corporal punishment in schools

මුල්‍ය නීති කැඩුවාට බැංකු හා මුල්‍ය ආයතන පහකට දඩ ගසයි

ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි තොරතුරු ඒකකය විසින් මුල්‍ය විනිවිදභාවය වාර්තා කිරීම සම්බන්ධ නීති උල්ලංඝනය සම්බන්ධයෙන් බැංකු සහ මුල්‍ය සමාගම් පහකට දඩ ගසා තිබෙන බව ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කරයි. මෙම මුල්‍ය සමාගම් තුනට 2019 වසරේදී රු. මිලියන පහක් ද, 2020 වසරේදී රු. මිලියන එකක් ද දඩ ගසා ඇත.

Translations by Creative Content Consultants

2019 වසරේ දඩ පනවන ලද බැංකු සහ මුල්‍ය සමාගම් තුන වන්නේ, ලංකා බැංකුව (මිලියන තුනයි), නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (මිලියන එකයි) සහ කොමර්ෂල් ක්‍රෙඩිට් සහ ෆිනෑන්ස් (මිලියන එකයි).

2020 වසරේදී සර්වෝදය සංවර්ධන මුල්‍ය ආයතනයට හා යූබී ෆිනෑන්ස් ආයතනයට රු. ලක්ෂ පහ බැගින් දඩ ගසා තිබේ.

එම වෙබ් අඩවිය පවසන පරිදි මෙසේ දඩ ගසා තිබෙන්නේ දේශපාලනික වශයෙන් නිරාවරණය වී තිබෙන පුද්ගලයන්ගේ අනුමැතිය ලබාගනිමින් ලබාගන්නා ලද තුන්වන පාර්ශ්වයේ තැන්පතු පිළිබඳ නිසි වගකීම් ඉටු නොකිරීම, පරීක්ෂා කිරීමට ඉඩ නොදීම හා මුල්‍ය ගනුදෙනු වාර්තා නොකිරීම සම්බන්ධයෙනි.

Translations