Rs. 2000 commemorative foil of Central Bank of Sri Lanka

රු. 2000 මුදල් නෝට්ටුවක් ළඟදීම

ශ්‍රී ලංකාව ළඟදීම රු. 2000 මුදල් නෝට්ටුවක් නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.

2020 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුවට 70 වසරක් නිකුත් වීම නිමිත්තෙන් මෙම මුදල් නෝට්ටුව නිකුත් කිරීමට නියමිත ය.

Translations by Creative Content Consultants

1949 අංක 58 දරන මුදල් නීති පනතට අනුව ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු හා කාසි ඇතුළත් ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ අධිකාරීමය බලය ශ්‍රී ලංකා මහ බැංකුව සතු වේ. 1950 වර්ෂයේදී ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාපනය කිරීමෙන් අනතුරුව මේ දක්වා තේමා 11ක් යටතේ මුදල් නෝට්ටු කාණ්ඩ 11ක් නිකුත් කර ඇත. එකොළොස් වන මුදල් නෝට්ටු කාණ්ඩය 2010 දී වසරේදී නිකුත් කරන ලදී. එහි තේමාව වනුයේ “සංවර්ධනය, සෞභාග්‍ය සහ ශ්‍රී ලංකාවේ නැටුම් ශිල්පීන්” යන්නයි. අලුත් නෝට්ටුව නිකුත් වීමට ද නියමිත මෙම කාණ්ඩය යටතේ ම ය.

1950දී පිහිටුවන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ පළමු අධිපතිවරයා වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් සංචිත මණ්ඩලයේ ආර්ථික විද්‍යාඥයෙකු වන ඇමරිකානු ජාතික ජෝන් එක්ස්ටර් ය. ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීමේදී ඇමරිකා එක්සත් ජනපදය විසින් විශේෂඥ උපදෙස් ලබා දෙන ලදී.

දැනට තිබෙන ඉහළම වටිනාකමක් සහිත මුදල් නෝට්ටුව රු. 5000ක් වන අතර ඊළඟට තිබෙන්නේ රු. 1000, 500, 100, 50, 20 සහ 10 මුදල් නෝට්ටු ය. රු. 10 මුදල් නෝට්ටුව වෙනුවට බොහෝ දුරට කාසි ආදේශනය වී තිබේ. ඉහළම වටිනාකමක් තිබෙන කාසිය රු. 10කි. රු. 5, 2, 1, ශත 50, 25, 10‍්, 5, 1 වශයෙන් කාසි තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සම්බුද්ධත්ව පරිනිර්වානයේ 2550 ජයන්තිය වෙනුවෙන් 2006දී නිකුත් කළ රු. 2000ක මුහුණත වටිනාකමින් යුත් සමරු කාසිය කවරයේ ඡායාරූපයේ දැක්වේ.

Translations