ය සේවකයෝ දැන් වීදි බැස සිටිති. ඔවුන් තවදුරටත් උත්සාහ කරන්නේ පෞද්ගලික අංශය, අවිධිමත් අංශය, විදේශ ශ්‍රමිකයන් හා දිළින්දන් ඇතුළු පොදු පාරිභෝගිකයන් සූරාකා රාජ්‍ය සේවය රැකගැනීමයි. පවත්නා ක්‍රමයේ හිමිකරුවන් කවුරුද, සූරාකන්නන් කවුරුද යන්න දැන් නිරුවත් වී තිබේ.
රාජ්‍ය සේවක ආධිපත්‍යෙයන් හා ඔවුන් නායකත්වය දෙන දේශපාලන පක්ෂවල බලයෙන් ක්‍රියාත්මක වන වර්තමාන ක්‍රමය වෙනස් කිරීම වළක්වාගැනීම සඳහා සූරාකන්නන් ආවරණය වන එකම තර්කය වන්නේ දේශපාලක පැළැන්තිය සොරුන් බව පැවසීමය. එහි යම් සත්‍යයක් ඇත. එහෙත්, සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම පදනම් වන්නේ සොරකම මතය. සොරකම වත්මන් දේශපාලන ක්‍රමයේ මූලික ලක්ෂණයකි. ක්‍රම වෙනස සඳහා අදාළ වන ප්‍රතිසංස්කරණත්, සොරකම වැළැක්වීමත් එකට යන ක්‍රියාමාර්ග මිස එකක් කර අනෙක ඊළඟට කළ හැකි දෙයක් නොවේ.
සිදුවන ක්‍රම වෙනසට එරෙහිව දේශපාලනය කරන දේශපාලන පක්ෂවල ධනය ද සොරකම් කළ ඒවාය. ඒවා ඉපයූ ආකාරය පෙන්වීමට එම පක්ෂවලට නොහැකිය. ඇතැම් විට, ඒවා රට වක්‍රාකාරයෙන් ආක්‍රමණය කිරීමට මාන බලන විදේශ බලවේගවලින් ලබාගත් ධනය විය හැකිය.
හොරකම් කළ සල්ලිවලින් හොරකමට එරෙහිව දේශපාලනය කිරීම හොරුන්ගෙත් හොරුන්ගේ වැඩකි.
ඉකුත්දා සිදුවූ යතුරුපැදි අනතුරින් මියගිය තැනැත්තාගේ වයස අවුරුදු 36කි. ඔහුට දරු දෙදෙනෙක් ද සිටිති. මෙතැන් සිට මේ පවුල පියා හෙවත් ගෘහමූලිකයා නැති පවුලක් බවට පත්වන්නේය. මෙතැන් පටන් මේ පවුලට ආහාර පානාදිය සපයන්නේත්, දූ දරුවන් පාසල් යැවීම සඳහා මිල මුදල් උපයන්නේත් කවුද? මේ මරණය සම්බන්ධයෙන් වගකිව යුතු ප්‍රමුඛ පාර්ශ්වය වන්නේ අනතුර සිදුවීමට බලපෑ වී තිබුණු තැනට සම්බන්ධ ගොවියාය. ඔහුගෙන් කිසියම් වන්දියක් අයකරගෙන මෙකී අනාථ පවුලට ගෙවීමේ වගකීමක් ආණ්ඩුවට තිබේ. ඒත් එය කොතරම් දුරට කළ හැකිදැයි අපි නොදනිමු. යම් හෙයකින් කැකිල්ලේ රජතුමා සිටියේ නම් අදාළ ස්ථානයේ වී වේලූ ගොවියාට අමතරව පාර හැදීම සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට ද එල්ලුම්ගස් යෑමට ඉඩ තිබේ.
මේ රටේ ජනයා නිතරම සිටින්නේ ශිෂ්ටාචාරයට බොහෝ ඈතිනි. ඔවුන් පොදු දේපළ පරිහරණය කරන්නේ හරකුන් අනුන්ගේ වගා බිම් කොල්ලකන ලෙසටය. කොළඹ පේවුමන්ට් එකකට ගියොත් ගමන් කිරීමට ඉඩක් නැත. ඒ සියල්ලම වෙළෙඳුන් විසින් අල්ලාගෙන ගනු ලැබ තිබෙන අතර පාරේ යන එකාට ගමන් කිරීමට සිදුව ඇත්තේ පේවුමන්ට් එකේ නොව පාර මැදින්ය. හැම තැනකම මේ ප්‍රශ්නය තිබේ. ඇතැම් ජනයා මහපාරට ගොඩනැඟිලි ද්‍රව්‍ය බාගෙන පාර අයිනේ කඩ හදති. එවිට වාහන යෑමට හෝ මිනිසුන්ට ගමන් කිරීමට මහ පාරේ ඉඩක් නැත. පොදු දේපළ පාවිච්චි කිරීමේදී කොටලුවන් ලෙස හැසිරෙන ජනයා අත්අඩංගුවට ගෙන දැඩිව කටයුතු කිරීම ආණ්ඩුව කළ යුතුය. මේ රටේ මිනිසුන් හදන්නට නම් කෙවිටක් අවශ්‍යමය. මෙය සමාජ විරෝධී කීමක් වීමට ඉඩ තිබේ. ඒත් ඇත්ත කතාව එය ය.
ගෘහ මූලිකයන් සිටියේ අතීතයේය. නූතන සමාජයේ බොහෝදුරට මව පියා දෙදෙනාම රැකියාවන් කරති එක් අයෙක් නැතිවුවහොත් අනෙකා දරුවන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරයි පියා මියයාමෙන් පමණක් පවුලක් අනාථවන්නේ නැත ඔවුන්ට අපහාස කිරීමෙන් වලකින්න ආණ්ඩු සිටින්නේ වන්දි අයකරගෙන තවත් අයකුට ගෙවීම සඳහා නොවේ එයට අධිකරණ තිබේ මෛත්‍රීට ලැබුනු පාස්කු වන්දි නඩු තීන්දුව එයට හොඳම උදාහරණයයි පොදු දේපළ, පොදු ස්ථාන අනිසි පරිහරණය පිළිබඳ වුවමනාවටත් වැඩියෙන් රටේ නීති තිබේ ඒවා ක්‍රියාත්මක කිරීම පොලීසිය ඇතුළු නීතිය හා සාමය සුරකින ආයතනයන්ගේ වගකීමයි නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් තවත් චුට්ටක් ඕනයි කියන්නාක් මෙන් අමුතු කෙවිටක් අවශ්‍ය නැත දැනටමත් තිබෙන නීතිය නිසිපරිදි ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත්ය ශිෂ්ටාචාරයට බොහෝ ඈතින් සිටින්නේ කව්දැයි කමෙන්ටුව කියවීමේදී හැඟීයයි පුරුෂයා අනතුරකින් මියගිය පමණින් අනාථ පවුලක් යැයි හංවඩු ගසන්නේ ඇයි? අතීතයේදී වැන්දඹුවන් කණවැන්දුම් ලෙස හංවඩු ගසා සමාජයෙන් පිටමං කර තැබුවායි අසා ඇත තවමත් අප සිටින්නේ ඒ පසුගාමී සමාජයේමද?
ප.ලි. “හරකුන් අනුන්ගේ වගා බිම් කොල්ලකන ලෙසටය” හරකුන්ට තමන්ගේ යැයි වගා බිම් ඇත්ද?
“ඇතැම් විට, ඒවා රට වක්‍රාකාරයෙන් ආක්‍රමණය කිරීමට මාන බලන විදේශ බලවේගවලින් ලබාගත් ධනය විය හැකිය”
පැරාට විමල් වීරවංශ වැහිලා වගේ
ක්‍රම වෙනස කෙසේවෙතත් පැරා වෙනස් වෙලා
13ට එරෙහි අඳනකඩයන්ගේ පෙළපාලිය ගැනත් වෙලාවක් තිබුනොත් දාන්න 😁