disability

ආබාධ සහිතද? වෙනස් හැකියාවන් සහිතද?

ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීම සඳහා ඇතැමුන් ‘වෙනස් හැකියාවන් ඇති පුද්ගලයන්’ යන යෙදුම පාවිච්චි කරනවා. එමගින් ඔවුන් අවමානයට ලක්වීම වළක්වන්නට පුළුවන් යයි ඔවුන් සිතනවා. එහෙත්, ආබාධිත වීම හා ආබාධිත යයි කීම අවමානයට ලක්වන්නට හේතුවක්ද?

ආබාධ සහිත වීමත්, ආබාධ රහිත වීම වගේම සාමාන්‍ය තත්වයක්. ආබාධිත නොවන පුද්ගලයන්ටත් වෙනත් විවිධ රෝගාබාධ තිබෙනවා. ඒ නිසා යම් පුද්ගලයකුට තිබෙන ආබාධිතභාවය හඳුනාගැනීම අවමානයක් නෙමෙයි. අප උත්සාහ කළ යුතුව තිබෙන්නේ ආබාධ සහිත පුද්ගලයන්ටත් සමානාත්මතාව හා සමාන අවස්ථා ලැබෙන සමාජයක් ගොඩනගන්නටයි. ගොඩනැගිල්ලකට ආබාධ සහිත පුද්ගලයකුට ඇතුළුවීමට පහසු ප්‍රවේශයක් සැපයීමේ සිට අප විසින් කළ යුතුව තිබෙන කාර්ය ප්‍රමාණය අති විශාලයි. උදාහරණයක් ලෙස, අපේ රටේ පොදු ප්‍රවාහනයේ බස්වල, දුම්රියවල ආබාධිත ප්‍රවේශය නම් සිහිනයක් වගේ.

ආබාධ සහිත පුද්ගලයන් සංඛ්‍යාව වැඩිවෙමින් තිබෙන බව ද වාර්තාවේ දැක්වේ. ලෝක ජනගහනයේ වියපත් වීම සහ ආබාධවලට හේතු වන (දියවැඩියාව, මානසික ආබාධ වැනි නිදන්ගත සෞඛ්‍ය ගැටලුවල වර්ධනය එයට හේතු වේ.)
ආබාධ සහිතබව විවිධාකාර වන අතර විවිධ ආබාධ සහිත අයගේ අත්දැකීම් ද විවිධ වේ. 
අනතුරුදායක අවස්ථාවලදී අවදානම්වලට ලක්වන ප්‍රජාවන්ගේ ආබාධ සහිත අයට සෙසු අයට වඩා වැඩි බලපෑමක් ඇති වේ.
මූලාශ්‍රය: ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝක බැංකුව, “World Report on Disability” (2011): http://whqlibdoc.who.int/publications/2011/9789240685215_eng.pdf

ආබාධ සහිත පුද්ගලයන් යනු කවුරුද?

දිගුකාලීන ශාරීරික, මානසික, බුද්ධිමය හෝ සංවේදක ඉන්ද්‍රිය දුබලතා සහිත අය ද ආබාධ සහිත පුද්ගලයන් අතර වේ. එම දුබලතා සහ වෙනත් බාධක සමාජයේ සෙසු අය සමග සමානාත්මතා පදනමින් පූර්ණ හා ඵලදායී ලෙස සහභාගී වීම කෙරෙහි බලපායි.  
1 වගන්තිය, ආබාධ සහිත පුද්ගලයන්ගේ  හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය – UNCRPD

ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධ නීති

  • ආබාධ සහිත පුද්ගලයන්ගේ හිමිකම් පිළිබඳ සම්මුතිය (2016දී ක්‍රියාත්මක කරන ලදී)
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව – මූලික අයිතිවාසිකම්
  • 1996 අංක 28 දරණ ආබාධ සහිත පුද්ගලයන්ගේ හිමිකම් ආරක්ෂා කිරීමේ පනත
  • 2003 ආබාධ සහිතබව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
  • 2013 ආබාධ සහිතබව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම
  • නඩු නීතිය

භාෂාමය ගැටලු

භාෂාමය ගැටලු ගැන කතා කරද්දී සංස්කෘතිය පිළිබඳත් කතාකරන්නට වෙනවා. අපේ පැරණි සංස්කෘතිය තුළ භාෂාත්මක වශයෙන් සැලකූ විට ආබාධ සහිත පුද්ගලයන් බැහැර කිරීමක් තමයි දකින්නට ලැබෙන්නේ. අපේ සම්ප්‍රදායන්ගේ, සාහිත්‍යයේ, කලාවේ, ජනප්‍රවාදවල ආබාධ සහිත පුද්ගලයන් අවමන් සහගත ලෙස හැඳින්වීම සාමාන්‍ය තත්වයක්. මෙය වර්තමානයට එන විට රත්මලානේ ගොලුමඩම හන්දිය කියන නම පවා වෙනස් විය යුතුව තිබෙනවා.

යෙදිය යුතු වචන:ඒ වෙනුවට යෙදෙන වචන:
ආබාධ සහිත ජනයාවිශේෂ අවශ්‍යතා සහිත අය, ආබාධිතයෝ
ඔහු/ ඇය රෝද පුටුවක් භාවිතා කරයිඔහු/ ඇය රෝද පුටුවට සීමා වී සිටියි.
ආබාධ සහිත ඡන්දදායකයෝආබාධිත/ රෝගී ඡන්දදායකයෝ
ශාරීරික ආබාධ සහිතකොර
ශ්‍රවණ ආබාධ සහිතබිහිරි
දෘෂ්‍ය ආබාධ සහිතඅන්ධ
ඔටිසම් සහිතපිස්සු
බුද්ධිමය ආබාධ සහිතමන්ද බුද්ධික
ඩවුන් සින්ඩ්‍රෝම් සහිතමොංගල්
එච්අයිවී ආසාදිතඒඩ්ස් රෝගී

ඕනෑම ආකාරයක ආබාධයක් සහිත කාන්තාවන් දෙගුණයක අවදානමකට ලක්වේ. ඔවුන් සමාජයේ වඩාත්ම කොන්වීමට ලක්වන පුද්ගලයන් වන අතර, ස්ත්‍රී පුරුෂ සමාජ සමානාත්මතාව හා ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කරන අයට පවා ඔවුන් නොපෙනී යා හැකිය.

ආබාධ සහිත පුද්ගලයන්ගේ හිමිකම් පිළිබඳ සම්මුතියේ රාජ්‍ය පාර්ශ්වයන් විසින් පහත දැක්වෙන කරුණ පිළිගනු ලැබේ. “ආබාධ සහිත කාන්තාවන් සහ ගැහැණු ළමයින් බහුවිධ වෙනස්කොට සැලකීම්වලට ලක්වේ.” (6 ඡේදය) “ඔවුන් විසින් තම මානව අයිතිවාසිකම් හා මූලික නිදහස පූර්ණ හා සමාන අන්දමින් භුක්ති විඳින බව තහවුරු කිරීමට පියවර ගනු ලැබේ.”

කළ යුත්තේ කුමක්ද?

ලෝක සෞඛ්‍ය සංවිධානය තක්සේරු කරන පරිදි ලොව පුරා බිලියනයක් ජනතාව යම් ආකාරයක ආබාධයක් සහිත වෙති. ශ්‍රී ලංකාවේ 2012 ජන හා නිවාස සංගණනය අනුව, ජනගහනයෙන් 8.7%ක් ආබාධ සහිතව ජීවත්වෙති. ආබාධ සහිත පුද්ගලයන්ගේ සංවිධාන විසින් පෙන්වා දෙන පරිදි මෙම ප්‍රතිශතය ඊට ඉහළ විය හැකිය. එයට හේතුව වන්නේ ආබාධිතභාවය අනුව වෙන්කරන ලද දත්ත ලබාගැනීමේ ගැටලුය. ආබාධ සහිත පුද්ගලයන් විවිධ කොන්කිරීමේ බාධකවලට මුහුණ දෙන අතර කොවිඩ්-19 අධි වසංගතය හේතුවෙන් ඒවා වර්ධනය වී තිබේ.
ශ්‍රී ලංකා රජය 2016දී ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය අපරානුමත කළේය. ඒ අනුව, 1996 අංක 28 දරන ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත සම්මත කරන ලදී. එහෙත්, දේශපාලනික, සමාජ, ආර්ථික සහ සංස්කෘතික ජීවිතයේදී ආබාධ සහිත පුද්ගලයන් දෛනිකව මුහුණදෙන බහුවිධ සංකීර්ණ ප්‍රශ්න සම්බන්ධයෙන් විසඳුම් ලබාදීම සඳහා එය ප්‍රමාණවත් නැත. එබැවින් ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම සඳහා නීති සම්පාදනය කිරීමේ අතපසු වූ හා හදිසි කාර්යයක් තිබේ. ආබාධ සහිත පුද්ගලයන් ඇතුළත් කරගන්නා භාෂාවක් ව්‍යවස්ථා ව්‍යූහය තුළට ඇතුළත් කිරීම ද ඒ අතර තිබේ. ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් නීති අධ්‍යයනාත්මක ප්‍රවේශයක අවශ්‍යතාව ද තිබේ.  

ආබාධ සහිත පුද්ගලයන්ගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ පුවත්පත් නිවේදනය