Lal Kannangara

කොරන්ටයින් අපේ සිංහල වචනයක් (සුන්දර ඉංග්‍රීසි)

අජිත් පැරකුම් ජයසිංහ

නව කොරෝනා වයිරසය ලෙස හඳුන්ව ලද වයිරසයත් එක්ක ලෝකය පුරාම සියලු භාෂාවන්ට අලුතෙන් වචනත් එකතු වෙලා. දැන් කොරෝනා කියන්නෙ හැම භාෂාවක ම තියෙන වචනයක්. සිංහල භාෂාවට නම් ඒක සිංහල වචනයක් තරම් ම පහසුයි.

Translations by Creative Content Consultants

කොවිඩ්-19 කියන්නේ වයිරසය නෙමෙයි. ඒ තමයි රෝගය. කොවිඩ් = Corona Virus Disease 2019. ඒ අනුව ලිවිය කොවිඩ්-19 ඉංග්‍රීසියෙන් ලියනවා නම් ලිවිය යුත්තේ කැපිටල් අකුරෙන් ලෙසයි. සිංහලෙන් ප්‍රශ්නයක් නැහැ.

කොවිඩ්-19 කියලා ලිව්වාට බොහෝ අය මෙය කියවන්නේ කොවිඩ් නයින්ටීන් ලෙස වීමත් විශේෂයක්.

වසංගතයක පැතිරීමේ විවිධ මට්ටම් ප්‍රකාශ කරන outbreak, endemic, epidemic, pandemic යන ඉංග්‍රීසි වචනවලට නිවැරදි ම සිංහල භාවිතාවන් මොනවා ද?

මේ මා සිතන පරිදි යෝග්‍ය පරිවර්තන:
outbreak = පැතිරීම, endemic = දේශීය වසංගතය, epidemic = වසංගතය, pandemic – මහා වසංගතය

මේ පරිවර්තන වුණත් නිවැරදි නැහැ. ඔබට හැකි නම් වෙනත් වචන යෝජනා කරන්න.

ලොක්ඩවුන් කියන වදනත් අලුතෙන් සිංහලයට එකතු වෙලා. ශබ්ද කරන්නට අමාරු නැති නිසා ඒ වචනය එහෙම ම භාවිතා කිරීමේත් ගැටලුවක් නැහැ. හේතුව, මෙවැනි වචනවල පූර්ණ අරුත දෙන වචන අලුතින් හැදීමේ අමාරුවයි.

මේ අතර, නිරෝධායනය නම් සිංහල තාක්ෂණික වචනයත් දැන් පොදුවේ භාවිතා වෙන්නට පටන් අරන්. මෙය නීරෝධායනය නෙමෙයි.

ඒ අතර වැඩි දෙනෙක් කොරන්ටයින් නම් වචනයක් භාවිතා කරනවා. එය ඉංග්‍රීසි වචනයක් යයි අප සිතුවත්, එය ඇත්තට ම සිංහල තද්බව වචනයක්. තද්බව කියන්නේ වෙනත් භාෂාවකින් උපුටාගෙන සිංහලයට නගාගැනීමයි. මොකක්ද ඒ මුල් ඉංග්‍රීසි වචනය. ඒ තමයි quarantine හෙවත් ක්වොරන්ටීන්.

Quarantine යන වදන 17වන සියවසේදී ඉංග්‍රීසි භාෂාවට පැමිණියේ quarantina නම් ඉතාලි වදනින් වීමත් අපූර් දෙයක්.

මේ මා මිත්‍ර ඉංග්‍රීසි ගුරු ලාල් කන්නන්ගර අලුතෙන් පටන් ගත් යූටියුබ් චැනලයේ පළමු වීඩියෝව. එහි මේ වචන පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක් සිදුවෙනවා. හොඳ වැඩක්. බලන්න. දායක වෙන්න. ඉගෙන ගන්න.

Translations