JVP cartoon

අජිත් පැරකුම් ජයසිංහ

දක්ෂ කාටුන් ශිල්පියකු වුණත් අවන්ත ආටිගලගෙ කාටුන්වලින් ඇතැම්විට ප්‍රකාශ වෙන්නෙ පටු දේශපාලනික අදහස් බව ඇත්ත. ඒ වුණාට ජවිපෙ මේ කාරණය ගැන ඇත්තටම ගැඹුරින් විමසිය යුතුයි. මෙහෙම වෙන්නෙ ඇයි?

මෙහෙම වෙන්න හේතු මොනවද? මේ වගේ රැස්වීමකට ගියපු අය විතරක් නෙමෙයි ඒ රැස්වීමෙ ඡායාරූපයක් ෆේස්බුක්වල ෂෙයා කරපු පිටරට ඉන්න අය පවා එදා ඉඳන් ඉන්නෙ හරියට සෝවාන් වුණා වගේ චූන් එකක. එතන ඉඳන් උන් මාර සුප්‍රබුද්ධ වෙලා අනෙක් එවුන් බල්ල මාක් එකට දාලා කතාකරනවා. හැබැයි, අවට ඉන්න එවුන් දන්නවා මේ පොරවල් වැඩිදෙනෙකුගේ කැරැට්ටුව. හුඟක් එවුන්ගෙ ඒක අජූතයි. ඒ වුණාට උන් හැසිරෙන්නෙ බෝන් අගේන් වෙච්ච එවුන් වගේ. එවුන් පිටියට බැස්සාම උන්ට එකතුවෙන්නෙ ඒ ජාතියෙම එවුන් තමයි. එහෙම එවුන් එකතුවෙන්න එකතුවෙන්න තව සෑහෙන පිරිසක් උන්ගෙ උජාරුව බලන්න බැරුව අයින් වෙනවා. ඕක තමයි සරලවම කතාව.

පුද්ගල උදාහරණ ඕනැ තරම් දෙන්න පුළුවන්. රැල්ල නැගල එනකොට එකතුවෙන පිරිස් අතරින් මේ වගේ අය ඕනැතරම් හඳුනාගන්නට පුළුවන්. ඒ අය බොහෝවිට පෙනී හිටින්නෙ තමන් අතීතයේ සත්‍යය අවබෝධ කරගෙන නොසිටි බව හා දැන් තේරී ඇති බව කියමිනුයි. රැල්ලට සත්‍යය අවබෝධ වෙන බොහෝ දෙනෙකුට 2004 රැල්ලෙදිත් ජවිපෙ නිවැරදි බව අවබෝධ වුණා. හැබැයි ඒ අතරින් හුඟක් දෙනෙකුට 2015දී අවබෝධ වුණේ ගෝඨාභය රාජපක්ෂ නිවැරදියි කියලායි.

ජවිපෙ විවෘත වෙන එක හොඳ දෙයක්. එතනදි ජවිපෙ මිනිස් වෙල්ලා හැලියක් වෙන එකත් වළක්වන්න බැහැ. අවුල තියෙන්නෙ වෙල්ලාවෙ බැහැල ආපු අයගෙ උජාරුව. ඒගොල්ලන් පෙනී ඉඳින්න හදන්නෙ තමන් වියපු ගමන් සුදු පිරුවටය කියලායි. ඒක අවුල්. මොකද, සමාජය ඒ ගැන දන්නවා. මේ කාරණා ජවිපෙ නායකත්වයට වුණත් අදාළයි.

අනුර කුමාරව දේවත්වයට ඔසවා තබන්නට දරන ඇතැම් උත්සාහයන් වගේම, ඒ දේවත්වය ප්‍රවර්ධනය කරන්නට හදන අයම ඉන්පසු ඔහුගේ නිහතමානීකම පෙන්නන්නට හදන ආකාරයත් තරමක් විහිළු සහගතයි. මෙවැනි විහිළු පුද්ගල ප්‍රතිරූප ගොඩනැගීමේ ක්‍රියාමාලාවලදි සිදුවෙනවා. ඒවා එච්චර සීරියස් ගන්න ඕනැ නැහැ. අනුර කුමාර දිසානායක ලංකාවේ රාජ්‍ය නායකත්වය සඳහා සුදුසු නායකයකු බවට විවාදයක් නැහැ. එහෙත්, ඔහු ඉතිහාසය විසින් බිහිකරන ලද අමුතුම නිර්මාණයකුත් නෙමෙයි. ඔහුගේ මූලික දුබලකම ලෙස මා දකින්නේ දියුණු දැක්මක් නැතිකමයි. එවැනි තවත් නායකයනුත් ඉන්නවා. මෙතෙක් ලංකාවේ රාජ්‍ය නායකයන් වූ අය අතරිනුත් බහුතරය එවැනි අයයි.

සමහරවිට ජවිපෙට ආපසු 2004 වගේ රැල්ලක් ඇතිකරගන්නට පුළුවන් වෙයි. 2004 රැල්ලෙන් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වුණ 39 අතරින් වර්තමානයේදීත් ජවිපෙ එක්ක ඉන්නෙ අනුර, විජිත, ලාල්, හඳුන්නෙත්ති, විද්‍යාරත්න වැනි කීපදෙනෙකු පමණයි. ඒ වෙලාවේ ජවිපෙන් කැඩීගිය ඇතැම් බලලෝභීන් රැල්ල නැගලා ගියොත් නැවත ජවිපෙ සමග එක්වෙන්නට වුණත් ඉඩ තියෙනවා. මෙවැනි රැලිවල එල්ලී ජවිපෙ කර මතින් පාර්ලිමේන්තු යාමට කැමති ෂෝට්කට් බලලෝභීන් බොහෝදෙනෙකු දැන් ජාතික ජන බලවේගයේ උජාරුකාරයන් වී තිබෙනු දැකිය හැකියි. එයින් අවසානයේදී ජාතික ජන බලවේගය හරහා පාර්ලිමේන්තු යා යුතු බුද්ධිමතුන් සැලකිය යුතු පිරිසකට අසාධාරණයක් සිදුවෙනවා.

කොහොම වුණත්, මේ පරණ කතා අලුත් පරපුර දන්නෙ නැහැ. ඒ නිසා ජවිපෙ ගැන බලාපොරොත්තු තියන අලුත් පරපුරක් හදාගන්න බැරිකමක් නෙමෙයි. ඒ වුණත්, ජවිපෙ එක්ක සෙට්වෙලා ඉන්න සෝවාන් වෙච්ච අනුගාමිකයන් සෙසු සමාජය සම්බන්ධයෙන් නිර්මාණය කරන විභේදනය නිසා ජවිපෙට එරෙහිව කැම්පේන් කරන්න්නන් සංඛ්‍යාවත් වේගයෙන් වැඩිවෙන්නට පුළුවන්. ජවිපෙ නායකත්වය ඒ ගැන අවධානය යොමුකරනවා නම් ඒක හොඳ තත්වයක්. අඩුගානෙ ජාතික ජන බලවේගයේ ලිබරල් නායකයන්ට හරි පුළුවන් ඒ ගැන අවධානය යොමුකරන්නට.

කෙසේ වෙතත්, ප්‍රගතිශීලී දේශපාලනය තියෙන්නෙ තමන් ළඟ විතරක්ය කියන ස්ටාලින්වාදී මුලාව ජවිපෙ නායකයන් හරි අත්හැර දමනවා නම් හොඳ දෙයක්. එය විශේෂයෙන්ම නායකයන්ගේ ප්‍රකාශවලින් සන්නිවේදනය විය යුතුයි. ජවිපෙට රැල්ලක් ඇතිවෙන්න පුළුවන් වගේම ගෝඨාභය රැල්ල වගේ බැහැලා යන්නත් පුළුවන්. ඒ නිසා තිරසර අනාගතයක් වෙනුවෙන් ජවිපෙ සෙසු ප්‍රගතිශීලී බලවේග සමග වැඩකරන්නට සූදානම් විය යුතුයි.

1 thought on “ජවිපෙට රැල්ලක් එයිද?

  1. Athietha chandawaladie , javipeta thibune ardtha naagarika pedeswala siemitha chandayan .
    Namuth nesamayehi wasara 74 k rata runkarapu gobilange petikiriya hondinma dannaa nisath , aarthika vyasanayen betakana hema minihekma mewara viplavieya satanak paare menma chandayenuth die come or go cjikago pannaye wedak diemata balang inna bawa pehediliy .

Leave a Reply to Sarath warnakulasuriya Cancel reply

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: