Gotabaya on wall

අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය, ලංකා පුවත්පත 2021-04-25

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද එළඹීමත් සමග බොහෝදෙනෙකු සුපුරුදු ලෙස සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරමින් එකිනෙකාට සුබ පතා ගත්හ. එහෙත්, එළඹෙන කාලය සුබ නැති බව නොදන්නා වැඩිහිටියෙකු නැති තරම්ය. ශ්‍රී ලංකාව වසා පැතිරෙමින් තිබෙන අඳුරු වළාව කවදා ඉවත් වේදැයි කිව නොහැකි තරම් සුවිසල් එකකි.

ශ්‍රී ලංකාවේ අවාසනාවට ප්‍රධාන හේතුව රජයයි. දැනටත් රාජ්‍ය සේවයේ නියුතු ලක්ෂ 14ක් පිරිස් සිටින අතර, රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සංඛ්‍යාව ලක්ෂ හයහමාරක් පමණ වේ. ඒ අතරින් දේශපාලකයන් හා ඉහළ නිලධාරීන් අති විශාල වරප්‍රසාද ප්‍රමාණයක් මහජන මුදලින් භුක්ති වින්දද රාජ්‍ය යාන්ත්‍රණය පවතින්නේ ඉතා අකාර්යක්ෂම තත්වයකය. කෝවිඩ්-19 හේතුවෙන් හා දේශපාලනික අස්ථාවරත්වය හේතුවෙන් මේ වන විට රජය ඇත්තේ ඉතාම අකාර්යක්ෂම තත්වයකය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වූ වහාම සිදුකරන ලද බදු සංශෝධන මගින් රජයේ ආදායම් විශාල ප්‍රමාණයක් අහිමි කරගන්නා ලදී. සංස්ථාපිත ආදායම් බදු අනුපාතය 28% සිට 24% දක්වාත්, වැට් බද්ද පැවති මට්ටමින් හරි අඩක් පමණ වන සේ 15% සිට 8% දක්වාත් පහත දැමුණු අතර රඳවා ගැනීමේ බදු, ජාතිය ගොඩ නැඟීමේ බදු සහ ආර්ථික සේවා ගාස්තු ආදියද ඉවත් කරන ලදී. මෙහි අරමුණ වූයේ අර්බුදයකට මුහුණ පා සිටින ආර්ථිකයට ක්ෂණික පිළියමක් ලබා දීම වුවත්, රාජ්‍ය වියදමින් ¼ක් පමණ හෝ දළ දේශීය නිෂ්පාදනයෙන් 3% හෝ 4%ක් පමණ රාජ්‍ය මූල්‍ය අහිමි කර දුර්වල කිරීම බව ඇඩ්වොකාටා ආයතනය පෙන්වා දෙයි. වටිනාකම එකතුකළ බද්ද හෙවත් වැට් බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද කප්පාදු කිරීමෙන් පමණක් ශ්‍රී ලංකාවට දළ දේශීය නිෂ්පාදනයෙන් 2%ක් පමණ වන තරම් ආදායමක් අහිමි විය. කලින් රජය ආදායම් බදු සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තිය වන ඍජු බදු ප්‍රතිශතය වැඩි කිරීමේ ක්‍රියාමාර්ග ද වත්මන් රජය විසින් අත්හැර දමන ලදී. මේ අතර, කෝවිඩ්-19 අධි වසංගත තත්වය හේතුවෙන් ව්‍යාපාරවල ලාභය අඩු වීම හේතුවෙන් ආදායම් බදු ලෙස රැස් වන්නේද කුඩා ප්‍රමාණයකි.

2021 සඳහා ඉදිරිපත් කරන ලද විසර්ජන පනත අනුව, ඇස්තමේන්තුගත රජයේ ආදායම රුපියල් බිලියන 1961ක් වන අතර මුළු වියදම රුපියල් බිලියන 3,525කි. රුපියල් බිලියන. 1,564කි. ආදායම් වියදම් පරතරය ජාතික ආදායමෙන් සියයට 9ක් පමණ වේ. රුපියල් බිලියන 2900 ක සීමාවට යටත්ව ශ්‍රී ලංකාව තුළින් හා ඉන් බැහැරින් ණය ලබා ගැනීමට යෝජනා කරන ලදී.

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් අනුව, මේ වන විට ශ්‍රී ලංකා රජය පවතින්නේ බංකොලොත්භාවයට ආසන්න තත්වයකය. එබැවින් විවෘත මූල්‍ය වෙළඳපොළෙන් ණය ලබාගැනීමේදී ඉහළ පොළියක් ලබාදීමට සිදුවේ. ශ්‍රී ලංකාව නිකුත් කරන භාණ්ඩාගාර බැඳුම්කරවල තත්වය දැන් අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති වකවානුවේ මුදල් ආයෝජනය කර රටට ධනය අහිමි කළ ග්‍රීක බැඳුම්කරවල තත්වයට පත්වී තිබේ.

ශ්‍රී ලංකා රජය යනු ජාත්‍යන්තර වශයෙන් හුදකලා වෙමින් සිටින රාජ්‍යයකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි සහන ණය ලබාදෙන ආයතන වෙතින් ශ්‍රී ලංකා ආණ්ඩුව දුරස් වී තිබේ. කොවිඩ්-19 අධි වසංගතයෙන් ගොඩඒම සඳහා ජාත්‍යන්තර වශයෙන් ලබාගත හැකි ආධාර ලබාගැනීමට පවා ශ්‍රී ලංකාව අසමත් විය.

මේ සියලු තත්වයන් පසුබිමේ ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු විදේශ ණය කන්දරාව රට ඉදිරියේ හොල්මන් කරමින් සිටියි. උදාහරණයක් ලෙස, 2021 ජූලි 27 දින කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් වෙනුවෙන් පමණක් ශ්‍රී ලංකාව එය ඩොලර් බිලියන එකක් ආපසු ගෙවිය යුතුව තිබේ. එය විදේශ ණය සම්බන්ධයෙන් මෙතෙක් ගෙවනු ලබන විශාලතම වාරිකයයි. 2021 වර්ෂය තුළදී ඩොලර් බිලියන 5.9 ක ණය හා පොලී වාරික ගෙවීමට ශ්‍රී ලංකා රජයට සිදුවී තිබේ..

මෙවැනි අර්බුදයකට මුහුණ දී තිබෙන රජය විසින් අර්බුදයෙන් ගොඩඒම සඳහා ගනු ලබන විවිධ ක්‍රියාමාර්ග මේ වන විටත් රට තුළ ආන්දෝලනයන්ට තුඩු දී තිබේ. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීමට දැරූ උත්සාහය මහජන විරෝධතා හමුවේ ව්‍යර්ථ විය. දැන් අලුතෙන්ම මතු වී තිබෙන කාරණය වන්නේ කොළඹ වරාය නගරය චීනයට ලබාදෙන්නට යන ආකාරයයි.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත මගින් වරාය නගරය වෙනම රාජ්‍යයක් හෝ ස්වයං පාලනයක් ලෙස හෝ ක්‍රියාත්මක වන තත්වයක් නිර්මාණය වන බවට චෝදනා එල්ල වේ. මේ වන විට ශ්‍රී ලංකා ආණ්ඩුවට උදව් කරමින් සිටින විශ්වාසවන්තම සගයා වන්නේ චීනයයි. එහෙත්, චීනය තම ව්‍යාපාරික විඥානය තුළ ශ්‍රී ලංකාවට ලබාදෙන ණය හා ආධාරවලට වඩා බොහෝ ප්‍රමාණයක් ආපසු බලාපොරොත්තු වන බව පෙනේ.

මෙය හුදෙක් වත්මන් ආණ්ඩුවේ හෝ රජයේ අර්බුදයක් නොවේ. මෙය මෙරට සමස්ත ජනතාවටම මුහුණ දීමට සිදුවන බරපතල ව්‍යසනයකි.

මේ ලිපියත් කියවන්න: අණන සුවය හා ණය අනාගැනීමේ දුක; ක්ෂුද්‍ර මූල්‍ය හා ණය ප්‍රශ්න

Creative Content Consultants

4 thoughts on “අන්තිම නරක අවුරුද්දක්

  1. Praathamika dilindu nishpaadakayanta pahasukam ho wedagath milak thieranaya kiriemata pawathina aanduwa asamath viema nisaa rate gemi aarthikaya sunnath dholi vie atha .
    Ae athin rate prsna siyalla dodangoda badaagath se thaman ho thamange mituru sanchithayata nirlobiwa pawaraa dun Nandasena da asamathya .
    Den ohu vivechakayan dandu kande genimata pimburupath sakasamin sitiema vihiluwaki .
    Hitler athiethayata ayathya .
    Evini bhoomika visanwaadaya udadamamin sitina noothana yugayata nowedagaya yanna ohu visin apramaadawa thearum ganiema deasapaalanikawa ohuta menma kaatath wedagathya .

  2. Den balan yanakota lak aanduwa visin maha balagathu chienuntath kelawana dine wedi eathaka nowe .

  3. Aththanomathikawa haa praayogika nowana thani thierana gannahu dekiya heki samaya awruddhak nowa naraka lesa ieta wedi kalak pewathiya heka !

Leave a Reply to Sarath warnakulasuriya Cancel reply

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: