Corona Patient Connor Read

කොරෝනා වැළඳුන රෝගියෙකුගේ කතාව

බර්ටි රණවීරගේ විසිනි

චීනයේ වුහාන් ප්‍රාන්තයේ ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස වසරක් පුරා සේවය කළ කොනර් රීඩ් නමැති 25 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික උතුරු වේල්ස් වැසියා කොරෝනා වෛරසය වැළඳුනු පළමු බ්‍රිතාන්‍ය ජාතිකයා වන අතර ඔහු රෝගයට ගොදුරු වී ඇත්තේ 2019 නොවැම්බර් මාසයේදී ය. ඔහු සිය දින පොතේ සිය අසනීප තත්වය පිළිබඳව දිනපතා සටහන් තැබිය. එම සටහන් අනුව එය ඉතා වේදනා සහගත රෝගයක් වන අතර දින 22ක් ඔහු රෝගීව සිට තිබේ.

Translations

නොවැම්බර් 25දා ඔහුට හෙම්බිරිස්සාව, කිවිසුම් යාම හා ඇස් මළානික වීම ඇති වී තිබේ. එහෙත්, ඔහු වැඩ කර ඇත. පසුව ඔහුට උගුරේ වේදනාව ද ඇති විය. රැකියාවට යන්නට බැරි තරමට අමාරු විය. එහෙත්, ඔහු තනිව ම නවාතැනේ සිටියි.

දින පහක් යන විට හෙම්බිරිස්සාව හොඳ වුණත්, සිරුරේ දැඩි වේදනාවක් ඇති විය.

රීඩ්ගේ සටහන් වලට අනුව උණ සහ තද හා වේදනාකාරී කැස්සට අමතරව හිසේ බලවත් වේදනාවක් හැදේ. මුළු ශරීරයම කැක්කුම් දෙයි. ඇස් දැවිල්ල ගනී. උගුර හිරවේ. කෑම කන්නට බැරි ය. කන් බෙර පුපුරන්නට එන්නාක් වැනි ය. මානසික ඒකාග්‍රතාව නැති වේ. සෙම්ප්‍රතිශ්‍යාව පෙනහළුවලට සෑදේ. ඇටකටු රිදේ. ඇඳෙන් බැසීම පවා වේදනාත්මක ය. හුස්ම ගන්නා විට වේදනාවක් දැනේ. ඇඳෙන් නැගිට අසල ඇති නානකාමරයට යන්නේ ද අපහසුවෙනි. සුළු දුරක් ඇවිද ගෙන ගිය විට පවා හතියක් හැදේ. ඇඟට බින්දුවක්වත් ශක්තියක් නැත. දහදිය දමයි. ඇඟ ගිනිගන්නවාක් වැනි ය. ඒ මදිවාට ගැහෙන්නට පටන් ගනී. හුස්ම හිරවේ. හුස්ම පිටකරන විට කඩදාසියෙන් තැනු මල්ලක් පොඩිපට්ටම් කරන විට නැගෙන විට හඬ හා සමාන හඬක් පෙනහැල්ලෙන් ඇසේ. හිස කැරකෙන්නාක් සේ දැනේ.

මිය ගිය සුරතල් පළල් පැටවා

ඔහුට රෝගය වැළඳී 11වන දිනයේදී ඔහුගේ සුරතල් බළල් පැටවා මියගියේ ය. (මිනිසුන්ගේ සතුන්ට කොවිඩ්-19 වයිරසය පැතිරෙන බව දැන් සොයාගෙන තිබේ.)

ඔහු සාමාන්‍යයෙන් මත්පැන් හෝ දුම් බොන්නකු නොවුණත්, සහනය පතා මී පැණි සමග චීන විස්කි ස්ව්ලපයක් පානය කරයි. මුලදී එයින් යම් සහනයක් ලැබුණ ද පසුව එයින් ප්‍රතිඵලයක් නැත. මුදල් නැති නිසා ගිලන් රථයක් කැඳවා නොගෙන කාමරයට වී සිටින ඔහු අවසානයේදී ටැක්සියකින් ෂොංනැන්ග් විශ්වවිද්‍යාල රෝහලට යන්නේ 12වන දිනයේ ය. ඔහුට නිව්මෝනියාව වැළඳී ඇති බැවින් පැය හයක් පරීක්ෂණවලට ලක් කරනු ලැබේ. ඉන් පසුව නවාතැනට එන ඔහු ප්‍රතිජීවක ඖෂධ, දුම් ඇල්ලීම වැනි අත් බෙහෙත් ඇතුළු ප්‍රතිකාර ගනිමින් දිගට ම සිටින්නේ නවාතැනේ තනිව ය.

දින 24ක් යන විට ඔහු මුළුමනින් ම සුවය ලබයි.

කොරෝනා නම් වයිරසයක ව්‍යාප්තිය පිළිබඳ අසන්නට ලැබෙන විට ඔහුට රෝගය වැළඳී දින 36කි.

Translations by Creative Content Consultants

ඔහුට ද වැළඳී ඇත්තේ කොරෝනා බව ඔහු දැනගන්නේ දින 52කට පසු රෝහලෙන් දැනුම් දුන් පසු ය. ඔහුගේ ශරීරයේ කොරෝනාවලට ප්‍රතිදේහ ගොඩනැගී ඇති බැවින් ඔහුට එය නැවත නොවැළඳෙනු ඇති බව ඔහු සතුටින් සටහන් කරයි.

පින්තුරවල සිටින්නේ එම ඉංග්‍රීසි ගුරුවරයා සහ ඔහුගේ මිය ගිය සුරතල් බළල් පැටවා ය.