සජිත්ව ජනාධිපති කරනවද? නැතිනම් රනිල්ව තියාගන්නවද?

අජිත් පැරකුම් ජයසිංහ
මගෙ ඔය හැංගි හොරා කතා නැහැ. ලංකාවට අත්‍යවශ්‍ය ආර්ථික හා දේශපාලනික ප්‍රතිසංස්කරණ කරන්න ඉතාම හොඳ බලතුලනය තමයි රනිල්ගේ හා දිනේෂ්ගේ නායකත්වයෙන් යුතුව පොහොට්ටුවේ ශක්තියෙන් යන මේ ගමන. ඒකට ආයෙ ඔය පරාජිතල, හර්ෂද සිල්වල, එස්බීන්ලා වගේ කට්ටියත් අවශ්‍ය නැහැ.
ලංකාව මේ වලට ඇදල දාපු එකට වැඩියෙන්ම වගකියන්න ඕනැ රාජපක්ෂලා බවට තර්කයක් නැහැ. හැබැයි, රාජපක්ෂලාව එතනට ඇදල දාපු ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඒකෙ වගකීමත් භාරනොගෙන, රටට දරාගන්න බැරි සුබසාධනවාදී ක්‍රමය රැකදීම වෙනුවෙන් තමයි පෙනීඉන්නෙ. රාජපක්ෂලා මේ වෙනකොට එතන නැහැ. පොහොට්ටු පක්ෂය කියන්නෙ නායකත්වය පිළිගන්නා විනයක් තියෙන බලවේගයක්. ඒකෙ හිටිය ඩලස්ලා, විමල්ලා, ජීඑල්ලා වගේ තුවාල වැඩි හරියක් දැන් එළියෙ.
රනිල්ගෙ එජාප ලෙඩා මළත් බඩසුද්දයි වෙන මට්ටමටම ගිහින් තියෙන්නෙ. හිටපු වසංගත වැඩිහරියක් සජිත්ට භාරදීල තියෙන්නෙ. සජිත් හොඳ මිනිහෙක් වුණාට එල්ලගෙන ඉන්න සොම්බි ටික එක්ක කවදාවත් ආණ්ඩුවක් හරියට කරන්න බැහැ, දෙවෙනි සිරිසේන තමයි ෂුවර් එකට. ඒ මදිවට ආර්ජන්ටිනාව, ඉක්වදෝරය වගේ එක දිගට ණය ගෙවාගත නොහැකිව ඩිෆෝල්ට් වෙවී දිගින් දිගට සැරින් සැරේ බංකොලොත් වෙන රාජ්‍යයක් බවට පත්වෙන්නත් ශ්‍රී ලංකාවට පුළුවන්.
හැබැයි, මේ වෙනකොට ජවිපෙ, පෙසප, අන්තරේ ආදී සියලු බලවේග පටු අරමුණු වෙනුවෙන් කරන දේශපාලනේ අග්‍ර ඵලය තමයි සජිත් බලයට එන එක හා රට ආපහු යහපාලන කාලෙ තත්වයට ගිහින් හිරවෙන එක.
සජිතුයි, ජවිපෙයි දැන් පළාත් පාලන ඡන්දයක් ඉල්ලනවනෙ. ජවිපෙ එක පළාත් පාලන ආයතනයක්වත් දිනනවද හිතවතුනි? මං හිතන්නෙ නැහැ. සභිකයො සංඛ්‍යාව වැඩිවෙයි. එච්චරයි. සජිත් තමයි වැඩි ගණනක් දිනන්නෙ. ඊට පස්සෙ පෙසපටයි, අන්තරේටයි, අරගලේටයි සල්ලි ටිකක් විසිකරලා මහ මැතිවරණයක් ඉල්ලලා දිනපතා වීදි බස්සන එක තමයි මූලෝපාය. රෙද්ද පෙන්නුවාම ඇති. කපලා, තමන්ම මහගෙන අඳින එවුන්නෙ ඉන්නෙ.
ඒ නිසා වැඩ දෙකයි තියෙන්නෙ. සජිත්ව ජනාධිපති කරනවද? නැතිනම් රනිල්ව තියාගන්නවද? කතා දෙකක් නැහැ පුතා මං ඉන්නෙ රනිල්ව තියාගන්න ඕනැ කියන තැන. මැජික් පෙන්නන්න රනිල්ට බැහැ. හැබැයි, ආර්ථිකය ගොඩගන්න පුළුවන්. මාසෙන් දෙකෙන් ඒක කරන්න බැරි බව රනිල්ම කියල තියෙනවා. බංකොලොත්භාවයෙන් රට මුදාගන්න ඕනැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ආර්ථික ව්‍යූහාත්මක ගැලපුම් කරන්න ඕනැ. ඒකෙන් ආර්ථිකය ගොඩගන්න පුළුවන් වෙයි. හැබැයි, ගොඩනගන්න බැහැ. ඒකට පෞද්ගලීකරණය, විදේශ ආයෝජන, ව්‍යවසායකත්වය අවශ්‍යයි. ඒවට එරෙහිව එන පීඩනයට මුහුණදෙන්න පුළුවන් ශක්තිමත් නායකයන් අපට අවශ්‍යයි. අරගලකාරයන්ගෙ රැස්වීම්වලට ගිහින් හාහූ කියන සජිත්ලට කරන්න පුළුවන් මගුලක් නැහැ. රනිල්ව බලයේ තියාගන්න අවශ්‍ය ඒකයි. එකට ඉතින් පාර තමයි පොහොට්ටුව ශක්තිමත් කරන එක.
කොහොමද පොහොට්ටුව ශක්තිමත් කරන්නෙ? මේ පිංතූරවල තියෙන්නෙ ඒක තමයි. තව විස්තර ඕනැ නම්, 1 කමෙන්ටුවේ තියෙන ලිපිය කියවන්න. කියවා බනින්න. බැනලා ඔබේ හැඟීම් මෝචනය කරගන්න. හැබැයි, මාව හදන්න එන්න එපා. වැඩක් නැහැ. මං යම් දෙයක් තෝරාගත්තොත් ඒක සීයට සීයක් කරනවා. හුඟක් අය වගේ මං වැඩකරන්නෙ මට ලැබෙන ප්‍රතිලාභ බලල නෙමෙයි. ඒනිසා මාව හදන එක පැත්තක තියලා තමුන් හැදෙන්න.


2023 වර්ෂය සඳහා ආණ්ඩුවේ සමස්ත වියදම බිලියන 7,879කි. ඒ වැය පැත්තය. අය පැත්ත සම්පූර්ණ කිරීම සඳහා මෙවර ණය ලබාගත නොහැකිය. ශ්‍රී ලංකාවට ණය හෝ ආධාර ලබාදෙන කිසිදු රටක් හෝ සංවිධානයක් නැත. එකම විකල්පය වන්නේ බදු ආදායමය. බදු ආදායම වශයෙන් බිලියන 3,456 අය-වැය යෝජනාවද දක්වා තිබේ. 2022 අපේක්ෂිත ආදායම බිලියන 1,900ක් වූයේය. එහෙත් ආණ්ඩුවට අය කරගත හැකි වූයේ බිලියන 1,600ක් පමණි. එමෙන් දෙගුණයකටත් වඩා වැඩි බදු ආදායමක් 2023 වර්ෂයේදී අය කර ගන්නා බව ආණ්ඩුව ප්‍රකාශ කර ඇතත් එය පිළිගත නොහැකිය.
අනෙක් පැත්තෙන් ආණ්ඩුවේ වියදම් වශයෙන් බිලියන 7,879 දක්වා ඇතත් භාණ්ඩාගාර බිල්පත් සඳහා ගෙවිය යුතු බිලියන 3,879 ඊට ඇතුළත් කරන නැත. රාජ්‍ය ණය හංගා කරන මේ ඉලක්කම් සෙල්ලම මේ රටේ ආණ්ඩු හැමදාමත් කර තිබේ. ලෝකයේ අය-වැය සම්බන්ධයෙන් පසු විපරමක් නැති එකම රට ලංකාවය. ඉකුත් වසරේ අය-වැය සම්බන්ධයෙන් සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව දැනුවත් කිරීමක් නොකර ඊළඟ වසරේ අය-වැය ඉදිරිපත් කිරීම සෑම ආණ්ඩුවක්ම දිගින් දිගට කරගෙන යමින් සිටී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මුදල් බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට බව පැවැසීම මුළාවකි. හැමදාමත් මේ රටේ මුදල් බලය පැවැතියේ විධායක ජනාධිපතිවරයාට සහ ඔහුගේ කුස්සි කැබිනට්ටුවටය. මෑත කාලයෙහි වුවද ආණ්ඩුව බිලියන-ටි්‍රලියන ගණනින් මුදල් අච්චු ගැසුවේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් නොවේ. මධ්‍යම රාත්‍රියේ 12.00ට ඇමරිකාවේ නිව් පෝට්‍රස් සමාගම සමඟ එල්. එම්. ජී. බලාගාරය සඳහා ගිවිසුම් අස්සන් කළේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරවය.
අඩු තරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අපට ඇති තරම් ඩොලර් තිබෙනවා යැයි පුන පුනා කියද්දී ඇත්ත වශයෙන්ම විදෙස් මුදල් සංචිත හිඳී තිබුණු බව මුදල් බලය සතු පාර්ලිමේන්තුව දැන සිටියේ නැත. හරි නම් කළ යුත්තේ එතෙක් – මෙතෙක් මුදල් ඇමැති තනතුරු දැරූ අයගෙන් දැනට ජීවත්ව සිටින්නන් අල්ලා එකම කූඩුවක දමා රටකට කළ මූල්‍ය විපතට නඩු පැවැරීමය.
පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය සහතිකකරණ රාජ්‍ය ව්‍යවසාය කාරක සභාව (කෝපා) සහ පොදු ව්‍යවසාය කාරක සභාව (කෝප්) ජනතාව රවටන කඩදාසි කොටි බව මතක තබාගත යුතුය.