Mahinda caricature by Ajith Perakum Jayasinghe

රාජපක්ෂවාදය කියන්නෙ විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ අනුදත් ක්‍රමය. ඒක ඇතුළෙ තවත් ඒවාත් සමග පහත දැක්වෙන ලක්ෂණ මං දකිනවා.

1. රාජ්‍ය ධනවාදී ආර්ථිකය: රාජ්‍ය ව්‍යවසායවලට හා සේවාවන්ට මුල්තැන, විශාල රාජ්‍ය අංශය, රැකියා ප්‍රමිතිය රජයේ සේවය මත පදනම්ව නිර්මාණය වීම, ඉහත දැක්වෙන හේතු නිසා ආණ්ඩුව හා නිලධාරි තන්ත්‍රය බලවත් වීම.

2. රාජ්‍ය සේවය දේශපාලනීකරණය: රජයේ ශ්‍රම සම්පත් හා දේපල ආණ්ඩුවේ දේශපාලනික අරමුණු වෙනුවෙන් අපහරණය කිරීම.

3. ඉහළ සිට පහළ දක්වාම පැතිරුණ දූෂණය හා දේශපාලනය සමග එහි ඍජු සම්බන්ධය,

4. මෙගා සංවර්ධන ව්‍යාපෘති සහ ඒ සමග බැඳුණු කොමිස් ජාවාරම්.

5. විවෘත මූල්‍ය වෙළඳපොළෙන් ලබාගන්නා ගිනි පොළී ණය

6. ආනයන සීමා

7. පෞද්ගලිකකරණ විරෝධය

8. අඩු ඍජු බදු හා වැඩි වක්‍ර බදු

9, නිසි ලෙස ඉලක්කගත නොකරන ලද නාස්තිකාර සහනාධාර

10. සංදර්ශනකාමය හා මොබ් ප්‍රවර්ධනය

11. සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි ස්වෝත්තමවාදය

12. භික්ෂූන් හා වෙනත් පූජකයන් උත්කර්ෂයට නැගීම

13. ගැමිකම හා ගොවිතැන උත්කර්ෂයට නැගීම

14. බටහිර විරෝධය

15. මානව හිමිකම් විරෝධය

16. නිල හා නිල නොවන මරණීය දණ්ඩනය, අතුරුදහන් කිරීම් ආදිය විශ්වාස කිරීම

17, ජනප්‍රියවාදයට යට වීම

රාජපක්ෂවාදයට විරුද්ධත් ඉහත දක්වන ලද හේතු හා අනෙකුත් හේතු මතම තමයි.

2 thoughts on “රාජපක්ෂවාදය

  1. මෙරට සෑම පවුල් පහකින් හතරක්ම තමන් දෛනිකව ගන්නා ගන්නා ආහාර වේල් තුනෙන් එකක් මඟ හැරීමට හෝ ගන්නා ආහාර ප‍්‍රමාණය අඩු කිරීමට පුරුදු වී ඇතැයි ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ සඳහන් වේ.

    ශ‍්‍රී ලංකිකකයන් මිලියන 6.3ක ප‍්‍රමාණයක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් ජූලි මස සිට දෙසැම්බර් මස දක්වා ශ‍්‍රී ලාංකිකයන් මිලියන 3.4කට සහාය වීම සඳහා අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් මිලියන 63ක මුදලින් තවමත් ලැබී ඇත්තේ ඩොලර් මිලියන 21.35ක් බවත් එම වාර්තාවේ දැක්වේ.

    ශ‍්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් තවමත් ශ‍්‍රී ලාංකිකයන් පීඩා විඳින බවත් කොළඹ නගරය සහ ඒ අවට ප‍්‍රදේශයන්හි අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ගණන් තවමත් ඉහළ මට්ටමක පවතින බවත් ලෝක ආහාර වැඩසටහන නිකුත් එම වාර්තාවේ සඳහන් වී ඇත.

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජූලි මාසයේ 60.8%ක් වූ උද්ධමනය අගෝස්තු මාසයේදී 64.3% දක්වා ඉහළ ගොස් ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

    මේ හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව තවත් නරක අතට පත්වේ යැයි බියක් තිබෙන බව ලෝක ආහාර වැඩසටහන සිය වාර්තාව මගින් පෙන්වා දෙයි.

    ශ‍්‍රී ලංකාවේ ඉන්ධන හිඟය දේශීය වෙළඳපොලේ සැපයුම් දාමයට බාධා එල්ල කර ඇති අතර වෙළඳපොලේ දේශීය භාණ්ඩවල මිලට ඒ හේතුවෙන් පීඩනයක් එල්ල වී ඇතැයි එම වාර්තාවේ දැක්වේ

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: