Tyanwan Nuclear Power Plant

න්‍යෂ්ඨික බලාගාරයක් හදන්න ශ්‍රී ලංකා – රුසියන් සාකච්ඡා

රුසියාව ශ්‍රී ලංකාවේ න්‍යෂ්ඨික බලශක්ති ජනක පද්ධතියක් පිහිටුවීමට අදහස් කර ඇති බව ශ්‍රී ලංකාවේ රුසියන් තානාපති යූරි මැටරිටි එරට ස්පුට්නික් නිව්ස් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

Translations

න්‍යෂ්ඨික බලශක්තිය භාවිතා කළ හැක්කේ දීර්ඝකාලීන දැක්මක් සහිතව පමණක් බව ද, ඒ වෙනුවෙන් අදාළ ප්‍රයත්නයන් දැනට ද දරා ඇති බව තානාපතිවරයා පවසා තිබේ.

“සාමකාමී පරමාණුක ශක්තිය ගැන අන්තර් රාජ්‍ය සහයෝගිතාවේ අවසන් ප්‍රතිඵලය වන්නේ න්‍යෂ්ඨික බලශක්ති පද්ධතියකි. ශ්‍රී ලංකාව විසින් දක්වන ලද උනන්දුව, එරට ප්‍රගතිශීලී ආර්ථික සංවර්ධනය සහ සැලකිය යුතු අන්දමින් වර්ධනය වන බලශක්ති පාරිභෝජනය සැලකිල්ලට ගනිමින් න්‍යෂ්ඨික බලශක්ති පද්ධතියක් ගොඩනැගීම සඳහා අදහස සැලකිලිමත් ලෙස සාකච්ඡාවට ගනු ලැබේ. එය දීර්ඝකාලීන දැක්මක් සහිතව ක්‍රියාත්මක වීමට ඉඩ තිබේ,” යි රුසියානු තානාපතිවරයා පවසයි.

රොසටම් නම් රුසියානු න්‍යෂ්ඨික බලශක්ති සමාගම හා ශ්‍රී ලංකාවේ පරමාණුක බලශක්ති අධිකාරිය අතර පළමු සාකච්ඡාව 2017 වසරේ පවත්වා තිබෙන බව ස්පුට්නික් නිව්ස් වෙබ් අඩවියේ තොරතුරුවලින් හෙළි වේ.

(ඡායාරූපය: චීනයේ ටියැන්වාන් න්‍යෂ්ඨික බලශක්ති පද්ධතිය – ස්තුතිය RIA NOVOSTI)