First doctor died of new corona virus

කොරෝනා නිසා මිය ගිය පළමු වෛද්‍යවරයා

ඡායාරූපයේ සිටින්නේ චීන වෛද්‍ය ලී වෙන්ලියැං ය. ඔහු 34 හැවිරිදි අක්ෂි වෛද්‍යවරයෙක්. පෙබරවාරි 7දා උදෑසන 2.58ට ඔහු නව කොරෝනා වයිරසයට ගොදුරුව මිය ගිය බව චීනයේ පීපල්ස් ඩේලි පුවත්පත වාර්තා කළා. ඔහු මිය ගිය බව කලින් ද වාර්තා වූ නමුත් ඔහුගේ රුධිරයට පෙණහලුවලින් බාහිරව ඔක්සිජන් සැපයීමේ හා හදවත ක්‍රියාකාරීව තබාගැනීමේ ප්‍රතිකාරයක් ලබාදෙමින් තිබෙන බව රජය වාර්තා කළා.

Translations by Creative Content Consultants

මේ තමයි නව කොරෝනා වයිරසයට ගොදුරුව පළමු වරට මිය ගිය වෛද්‍යවරයා. එපමණක් නොවෙයි, ඔහු නව කොරෝනා වයිරසය පිළිබඳ පළමු වරට සමාජය දැනුවත් කළ අකටයුතු නාදකයා (whistleblower) ලෙස ද සැලකෙනවා.

ලී වෙන්ලියැං සිය වෛද්‍ය සගයන් වෙත 2019 දෙසැම්බර් 30දා චැට් පණිවුඩයක් යවමින් 2003දී පැතිරුණු සාර්ස් වයිරස් වසංගතයට සමාන රෝගීන් හත්දෙනෙකු හඳුනාගෙන ඇති බව පවසනවා. දින හතරකට පසුව ඔහු මහජන ආරක්ෂක කාර්යාංශය වෙත කැඳවා ප්‍රකාශයකට අත්සන් ගන්නවා. සමාජ පැවැත්මට බාධාකාරී වන වැරදි ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල කරනවා. ඔහු ඇතුළු අටදෙනෙකුට එරෙහිව කටකතා පැතිරවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව පොලිසිය පවසනවා. එහෙත්, පසුව, ප්‍රාදේශීය බලධාරීන් ඔහුගෙන් සමාව ඉල්ලා සිටිනවා.

වෛද්‍ය ලී සේවය කළේ වූහාන් මධ්‍යම රෝහලේයි. තමන්ට කැස්ස වැළඳී ඇති බව ජනවාරි 10දා ඔහු වෙයිබෝ සමාජ ජාලය හරහා ප්‍රකාශ කළා. පසුදා ඔහුට උණ වැළඳී තිබුණා. දින දෙකකට පසු රෝහල්ගත කරන ලද ඔහුට නව කෙරෝනා වයිරසය ආසාදනය වැළඳී ඇති බව තහවුරු වුණේ ජනවාරි 30දායි. (Weibo යනු Twitter වෙනුවට චීනයේ ක්‍රියාත්මක වන සමාජ ජාලයයි.)

Translations