Kanjipani Imran

පොඩි නඩුවකට හිරේ ගිය කංජිපානි ඉම්රාන්ට තව නඩු 25කට වැඩියි

ගංජා කිලෝ පහකට වැඩි ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන්
මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත්  කංජිපානි ඉම්රාන් නම් ප්‍රසිද්ධ අපරාධකරු සය වසරකට සිරගෙට නියම කර තිබේ.

2013 වසරේ සිදුවීමක් සම්බන්ධයෙන් ‌කොළඹ මහාධිකරණයේදී පවරන ලද නඩුවෙහිදී ඉම්රාන් වරද පිළිගෙන තිබේ.

කංජිපානි ඉම්රාන් යනු කලින් කල මතු වී, එක්කෝ ඝාතනයට ලක් වන, නැතිනම්, සිරගත වන ප්‍රධාන ‌‌‌‌පෙළේ මත්ද්‍රව්‍ය අපරාධකරුවන් අතරින් වර්තමානයේ ප්‍රබල ම චරිතයකි. ‌‌දෙමළ බසින් කංජිපානි යනු කැඳ හට්ටියයි. ඔහුගේ පියා කැඳ ‌වෙළඳාම කළ බව කියැවේ.

තවත් ප්‍රබල අපරාධකරුවකු වන මාකඳුරේ මධුෂ් ඩුබායි රටට 2015 වසරේදී ගෙන්වා‌ෙගෙන ඔහුට එරට රැඳී සිටීමට ආයෝජන වීසා සකස්කර දුන්නේ තමන් බව කංජිපානි ඉම්රාන් ‌‌පොලිසියට ප්‍රකාශ කර තිබිණි.

මාකඳුරේ මධුෂ් ඩුබායි රටට 2015 වසරේදී ගෙන්වා ගත්තේ තමන් බවත් ඔහුට එරට රැඳී සිටීමට ආයෝජන වීසා සකස්කර දුන්නේ ද තමන් බව කංජිපානි ඉම්රාන් ‌පොලිසියට පවසා තිබේ. ඩුබායි රජය ආයෝජකයන්ට ‌දෙන වීසා ‌මෙවැනි අපරාධකරුවන් විසින් ලබාගන්නේ රුපියල් ‌කෝටි ගණනින් අල්ලස් ලබාදීමෙනි. ඉම්රාන් ද ඩුබායිහි රැඳී සිටියේ ආයෝජකයකු ‌ලෙස ය. එහි සිට ඔහු ‌මාකඳුරේ මධුෂ් ලංකාවට එවන ‌‌හෙරොයින් ‌කොළඹ ‌බෙදාහැරීම ‌මෙහෙයවා තිබේ.

Sinhala Tamil English Translations and Content Writing
පසුගිය ‌පෙබරවාරි 5දා මාකඳුරේ මධුෂ් විසින් පවත්වන ලද සාදයකදී මත්ද්‍රව්‍ය ‌චෝදනා මත ඩුබායි ‌පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ඉම්රාන් මාර්තු 28දා ලංකාවට පිටුවහල් කරන ලදී.

මිනීමැරීම, මිනි මැරීමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම, මත්ද්‍රව්‍ය වැරදි ආදී ‌චෝදනා මත කංජිපානි ඉම්රාන්ට නඩු 25කට වැඩි ගණනක් විවිධ අධිකරණවල තිබේ. සිය නීත්‍යානුකූල බිරිඳ මරාදැමීමේ ‌චෝදනාව ද ඔහුට එල්ල වීමට නියමිත ය.  

කංජිපානි ඉම්රාන් උසස් ‌පෙළ දක්වා උගත් අයෙකි. පළමු රැකියාව ‌ලෙස මාළිගාවත්ත ‌පොදු ‌වෙළඳපොළේ කුකුළු මස් කඩයක වැඩ කළ ඔහු තුන් වසරකට පසුව තමන්ගේ ම කුකුළු මස් කඩයක් විවෘත කළේ ය. පාතාල නායකයකු ‌ලෙස ප්‍රකට වූ මංජල් අක්‍රම් සමග මිතුරු වීමෙන් ඔහු අපරාධවලට ‌යොමු විය. වර්තමානයේදී ඔහු සමග එකට ජීවත් වන්නේ මංජල් අක්‍රම්ගේ බිරිඳයි. ඔහුට දාව ද ඇයට දරුවකු සිටියි. ඉම්රාන්ට නීත්‍යානුකූල බිරියගෙන් ද දරුවන් ‌දෙදෙනෙකු සිටියි. දරුවන් සියල්ල ඔහු සමග ඩුබායිහි ජීවත් වූ හ.