Ajith Perakum Jayasinghe in cartoon

මං තාම ජනසතුයි

අජිත් පැරකුම් ජයසිංහ

May be an image of text that says 'Dilantha Rathnayake ඇත්තටම ඔයාවයි වින්තවයි ජනසතු කළොත් ඒත් ඔය මිනිස්සු විරුද්ධ වෙනව. ඔච්චර හොඳ දුවන රජයේ (ස්වේච්ෂා) වියාපාර වෙලත්. Like Reply Hide 7h'

ජනතාව පෞද්ගලිකකරණය වෙලා ගොඩක් කල්. ඒකනෙ මං වැඩකරන්නෙ ස්වේච්ඡාවෙන් බව අදහගන්න බැරි. ඒක තේරුම් ගන්න බැරි තරම් උන්ගෙ චින්තන රාමුවම ලාභය කේන්ද්‍ර කරගෙන පරිවර්තනය වෙලා. මට සල්ලි ගෙවන්නෙ කවුද කියලා හොයනවා, හොයනවා, හොයාගන්න බැහැ. හේතුව එහෙම ගෙවන කෙනෙක් නැහැ. මේක ලාභ නොලබන විතරක් නෙමෙයි අතින් කාලා හරක් බලන වැඩක්.

ඒ අයගෙ දැනගැනීම සඳහා මං මෙතන ලියන්නම්. මාත් හවුල්කරුවකු වන පුංචි සමාගම තමයි ප්‍රජා එකේ කැම්පේන් එකේ බරපැණ සම්පූර්ණයෙන්ම දරන්නෙ. ඒ සමාගමත් එක්ක වැඩකරන ගනුදෙනුකරුවන් තමයි අපට මේ දක්වා අරගෙන ආවෙ. ඒ කවුරුවත් රජයට සම්බන්ධ ආයතන නෙමෙයි. අපත් එක්ක දේශපාලන සම්බන්ධයකුත් නැහැ. හෙට වැටුණත් මේ විප්ලවීය බිස්නස් මොඩල් එක අපි අවුරුදු පහක් ක්‍රියාත්මක කළ බව සටහන් කරගන්න. විශේෂයෙන්ම රාජ්‍ය නොවන සංවිධාන කැමති නම් අපෙන් ඉගෙන ගන්න. මේ තමයි සමාජ ව්‍යවසායකත්වය.

මං මේ කැම්පේන් එක කරන්නෙ ෆුල්ටයිම් . රස්සාව කරන්නෙ පාට් ටයිම්. මං හිටපු ජවිපෙ, හිරු කණ්ඩායම, ලංකා ලෙෆ්ට් වගේ වැඩසටහන්වලදිත් මං මේ විදියටම තමයි වැඩ කළේ. වෙනසක් නැහැ. ඒ වුණාට ඒවයෙ මා එක්ක එකට වැඩ කරපු එවුනුත් මට දැන් කියනවා මං සල්ලිවලටය වැඩ කරන්නෙ කියලා. මං ඒ කාලෙ රස්සාව කරලා ගෙනාපු සල්ලිවලින් ප්ලේන්ටියක් හරි බීපු එවුනුත් ඒ අතර ඉන්නවා. ඒකට හේතුව උනුත් පෞද්ගලිකකරණය වෙලා. මං තාම ජනසතුයි. ඒ කියන්නෙ සමාජවාදීයි.