National flags

අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය තීරු ලිපිය – ලංකා පුවත්පත

මෙම සටහන ලියන්නේ නිදහස් දවසේ සවසයි. නිදහස් සමරුව කියන්නේ ආගමික නොවන අභිචාරයක්. එහෙත්, ජාතිකවාදය නම් දෘෂ්ටිවාදයත් සමග නිදහස බැඳී තිබෙනවා. නිදහස කියන්නෙ ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියේ වැදගත් අවස්ථාවක්.

Translations by Creative Content Consultants

ඩොමීනියන් තත්වයේ සිටි ලංකාව නිල වශයෙන් පූර්ණ නිදහස්භාවය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා ජනරජය බවට පත් වුණේ 1972දීයි. වසර 1978දී එය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික, සමාජවාදී ජනරජය නමින් ලිබරල් ධනවාදයට වැඩි නැඹුරුවක් සහිත රාජ්‍යයක් බවට පත් වුණා.

1976 මැයි 14දාත් ලාංකික ජාතික රාජ්‍යය සම්බන්ධයෙන් වැදගත් දිනයක්. වඩුක්කොඩෙයි යෝජනාව සම්මත වුණේ එදායි. ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ නිජභූමිය මත ඊලාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා ස්වයං නිර්ණ හිමිකම මත පදනම් වූ අරගලයට සුජාතභාවය ලැබුණේ වඩුක්කොඩෙයි සමුළුවේදීයි. ඉංග්‍රීසීන් විසින් අර්ධ වශයෙන් ගොඩනගන ලද ලංකා රාජ්‍යය සුළුතර ජාතීන්ට සමාන අවස්ථා ලැබෙන ආකාරයට ප්‍රතිසංස්කරණය කරගැනීමට දෙමළ ජනතාව දීර්ඝකාලීනව අරගල කළා. බොහෝ සිංහලයන් විසින් ජාතිවාදී ඉල්ලීමක් ලෙස හෙළා දකිනු ලබන පනහට පනහ ඉල්ලීමෙන් අපේක්ෂා කළේ මහජන නියෝජනයෙන් සිංහලයන්ට සියයට 50ක් සහ සෙසු සියලු සුළු ජාතීන්ට සියයට පනහක් ලෙසයි. එහෙත්, වාර්ගික නියෝජනය වෙනුවට බහුතර ප්‍රජාතන්ත්‍රවාදය මහජන නියෝජනය වෙනුවෙන් තෝරාගැනීම අප කළ යහපත් තෝරාගැනීමක් ලෙස සැලකිය හැකියි.

සිලෝන් ලංකාව වී ශ්‍රී ලංකාව ලෙස දෙවරක් ම නාමකරණය වුණත්, ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනගාගැනීමට අප සමත් වුණේ නැහැ. ගුවන් ගමන් බලපත්‍රයේ ශ්‍රී ලාංකික ලෙස සඳහන් වූවාට අප තවමත් සිංහල, දෙමළ, මුස්ලිම්, වැදි, බර්ගර්, මැලේ ආදී ජනවර්ගයි. දියුණු වන විට වාර්ගික අනන්‍යතාවන් මුළුමනින් ම අහෝසි විය යුතු බවක් මෙයින් අදහස් වන්නේ නැහැ. මා අදහස් කරන්නේ අප දියුණු ජාතියක් වන්නේ ජනවාර්ගික අනන්‍යතාවන් රැකගන්නා ගමන් ම වඩා පුළුල් දේශපාලන ප්‍රජාවක් ගොඩනගාගැනීමට සමත් වන්නේ නම් පමණයි. අවාසනාවට එය සිදු වී නැහැ.

වසර 2020 වන විට අප ඉන්නේ ශ්‍රී ලාංකික රාජ්‍යය තුළ සිංහල-බෞද්ධ-ගොවිගම-විෂම ලිංගික පිරිමි ආධිපත්‍යය ඉතිහාසයේ කවර කලෙකටත් වඩා තහවුරු වූ යුගයකයි. 72වන නිදහස් සමරුව සම්බන්ධයෙන් වැදගත් ම සංවාදය ගොඩනැගුණේ ජාතික ගීය දෙමළෙන් ගායනා කළ යුතු ද නැද්ද යන්න ගැනයි. ජාතික ගීය දෙමළෙන් ගායනා නොකිරීමටත් වඩා නරක තත්වය වන්නේ දෙමළ ජනතාව එය පයිසෙකට ගණන් නොගැනීමයි. නිදහසින් වසර 72කට පසුව පවා අප තවමත් වාද විවාද කරන්නේ ආණ්ඩුව තුළ දෙමළ, මුස්ලිම් පක්ෂවලට තැනක් දිය යුතු ද නැද්ද කියා ය. ප්‍රජාතන්ත්‍රවාදයේ දියුණු අවධියක් වන කෞශල්‍යතන්ත්‍රවාදයට හෙවත් මෙරිටොක්‍රසියකට යාමට අපට හැකි වී නම් පාර්ලිමේන්තුවේ වාද විවාද කරනු ඇත්තේ කුමන ජාතියක, ආගමක, කුලයක හෝ ලිංගයක හෝ දක්ෂ මිනිසුන් ය.

නිදහස වෙනුවෙන් ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යයෙන් ලැබුණු ඓතිහාසික තිලිණයක් වූ කතානායක පුටුවේ කූලිච්චම මතට වතුර හලන ප්‍රසන්න රණවීරගේ සිට එම පුටුව බිම දමාගෙන එය පතුරු ගසන විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ දක්වා ම මහජන නියෝජිතයන් වෙතින් සංකේතවත් වන්නේ නිදහසින් අප ලැබ තිබෙන දායාදයයි.

ඉතින් අප සැබෑ නිදහසක් දිනාගන්නේ කවදා ද? පිළිතුර සරල ය. ජාති, ආගම්, කුල, ලිංග භේදයකින් තොරව දක්ෂ මිනිසුන් අපේ රට පාලනය කරන දවසේ ය. දක්ෂ, බුද්ධිමත් මිනිසුන් නිදහසට ඇති බාධක මගහරවා ගනු ඇත.

Translations

1 thought on “නිදහස් සිතුවිලි

  1. Sulu jaathikayan pamanak nowa maha jaathiyada den den nidahasa yei pawasana dea menma NIDAHASA SEMARUM UTHSAWA pawaa paisekata ganan noganna bawa pasak wea .
    Issara oya uthsawe vidinna kalwelaa balaa lakaleasthiwana janayaa den alpai .
    Yomuwana ayada vedihariyak yomuwanne nidasas pramodayakata nowa , ehidie monowa hari vijjumbarayak ahamben ho dekieme kukusini !

Leave a Reply to Sarath warnakulasuriya Cancel reply

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: