Full-time release for trade unions

වෘත්තීය සමිති කටයුතු වෙනුවෙන් පූර්ණකාලීනව නිදහස් වීම

වෘත්තීය සමිති කටයුතු වෙනුවෙන් නිදහස් වී සිටින රාජ්‍ය සේවකයන් ඒ සඳහා භාවිතා කරනු ලබන්නේ ආයතන සංග්‍රහයේ XXV පරිච්ඡේදයේ දැක්වෙන වරප්‍රසාදයි. ඒවා රූපයේ දැක්වේ. ඒ අනුව, අවුරුදු හතරක් දක්වා පූර්ණ කාලීනව නිදහස් විය හැකිය. මහින්ද ජයසිංහ අවුරුදු 23ක කාලයක් නිදහස් වී සිටින බව මෙම වීඩියෝවේ දැක්වේ. ඒ සඳහා ඇමතිවරයාගේ අනුමැතිය ලබාගන්නා බව දැක්වේ. වෘත්තීය සංගම් කටයුතුවලට නිදහස් වී සිටින මෙම විප්ලවවාදීන් ඇමතිවරයා ළඟ පිංසෙණ්ඩු වී එසේ කරගැනීම කොයි තරම් නිර්ලජ්ජිත වැඩක්ද? දශක ගණන් එකම අය වෘත්තීය සමිති කටයුතුවලට නිදහස් වී සිටින්නේත්, ප්‍රධාන තනතුරු දරන්නේත් මේ සංගම්වල වෙනත් නායකයන් නැති නිසාද?

වීඩියෝවට සබැඳිය පහත දැක්වේ.

https://www.facebook.com/MatureLeadership/videos/730482978732779/

මෙම සටහන ෆේස්බුක්හි තැබීමෙන් පසු දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නායකයකුව සිට පසුව ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලැබූ අයෙකු වන අප මිත්‍ර සරත් මද්දුමගේ සමග ඇති වූ සංවාදයක් ද මේ සමග පළ කරමි. එහි ඇත්තේ මිත්‍ර භාෂාවකි. එහෙත්, අන්තර්ගතය වැදගත් නිසා පළකරමි.

Sarath Maddumage මහින්ද ජයසිංහ පමනක් නොව බොහෝ අයද එසේ නිදහස් වී පුර්ණ කාලින වෘත්තීය සමිතිකටයුතුවල යෙදේ.. එය කම්කරු ආඥා පනතේ යටතේ ඇති කම්කරු අයිතිවාසිකමකි.වසර පහකට පසු එකම පුද්ගලයාම එසේ නිදහස් කරන්නේනම් අමාත්‍ය වරයාගේ අනුමැතිය අවැසිමුත් ඒ සදහා බැගෑපත්විය යුතු නැත. එසෙ අනුමැතිය නොදීමට හේතුව ඇමතිවරයා ඉදිරිපත් කල යුතුය.කෙනෙකු පූර්ණකාලීනව නිදහස් කිරීමට වෘත්තීය සමීතියේ විධායක සභාවේ එකගතාවය ලැබිය යුතුය.වරක් අටවපු ජනාධිපති ජනාධිපති රනිල් රාජපක්ෂ ගේ වත්මත් වෘත්තීය සමීති අධ්‍යක්ෂ සමන් රත්නප්‍රියව එසේ මහින්දගේ ආන්ඩුවේ සෞක්‍ය ඇමති කුහක කමට අනුමැතිය දුන්නේ නැත.අවසානයේ හිඟවැටුප් සහිතව ඔහුගේ සෙවයෙන් නිදහස් කිරීම අනුමත කිරිමට සිදුවිය..

අජිත් පැරකුම් ජයසිංහ ඇයි එකම අය? මේවා දූෂණ.

Sarath Maddumage තමන්ගේ වෘත්තීය සමිතියෙන් සේවයෙන් නිදහස් කරන්නේ කව්ද කියා තීරනය කරන්නේ ඒ වෘත්තීය සමීතිය..

අජිත් පැරකුම් ජයසිංහ ඇයි එකම අය දශක ගනන්? පැහැදිලි වංචා. දේශපාලකයන් වගෙම තමයි. උන් ඡන්ද කරන විදියමයි

Sarath Maddumage ආන්ඩුවක් ආවාම උන්ගේ වෘත්තීය සමීති හෙන්චයියන් අමාත්‍යාංශයේ සහකාර ලේකම්ල , සුභ සාධන නිලධාරි, ප්‍රගති නිලධාරී කියලා තනතුරු දීලා, වාහන, කාර්‍යාල , කාර්‍යමංඩල දීල නඩත්තු කරනවා වැටුපට අමතරව ඉංධන දීමනා.. යැපිම් දීමනා ආදිය කිසිදු පාලනයකින් තොරව ගෙවනවා.. උන්ගේ රියදුරුගේ වැටුප රජයේ සාමාන්‍ය සේවකයින් 4 කගේ වැටුප වෙයි .. ..රනිල් රාජපක්ෂලාගේ හෙංචයියන් අඩුම වශයෙන් දහසකට වැඩිය සොයා බැලුවොත් උබට සොයාගත හැකියි.කම්කරුවන්ට තමන්ගේ වෘත්තීය සමීතියේ පුර්ණකාලීනයා විය යුත්තේ කව්ද කියන එක තීරනය කරනවට වඩා..ඒවා තමා පැහැදිලිම දුෂණ..වෘත්තීය සමීතියෙන් පූර්ණ කාලීනව සේවයෙන් මිදුන අයෙකුට ලැබෙන්නේ ඔවුන්ගේ මාසික ඒකාබද්ධ වැටුප පමනයි.. වෘත්තීය සමීතියට ඇවැසිනම් සාමාජික මුදලින් යම් දීමනාවක් දිය හැකියි..අපේ දුම්රිය වෘත්තීය සමීති සම්මේලනයේ ලේකම් වුයේ සේනක පෙරේරා.. අපි අත්අඩංගුවට පත්වෙච්ච වෙලාවේ අපේ වෘත්තීය සමීතියේ සාමාජිකයින්ව බලෙන් අස්කරන්න වැඩකලේ ජෙප්පන්ගේ වෘත්තීය සමීතියේ හිටපු මානවඩුවා ඇතුලු පිරිස. ඒ උන්ගේ උපන්ගෙයි කුහකකම් නිසා. කොහොම උනත් මම නිදහස් වෙලා ආවම අපේ සාමාජිකයි හිටියේ හැට දෙකයි.ඒවා එහෙම උවත් උබගේ මේ ආඩපාලී එසේනැත්නම් කුප්ප කතාවට මා එකග නොවන්නේ විෂය බද්දව මිස මහින්ද ජයසිංහයා හෝ එවැනිවු අයව පුද්ගලීකව රැකීමට නොවේ.

අජිත් පැරකුම් ජයසිංහ දූෂණය නම් කවුරු කළත් එකයි. ප්‍රධාන පක්ෂවල එවුන් කරනවාය කියලා වෘත්තීය සමිති නායකයන්ටත් ඒකම කරන්න ලයිසන් එකක් ලැබෙන්නෙ නැහැ. බාලා තම්පෝ අවුරුදු පනහක් සීඑම්යූ එකේ නායකයා වෙලා හිටියා. ඇයි වෙන කිසිම කෙනෙකු නැද්ද නායකත්වයට? ඒක නෙමෙයි. පැහැදිලි දූෂණය. හැමදාම නායකත්වය හොරකම් කරගන්නවා. සාමාජිකත්වය ගොනාට අන්දනවා. මැරෙනකල් තමන්ගෙ බලය අතහරින්න අකැමැතිව අවරුදු පතා ගේම් ගහ ගහ පූර්ණ කාලීන නිදහස් වීම රැකගෙන රස්සාව නොකර නාකි වෙන අය කොහෙද දූෂණය නැති කරන්නෙ. ඔය සාමාජික සංඛ්‍යාව ගැන කියපු කතාව නිසා මං මේකත් කියනවා. සාමාජිකයන් සංඛ්‍යාව බොරුවට පෙන්නලාත් සමහර වෘත්තීය සමිති නායකයන් පූර්ණ කාලීන නිදහස් වීම ලබාගෙන තියෙනවා. සමහර වෙලාවට සමිති වෙනමයි, ඒ සමිති එකතු වෙලා පිහිටුවා ගත් සම්මේලන වෙනමයි, එකම සාමාජික සංඛ්‍යාව පෙන්නලා පූර්ණ කාලීන නිදහස්වීම් ලබාගන්නවා. මේවා ඉතා පැහැදිලි දූෂණ. කරන්නෙ නිලධාරීන් හා ඇමතිලා එක්ක එකතු වෙලා.

Sarath Maddumage සාමාජික සංඛයාව පෙන්විය යුත්තේ වැටුප් පතින් සාමාජික මුදල් අය කරන අයගේ අවකරණ වාර්තා අදාල ගිණුම් අංශ ආයතන ප්‍රධානීන් සහතික කිරීම මගින්..බොරු වාර්තා පෙන්වීම කල හැක්කක් නොවේ..වෘත්තීය සමීති සම්මාලන වලටට සාමාජික සංඛයාව විසිරී ඇතිවිට 1000 හෝ විසිරී නැතිවිට 1500 සීමා ඇවැසි නොවේ…

අජිත් පැරකුම් ජයසිංහ ඔය වගේම තමයි නීති අස්සෙන් රිංගලා ටෙන්ඩර්වලින් ගහන්නෙත්. වෙනසක් නැහැ. උන්ගෙන් ඒක කරපු විදිය ඇහුවත් ඔය විදියටම තමයි පැහැදිලි කරන්නෙ. මූලික වෙනසක් නැහැ. ඕනැ නම් මේවට නීත්‍යානුකූල දූෂණ කියල වෙන නමක් දාතැහැකි. හැබැයි, දූෂණම තමයි. වෙනසක් නැහැ.//වෘත්තීය සමීති සම්මාලන වලටට සාමාජික සංඛයාව විසිරී ඇතිවිට 1000 හෝ විසිරී නැතිවිට 1500 සීමා ඇවැසි නොවේ…// පල් බොරුවක්. සම්මේලන හදාගන්නෙ සමිති එකතු වෙලා. ඇත්තම කියනවා නම් සම්මේලනවලයි, සමිතිවලයි වෙන වෙනම සාමාජිකයන් නැහැ. වෙන වෙනම සාමාජික මුදල් ගෙවීමකුත් නැහැ. පූර්ණ කාලීනව නිදහස් වෙනකොට මේවා අවභාවිතා කරනවා. හරිහමන් විමර්ශනයක්, විගණනයක් කළා නම් සමහරුන්ට පෙන්ෂන් එකත් නැහැ.

Sarath Maddumage අනේ පලයන් බං යන්න.. උබ ආයතන සංග්‍රහයේ අදාල වගන්ති අධ්‍යනය කරලා වරෙන්..මම උබ වගේ හැම දේම දන්න කෙනෙක් නොවෙන්න පුලුවන්.. හැබැයි මම මේ කියන දේවල් කියන්නේ හිතළු විදියට නෙවී.ඕක ගැන උබට බලාගන්න පුලුවන් ආයතන සංග්‍රහයේ 1 දේශපාලන අයිතිවාසිකම් භුක්තිවිඳිමට අයිතිය ඇති නිලධාරීන් , වෘත්තීය සමීති පවත්වාගෙන යාම.. පූර්ණකාලීන වෘත්තීය සමීති කටයුතු සදහා නිලධාරීන් සේවයෙන් මුදාහැරීම කියන පරිච්ඡේදයන් කියෙව්වොත්.මට මතක හැටියට ඒවා තියෙන්නේ ආයතන සංග්‍රහයේ 1 කොටසේ xx1v හෝ xxx1 පරිච්ඡේදයන්ගේ …

අජිත් පැරකුම් ජයසිංහ ආයතන සංග්‍රහයෙ වගන්ති ටික මෙතන දැම්මෙත් මම. උඹ නෙමෙයි. මං කියන්නෙ වෘත්තීය සමිතිකාරයන් ඕවා අපහරණය කරනවා නිලධාරීන්ගේ හා දේශපාලකයන්ගේ උදව්වෙන්. එකට එකතු වෙලා ඔය ගේම් ගහන්නෙ. එකම කට්ටිය දශක ගණන් පූර්ණ කාලීනව නිදහස් වෙලා ඉන්න එක ඒ නීත්‍යානුකූල දූෂණයේ පැහැදිලි ප්‍රකාශයක්. සාමාජික සංඛ්‍යා එහෙම විගණනය කළොත් හොරකම් රැසක් අහුවෙනවා. එහෙම විමර්ශනයක් කරන්නෙ නැහැ. මොකද, මේවා වෘත්තීය සමිතියි, නිලධාරීනුයි, දේශපාලකයොයි හවුලෙ ගහන ගේම්. මට විමර්ශන බලතල තියෙනවා නම් මං දන්නවා ඕවා වෙච්ච හැටි ඔප්පු කරල පෙන්නන්න. ඔක්කොම වෘත්තීය සමිතිකාරයන් ඔය ජාතියෙ.

Sarath Maddumage විමර්ශන බලතල ඕනේ නැ අජිත් ඔබට ඇවැසිනම් තොරතුරු දැන ගැනිම යටතේ හෝ වෘත්තීය සමීතී රෙජිස්ටාර්ට ලියුමක් ලියන්න පුලුවන් මෙන්න මේ වෘත්තීය සමීතිය නීතිය අවභාවිතාකර තිබෙනවා කියලා.. වැඩේ බලාගන්න පුලුවන්..

අජිත් පැරකුම් ජයසිංහ ඔය තර්කයයි, දේශපාලකයන් අපි හොරකම් කළානම් නඩු දාන්නය කියන කතාවයි දෙකම එකයි. දේශපාලකයන් ඇත්ත දන්නවා. ඔප්පු කරන්න බැරි බවත් දන්නවා. මොකද, සමහර ඒවා නීත්‍යානුකූල දූෂණ. වෘත්තීය සමිතිකාරයෙකු වන උඹ ඇත්ත දන්නවා. ඒ නිසා තමයි ඔය තර්කයට යන්නෙ. හැබැයි, ඔය වැඩේ කරන්නට යම් දුරකට පුළුවන්. හැබැයි, අපි ඒවා කරන්නෙ නැහැ. හේතුව, ඊට වඩා ප්‍රශ්න තියෙන නිසා. දූෂණය කියන එක අපි ගන්නෙ සමස්ත ක්‍රමයේම විහිදී පැතිරී තියෙන දෙයක් විදියට. ඒක වෙනස් කරන්නට කරන්න ඕනැ ක්‍රමයේ වෙනසක්. එහෙම නැතුව, හොඳ මහත්තුරු කියල පිරිසක් බලයට පත්කරන එක නෙමෙයි. එහෙම හොඳ මහත්තුරු කියල ජාතියක් නැහැ. මේ ක්‍රමය විසින් ඕනැම හොඳ මහත්තයෙකුව ගොදුරු කරගන්නවා. වෘත්තීය සමිති කරන්න ගිය හොඳ මිනිස්සු දූෂණයෙ හිර වෙලා ඉන්න හැටියි මං ඔය කිව්වෙ. ඒ ගමන් තමයි රටේ අනෙක් හැමෝටම හොරු කියන්නෙ. උනුත් හොරු.

Sarath Maddumage හොද මහත්වුරු කියන ඒකේ දරුනූම තැන තමයි නාසී වාදය.හැබැයි කව්රු බලයට ආවත් නීතියේ ආධිපත්‍යය රැකෙන ක්‍රමයක් තමා සමාජයේ පැවැත්ම තීරනය කරන්නේ ..එක කරන්න රනිල් රාජපක්ෂලාට නම් කොහොමත් බෑ ..මොකද ” සංවිධානාත්මක අපරාධකරුවන් ගොඩනැගූ රටවල් නෑ”* අනික ආයතන සංග්‍රහයේ තමන් කැමති වගන්ති විතරක් අරන් කෙනෙකුට මඩක් ගහන්න උත්සාහ කලාට වැඩක් නෑ.. ඒ හා බැදුනු තවත් වගන්ති තියෙනවා…

අජිත් පැරකුම් ජයසිංහ //සංවිධානාත්මක අපරාධකරුවන් ගොඩනැගූ රටවල් නෑ// එහෙම නම් ඉතින් මාලිමාවටත් මොකුත් කරන්න බැහැ. ඒකට තියෙන සංවිධානාත්මක අපරාධ ඉතිහාසය වෙන කාටවත් නැහැ. ඒගොල්ලන් තමයි හැබැයි ඔය කතාව ප්‍රවර්ධනය කරන්නෙ.

Sarath Maddumage මම කිව්වේ නෑනේ මාලිමාව හරි ශෝක් කියලා..උන්ට බලයක් ආවෝත් මුලින්ම මරන්නේ අපි වගේ උන්ව.. බලයක් නැතත් ගෝටාලට , රනියලට කුප දීල උන් තමට අභියෝගයක් එන උන්ට සබ්බුව දෙන හැටි පේනවානේ..

අජිත් පැරකුම් ජයසිංහ ඒ වගේම මේකත් මතක් කරගන්න, උඹලටත් බැහැ. මොකද, උඹලගෙ ඉතිහාසෙත් එහෙමයි. මටත් බැහැ.

Sarath Maddumage අපි ඉතිහාසයේ වරද්දගත්ත තැන් තේරුම් අරන් තියෙන්න්නේ .. ඒ නිසයි නිර්ප්‍රචංඩත්ව අරගලයන්ට දියහැකි උපරීම සහාය දෙන්නේ..ඕනෑම අයෙකුට සංවිධානයකට නිවරදි වෙන්න පුලුවන් .. හැවැයි කයිවාරු වලින් නෙවි භාවිතයෙන්..* අනික සංවිධානාත්මක අපරාධකරුවන් කියන එකත් උබ පටලවගෙන වගේ පේන්නේ.. කමක් නෑ ඒක ඔබගේ අයිතියක්..

අජිත් පැරකුම් ජයසිංහ //ඕනෑම අයෙකුට සංවිධානයකට නිවරදි වෙන්න පුලුවන්// නම් අර කලින් කියපු //සංවිධානාත්මක අපරාධකරුවන් ගොඩනැගූ රටවල් නෑ// කියන කතාව ඉල්ලා අස්කරගන්න. තමන්ට විතරක් ඒක අදාළ වෙන්නයි අනෙක් අයට අදාළ නොවෙන්නයි හේතුවක් නැහැනෙ.