ලංකාව මුහුණදෙන අර්බුදයට විසඳුම කුමක්ද? සරත් ඉද්දමල්ගොඩ පියතුමාට පිළිතුරක්

-අජිත් පැරකුම් ජයසිංහ
මා ගරු කරන විමුක්ති දේවධර්මවාදියකු වන සරත් ඉද්දමල්ගොඩ පියතුමා පවතින අර්බුදයට මා යෝජනා කරන විසඳුම් මොනවාදැයි ඇසීය.
ඔහු වැනි කෙනෙකු ඇහුවාම අනිවාර්යයෙන් උත්තර දෙන්නට ඕනැ නිසා මේක ලිව්වෙ ෆෝන් එකෙන්. ලයිට් නැතුව. බැට්‍රිය 5%යි. පැය එකහමාරක් විතර අඳුරෙ මහන්සි වුණා. කෙනෙකුට මේකට හාහා රියැක්ෂන් එකක් දාන්න මගේ නම විතරයි බලන්න ඕනැ. ඒ නිසා කියවා විවේචනය කරන්න. විකල්පය මේකයි:
1. ප්‍රශ්නයට හේතුව හොයාගන්න ඕනැ. ඇත්ත හේතුව ඔය ජනප්‍රිය හේතු නොවෙන්න පුළුවන්. ලංකාව දීර්ඝ කාලයක් විවෘත වෙළඳපොළෙන් අධිපොළී ණය ගත්තා. ඒ සල්ලිවලින් ඉදිකිරීම් කළා. ඒකෙන් කොමිස් ව්‍යාපාරයකුයි, ඉදිකිරීම් කර්මාන්තයකුයි සරුවුණා. කරපු සමහර ව්‍යාපෘතිවලින් ආදායම් නැහැ.
2. එසේ ණයට ගත් මුදල් විදේශ සංචිතවල දාලා, ඒව පෙන්නලා තව ණය ගත්තා. ණය ගෙවන්නත් තව ණය ගත්තා.
3. ජනගහනයෙන් 10%ක් විතර පිරිසකට රජයේ රස්සා දුන්නා. ඒවයෙ වැඩ අඩුයි. ලාභය වැඩියි. ඉහළ නිලධාරීන්ට හා දේශපාලකයන්ට අමතර වරප්‍රසාද සහ දූෂණයට අවස්ථාත් දුන්නා. ඒකෙන් ශක්තිමත් අතරමැදි පන්තියක් හැදුණා. ඒගොල්ලන් තමයි රාජ්‍යයේ අයිතිකාරයන්. ඔවුන් වැඩකරන ජනතාව සූරාකන ගමන් ව්‍යවසායකයන්ට වෛර කරනවා. ඔවුන් අදහස් අතින් යැපෙන්නෙ ජව්පෙ මත. ඔවුන්ට ප්‍රමුඛ ඔවුන්ගේ වරප්‍රසාද විතරයි. ඒවා තිරසර කරගන්න තරම්වත් ප්‍රතිසංස්කරණයකට ඉඩදෙන්නෙ නැහැ. ඔවුන් නඩත්තු කළෙත් පිටරටින් ගත්ත ණයෙන්.
4. මේ අතර විදේශ සංචිත වැය කරමින් දිගින් දිගටම රුපියල ශක්තිමත් කළා. ඒ කියන්නෙ රට තුළ භාණ්ඩ මිල කෘත්‍රිමව අඩුවෙන් තියාගත්තා.
5. මේ අතර වැඩි මිලට ආනයනය කරපු ඉන්ධන, ගෑස් වැනි දේ අඩුමිලට විකුණලා හිඟය රජය ගෙව්වා. අපි කාලා, බීලා, ට්‍රිප් ගිහින් ජොලියෙ හිටියා. විදේශ විනිමය ක්ෂය වුණා.
6. විදේශ ශ්‍රමිකයන් එවන ප්‍රේෂණ, සංචාරක ව්‍යාපාරයේ ආදායම්, අපනයන ආදායම් ආදියෙන් ෂේප් වෙවී ගියත්, ලංකාව සමස්තයක් ලෙස අපනයන ආදායම වගේ දෙගුණයක විතර වටිනාකම සහිත ආනයන කළා. වැඩියෙන්ම ආනයනය කළේ ඉන්ධන.
7. පාස්කු ප්‍රහාරය, දින 52 කුමන්ත්‍රණය ආදිය නිසා විදේශ ආදායම් බිඳවැටීමෙන් ණය ආපසු ගෙවීම අස්ථාවර වුණා. ණය ගැනීම දුෂ්කර වුණා.
8. කොවිඩ් වසංගතය ආවා. ලෝකය මෙතෙක් ඉතිහාසයේ වසංගතවලට මුහුණදුන් ආකාරය නොතකා බොරුවට බයවුණා. ඇතැම් වෘත්තිකයන් සමාජය බියවැද්දුවා. කොවිඩ් ධනවාදයට ලංකාව බහුතර කැමැත්තෙන් රට පාවාදුන්නා. ආර්ථිකය විසින් ලබාගත හැකිව තිබුණු අවස්ථා රටට අහිමි වුණා.
9. විදේශ ආදායම් හා ආයෝජන අවම වුණා. ණය ආපසු ගෙවන්න බැරිවුණා. රට බංකොළොත් වුණා.
10. රාජ්‍ය ත්‍රස්තවාදය හා කෝපයට පත් ජනතාවගේ ත්‍රස්තවාදය නිසා ආර්ථික හා දේශපාලන අවස්ථා විනාශ වුණා.
දැන් බලමු මෙතැන් සිට අපි මොකක්ද කරන්න ඕනැ කියලා.
1. ඡන්ද තියන්න සල්ලි නැහැ. ඒ නිසා සාකච්ඡාවෙන්, සම්මුතියෙන් ස්ථාවර ආණ්ඩුවක් හදාගන්න ඕනැ. නැතිනම් තියෙන එකෙන් අවශ්‍ය කාර්යයන් කරගන්න ඕනැ. කාලය, ශ්‍රමය, සාමය පිරිමසාගන්න ඕනැ.
2. ජනතාවක් විදියට අපි මේ අර්බුදෙන් ගොඩඒම ගැන බැරැරුම් විදියට හිතන බව ලෝකයට පෙනෙන විදියට අපේ චර්යාවන් වෙනස් කරගන්න ඕනැ. ඒ කියන්නෙ ණයට අරන් ජොලිය දාන එක නවත්තන්න ඕනැ.
2. විදේශ රටවලින්, ජාත්‍යන්තර සංවිධානවලින් උදව් ගන්න පුළුවන් විදියට ආර්ථිකය හැඩගස්වාගන්න ඕනැ.
3. අපනයන ආදායමේ මට්ටමට වඩා ආනයන කරන්නට බැරි බව තේරුම් අරගෙන හැමෝම නාස්තිය දුරුකරලා, අරපිරිමැස්මෙන් කටයුතු කරන්නට ඕනැ.
4. ඉන්ධන, පොහොර, බෙහෙත් වැනි ආනයනික දේ උපරිම ඵලදායීතාවෙන් භාවිතා කරන්නට ඕනැ.
5. රටේ සාමය රැකගෙන සංචාරක කර්මාන්තය නැවත පණගන්වන්නට ඕනැ.
6. හැකිතරම් පිරිස් විදේශ රැකියාවලට ගිහින් රටට ප්‍රේෂණ එවන්න ඕනැ.
7. රාජ්‍ය වියදම්, නාස්තිය, දූෂණය අවම කරමින් ඵලදායිතාව නංවන්නට ඕනැ.
8. රාජ්‍ය සේවය වෙනුවට හැම මට්ටමකදිම ව්‍යවසායකත්වය දිරිගන්වන්න ඕනැ.
9. අපනයන නංවන්නට ඕනැ. නිෂ්පාදනය වැඩිකරගන්න ඕනැ.
10. අසුබවාදය අතහැරලා මෙය වෙනස්වෙන්නත්, තිරසර ක්‍රමයකට මුලපුරන්නට අවස්ථාවක් ලෙසත් සලකන්න ඕනැ.
දේශපාලන ප්‍රතිසංස්කරණ, බල හුවමාරු ආදිය වෙන්න ඕනැ ඔය සංදර්භය ඇතුළෙ. ඒවා කරන්න වෙන්නෙ පාර්ලිමේන්තුවේ බල තුලනය අනුව තමයි. එහෙම නැතිනම් අලුත් මැතිවරණයකට යන්නට වෙනවා. සෙනගෙ බලය නෙමෙයි බුද්ධියේ බලය මතුකරගතහැකි විදියට ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න ඕනැ.
මං දැනුත් ඉන්නෙ විප්ලවීය සමාජ වෙනස්කම් එක්ක. මේ මොහොතෙ නම් ඒක මධ්‍යම පන්තික සිංහල බෞද්ධ ගොවිගම පිරිමි ආධිපත්‍යයෙන් යුත් සුබසාධනවාදී ජාතික සමාජවාදී රාජ්‍යය බිඳ දමා අලුත් නිෂ්පාදන මාදිලියක් හැදීම. ඒක දැන් ජයට වෙනවා. ඒක නවත්තන්න පුළුවන් කිසිම ජගතෙක් නැහැ.
විප්ලවය තමයි මේ වෙන්නෙ. වැඩකරන ජනතාව අතට බලය ගැනීමෙන් ඒක සම්පූර්ණ වෙනවා නම් හොඳයි. ඒ වෙනුවට ව්‍යවසායකයන් අතට බලය යන්න පුළුවන්.

Janathawa thawama piripun nethi nisaa , balaya vyawasaarakayan athata pathwunoth yeheki .
Nispaadana kriyaawaliyakata awassy prasaatha thaksanaya owhuo mudal gewaa wurthikayangen labaagatha yuthula .
Aese nokoloth ” aiyi salli ” wenawa .
රජයේ සේවකයන්ට අගමැති රනිල් කියන්නේ සිකුරාදා නිවෙසේ සිට වගා කරන්නටය. ගෙවතු වගාව යනු රටක පුරවැසියන්ගේ විනෝදාංශයක් මිස රටේ ආහාර නිෂ්පාදන මාර්ගයක් නොවේ. කෘෂිකර්මය යනු කර්මාන්තයකි. ඕනෑම කර්මාන්තයක නිරත වන්නේ එයට නිපුණත්වයක් තිබෙන පුහුණු ශ්‍රම හමුදාවකි. ඒ හා සමඟ බැ¾දුණු ආර්ථික ක්‍රියාවලියක් තිබේ. අපි වවමු කියා පෝච්චියක මිරිස් පැළ කිහිපයක් සිටුවා ළඟ එන සාගතයට මුහුණ දිය නොහැකිය. සාගතයට මුහුණ දිය හැක්කේ ආණ්ඩුව විසින් විනාශ කළ කෘෂිකර්මාන්තය විධිමත් වැඩපිළිවෙළක් යටතේ යළි නඟා සිටුවීමෙනි.
සිරිමා බණ්ඩාරනායක අගමැතිනියගේ 1970 – 77 පාලන සමයේද වගා සංග්‍රාමයක් තිබිණි. සිකුරාදාට බත් කෑම තහනම් කළ අතර රජයේ කාර්යාල, පාසැල්, පන්සල්වලද වගා කළේය. නමුත් රට ස්වයංපෝෂිත වූයේ නැත. එදාද වගා සංග්‍රාමය මාධ්‍ය සන්දර්ශනයක් පමණක් විය. රටට ආනයනය කළ ආහාර ප්‍රමාණය ඉහළ ගියා මිස පහත වැටුණේ නැත. මහ බැංකු වාර්තාවලට අනුව 1970 සහල් මෙටි්‍රක් ටොන් 5,28,000ක් ආනයනය කර ඇති අතර 1977 වන විට එය මෙටි්‍රක් ටොන් 5,34,000 දක්වා ඉහළ ගියේය. තිරිඟු පිටි ආනයනය මෙටි්‍රක් ටොන් 5,76,000 සිට 8,03,000 දක්වා ඉහළ ගියේය. සිරිමාගේ වගා සංග්‍රාමය මහිමය ගැන බොහෝ දෙනා කතා කරන්නේ දත්ත සංඛ්‍යා ලේඛන පදනම් කරගෙන නොවේ.
ආණ්ඩුව රටේ කෘෂිකර්මයට කළ විනාශය ජනතාව මත පටවමින් සිටී. පාලනය අරා වැජඹෙන කුසීත මහල්ලන් අධි පෝෂණය නිසා කඳ බඩ තරව බෝ නොවන රෝග සඳහා පෞද්ගලික රෝහල් සායනයන්හි කල් මරද්දී දුප්පතුන්ගේ දරුවන් හාමතේ මියයනවා නම් අරගල කරනවා මිස පුරවැසියන්ට වෙනත් විකල්පයක් නැත.