Beruwala fishermen in Maldives

බේරුවල ධීවරයින් පිරිසක් මාලදිවයිනේ බෝට්ටු තුළ සිර කරලා

ක්‍රිස්ටි රාජේන්ද්‍රන් විසිනි

ධීවර රැකියාව යනු අනාරක්ෂිත මෙන්ම අවදානම් සහගත රැකියාවක් වුවද ඒ සඳහා නිර්භීතකම මෙන්ම පළපුරුද්දක්ද අවශ්‍යවේ. මෙසේ ධීවර කර්මාන්තයේ නියැලුනු ධීවරයින් පිරිසක්
විවිධ කාලගුණික තත්ත්වයන් හෝ තාක්ෂණික හේතූන් මත මුහුදු සීමා උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මාලදිවයිනේ ජාතික වෙරළ ආරක්ෂක මුර යාත්‍රා විසින් අත් අඩංගුවට ගෙන ඇත.

Translations by Creative Content Consultants

බේරුවල ධීවර වරායෙන් පිටත්වූ එක් බහු දින ධීවර යාත්‍රාවක් මසකට පමණ පෙරද, තවත් ධීවර යාත්‍රාවක් සති දෙකකට පමණ පෙරද අත් අඩංගුවට පත්ව ඇත. මෙම යාත්‍රා දෙකේම සිටි ධීවරයින් ගණන 12ක් වන අතර ඔවුන් මාලදිවයින පොලිසියේ අධීක්ෂණය යටතේ හුලුමාලේ “සෆාරි ජැටිය” අසල “ලූර්දු මාතා” සහ ඔවුන්ගේ තවත් බෝට්ටුවක් තුළ රඳවා ඇත.

ශ්‍රී ලංකා රජය සහ මාලදිවයින රජය විසින් ඇති කර ගත් ගිවිසුම්වලට අනුකූලව, මෙම ධීවරයින් ශ්‍රී ලංකාවට පිටත් කර හැරීම සඳහා මාලදිවයිනේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කටයුතු කළ යුතුව ඇත. මේ වන විට හය දෙනෙකුට ගමන් බලපත්‍ර ලබා දී ඇතැයි වාර්තාවේ.

බලාපොරොත්තු සහගතව අවම පහසුකම් සහිතව බෝට්ටු තුලටවී සිරවී සිටිනා මෙම ධීවරයන් පිරිස මෙතෙක් දෛනිකව බත් සහ පරිප්පුවලින් පමණක් කුස ගිනි නිවා ගෙන සිටි අතර මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් වත්මන් බැරෑරුම් තත්වය ගැන පවා නොසලකමින් ඔවුන් හට ආහාර පාන මෙන්ම, ඩේටා පහසුකම් පවා ලබා දීමට ඉදිරිපත්ව ඇත.
මෙම ධීවරයින්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් අත්‍යාවශ්‍ය වියලි ආහාර, පානීය ජලය හෝ පිසූ ආහාර වැනි දේ ලබා දීමට කැමති අය වෙත් නම් පහත දූරකථන අංකයන් අමතන්න.

Trevor Thilakarathna
7905844
Ajith Pushpa Sirilal
7957974

Translations