Rohana Dewa Perera

ගෝඨාභයගේ පත්වීම්වල හොඳම එක රෝහණ දේව නාඩගම

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඊනියා ඉහළ රාජ්‍ය නිලධාරීන් පත්කිරීමේ කමිටුවේ වඩාත් ම විගඩම් පත්කිරීම රෝහණ දේව පෙරේරා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති තනතුරට පත්කිරීම වන අතර, පත් කර දින දෙකකින් අස් කිරීම ද සිදු වී ක්ෂණික මෝචනයෙන් රෝහණ දේව නාඩගම අවසන් විය. පහත දැක්වෙන්නේ ඔහු ගුවන් විදුලි සංස්ථාවට පත් වීමෙන් පසු පැවැත්වූ පළමු කතාවයි. ඔහු පිළිබඳ විස්තර පහත දැක්වේ.

රෝහණ දේව පෙරේරා ගැන කලා සමාජයේ කතාබහකට ලක් වී නම් ලක් වුණ එකම අවස්ථාව බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට්ගේ හුණුවටයේ කතාව ඇසුරෙන් හුණුවටේ නමින් නාට්‍යයක් කිරීමයි. එය හෙන්රි ජයසේන විසින් හුණුවටයේ කතාව නමින් කරන ලද අනුවර්තනය කොපි කරමින් කරන ලද්දකැයි විරෝධය පළ වූ අතර එයට හෙන්රිගේ නාට්‍ය කණ්ඩායම විසින් දක්වන ලද විරෝධය නිසා දර්ශන කීපයකින් හුණුවටේ අවසන් විය. ඔහු ශ්‍රීලන්ති නමින් ද නාට්‍යයක් නිර්මාණය කර තිබේ.

ඔහු කලක් ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස ද සේවය කළේ ය. එම අතීතය මතක් කරමින් ඔහු පැවසුවේ එම කාලයේදී ගුවන් විදුලි සංස්ථාවෙන් ඔහුට වාඩිවෙන්නට පුටුවක් හෝ නොලැබුණ බවයි. තමන්ට අතන මෙතන කැරකෙමින් සිටීමට සිදු වූ බව ඔහු පැවසී ය.

ඔහු සහ ඔහුගේ බිරිඳ වන රමණි දමයන්ති විසින් තිදොර නම් රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වාගෙන යනු ලැබේ. එය ආබාධිත දරුවන් සඳහා නාට්‍ය හා සෞන්දර්යය පුහුණුව ලබා දෙන ආයතනයකි.

ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා පත් කර තිබෙන පිළිතුරු ගී ගැයීමෙන් ජනප්‍රිය වූ ගායිකා සංජීවනී වීරසිංහ හා සිසිර මුණසිංහ නමැති තරුණයා සම්බන්ධයෙන් ද, නව රජය විසින් සිදු කරන ලද තවත් පත්වීම් ගණනාවක් සම්බන්ධයෙන් ද ගුවන් විදුලි සංස්ථා සේවකයන්ගේ විරෝධය එල්ල වී තිබේ. පහත දැක්වෙන්නේ අධ්‍යක්ෂිකා සංජීවනී වීරසිංහ පත්වීම සඳහා සුදුසුකම් ලබා ගත් අන්දමයි.

https://www.facebook.com/SriLankaArmyIntake20/videos/698945360600379/?t=2