ඔක්සිජන් තිබිල වැඩක් නැති ජනප්‍රියවාදය හා නායකත්ව ප්‍රජාතන්ත්‍රවාදය

අජිත් පැරකුම් ජයසිංහ
මෙම ලිපිය අග පළ වන වීඩියෝව ලොකු දේශපාලන විග්‍රහයකට පදනම සපයනවා. මහජන නියෝජිතයින්, නිලධාරීන් හා ප්‍රජාව අතර කඩොලාන පරිසරයක් සම්බන්ධයෙන් ගත යුතු පියවර සම්බන්ධයෙන් සිදු වන සාකච්ඡාවකදී වනජීවී නිලධාරිනියක යයි සිතිය හැකි කාන්තාවක් කරන අභීත අරගලයක් හා ජනප්‍රිය මොබ් එකක් හෙවත් අයුතු ජනරාශියක් ඇයට ප්‍රතිචාර දක්වන ආකාරය එහි දැක්වෙනවා. එය මෙතැනින් බැලිය හැකියි >>
වර්තමාන මහජනතාව හා මහජන නියෝජිතයන් ය කියන පුද්ගලයන්ට ඕනැ විදියට රට හා ලෝකය පාලනය කළොත් ලෝකයට හා මානව වර්ගයාට කුමක් වෙයි ද?
ප්‍රජාතන්ත්‍රවාදය සාමාන්‍යයෙන් අර්ථ දැක්වෙන්නේ පරමාධිපත්‍ය බලය ජනතාවට පවරා දී එම බලය ඍජුව හෝ නියෝජනය මගින් පාවිච්චි කිරීමයි. වඩා සරලව කිව්වොත්, යම් සමාජ ඒකකයක් තුළ බහුතර කැමැත්ත ක්‍රියාත්මක කිරීමයි.
බහුතර කැමැත්ත හැම විට ම නිවැරදි නොවන මුත්, සමාජයේ පහළ මට්ටම දක්වා ම බලය බෙදාගැනීම හෝ විමධ්‍යගත කිරීම හැර වෙනත් විසඳුමක් නැති බවයි පෙනෙන්නේ. උදාහරණයක් ලෙස සුළුතර ප්‍රජාවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මධ්‍යය වෙත නියෝජනයක් ලබාගන්නට නම් ඔවුන් වෙත බලය විමධ්‍යගත කිරීම හැර වෙනත් විසඳුමක් නැහැ. භූගෝලීය නියෝජනය හැම තිස්සෙම නිවැරදි නැත්තෙ ඒ නිසායි.
උදාහරණයක් විදියට ලංකාවේ රට පුරා විසිරුණු ඇතැම් කුල ප්‍රජාවන් ඉන්නවා. ඔවුන් කුල වශයෙන් සංවිධානය වෙලාත් තිබෙනවා. එහෙම වෙන්නෙ ඒ කුල අනන්‍යතාව වැදගත් නිසා. එම අනන්‍යතා අහෝසි වෙලා ගිහින් නැති නිසා. උදාහරණ දෙකක් තමයි වහුම්පුර සහ නවන්දන්නා කියන කුල. මේ කුලවල ජනගහනය ලංකාවේ ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයන් වුණත්, එම පදනම්වලින් ඔවුන්ට ප්‍රමාණවත් මහජන නියෝජනයක් නැහැ. ඇතැම් කපටි දේශපාලනඥයන් ජනාධිපති, අගමැති වැනි බලාධිකාරීන් වෙත ළංවෙන්නට මෙම අනන්‍යතා ඔස්සේ තමන්ට එම ජනතාව නියෝජනය කළ හැකි බව පෙන්වනවා. සජින් වාස්, මහින්දානන්ද, ජොන්ස්ටන් වැනි අය එවැනි අනන්‍යතා භාවිතා කර ඉදිරියට ආපු අය.
ඔක්සිජන් මොකටද කියල අහන මහජන නියෝජිතයන්ට ඕනැ විදියට රට හා ලෝකය පාලනය විය යුතු ද? එතකොට, මානව වර්ගයා හමුවේ තිබෙන ගැඹුරු ප්‍රශ්න අධ්‍යයනය කරන විශේෂඥයන්ගේ, විද්‍යාර්ථීන්ගේ, බුද්ධිමතුන්ගේ, ක්‍රියාකාරිකයන්ගේ අදහස් වැදගත් නැද්ද? පාලනය වෙත එම අදහස් නියෝජනය කරන්නේ කවුරු ද? කොහොම ද? දේශපාලකයන් එය නොකර, ජනප්‍රියවාදයන් පසුපස යන එක හරි ද?
ලංකාවේ වත්මන් ආණ්ඩුව ජාතිවාදය, ආගම්වාදය, මුස්ලිම් විරෝධය, සමලිංගික විරෝධය, රාජ්‍ය නොවන සංවිධාන විරෝධය, බටහිර විරෝධය වැනි ජනප්‍රියවාදයන් පාවිච්චි කරමින් බලයට පැමිණි එකක්. අගමැති මහින්ද රාජපක්ෂ යනු මෙවැනි ජනප්‍රියවාදයන් සමග රැල්ලට ගහගෙන යාමෙන් අසීමිත ජනප්‍රියත්වයක් ගොනු කරගෙන සිටින අයෙක්. ඔහු ජනප්‍රිය පුද්ගලයෙක්. ඒත් නායකයෙක් ද? මගේ අදහස ඔහු නායකයකු නොවන මොබ් හෙවත් අයුතු ජන රාශි වීරයකු බවයි. මේ ගැන ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරමු.
නායකයා යනු අනුගාමිකයන් කියන විදියට නටන නැට්ටුවෙක් නෙමෙයි. නායකයා තමයි අනුගාමිකයන්ගේ නර්තන වින්‍යාසය නිර්මාණය කරන්නේ.
එවැනි නායකත්වයක් හා සමාජය අතර ප්‍රජාතාන්ත්‍රික සම්බන්ධය ජනප්‍රියවාදය මත පදනම් වන්නේ නැහැ. නායකයකුට ජනප්‍රිය නොවන තීරණ ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් ගන්නට සිදු වෙනවා. එහිදී නායකයාට පුළුල් මහජන තලයේ තීරණ, තීන්දු ගැනීමට විශේෂඥයන්ගේ, විද්‍යාර්ථීන්ගේ, බුද්ධිමතුන්ගේ, ක්‍රියාකාරිකයන්ගේ සහාය ඉතා වැදගත්. මෙහිදී මාධ්‍යවලටත් සුවිශාල කාර්ය භාරයක් තිබෙනවා.
ජනප්‍රියවාදයෙන් විනාශයට යනවා ද? නායකත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනගාගන්නවා ද? මේක තමයි මේ යුගයේ රත්තරන් ප්‍රශ්නය. මේ නිලධාරිනියගේ අදහස අපි ගන්නට ඕනැ එතැනින්.
මැක්ස් වෙබර් නායකත්ව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගෙන ආ අදහස් ඇසුරෙන් මේ ගැන තවදුරටත් සාකච්ඡා කරනවා, ඉදිරි ලිපියකින්.
Sebea vierawariyk bihivie , janthawagen bawthiesma leboo wagai.
Devani Jayathilake ” wasare kaanthawa ” lesa nam karamuda ?
Mea yana vidhiyata , his udummawaagath viyathmage porawal haa aanduwe porawalui nosithana vidiyata chande wenakota kshanikawa pallam basina waga apata denenawa !
Mari mooda deasapalakayangenda nosithu welaawakadie samaajayata weda siduviem da siduwe OHU nositiye nam , ek reyakin Devani Jayathilake samaajagatha nowannata ida thibuna
Devani vennawun ahanben ho bihiwunoth raajya balaya prveniyen thira woowaa yai sithaasiti mugdha deasapalakayange res walalla hiru dutu kadopeniyan se hekilenu atha .
සනත් නිශාන්ත මේ සිද්ධියෙන් පස්සේ කරපු ප්‍රකාශ ගැන මිනිස්සු අවධානය යොමු නොකිරීම ත් වැරදියි.
“ධීවර ජනතාව අධ්‍යාපනයක් නැති ඕන දේකදී වලි දාගන්න කට්ටියක් නිසා ඒ අයත් එක්ක කටයුතු කිරීමේදී පරිස්සමෙන් වැඩ කරන්න ඕන”. මේක සමස්ත ධීවර ප්‍රජාවටම කරපු අගෞරවයක්.
“මම මැදිහත් උනේ නැත්නම් , ඒ නිළධාරිනියට ප්‍රදේශයේ ධීවර ජනතාව පහර දෙනවා ” මේ රැස්වීමේ පොලිස් නිලධාරීනුත් වාඩිවෙලා ඉන්න ආකාරය විඩියෝ එකේ තියෙනව . එවැනි වාතාවරණයක් ආවා නම් ඇයි ඒ අය ක්‍රියාත්මක නොවුනෙ ? රජයේ නිලධාරියෙකුගේ රාජකාරි වලට භාධා කිරීම ගැන දැන් උනත් ඒ අය ගැන කටයුතු කරන්න පොලිසියට පුළුවන් වෙන්න ඕන.
හැබැයි ඒ එක්කම මතක් කරගන්න ඕන, මහින්දගේ හොඳ ගෝලයො වෙන මර්වින් (හිටපු) , ජොන්ස්ටන්, ප්‍රසන්න (රණවීර) වගේ කෙනෙක් ගෙ රැස්වීමක මෙහෙම සිද්දියක් උනා නම්, ඒ නිලධාරිනිය ඔය විදියට බේරිලා යන්නේ නැති බව. ඒ අතින් නිශාන්තගෙ සෙට් එක අහිංසකයි.