public service vehicles

සුජීව තෙන්නකෝන් – සහකාර කොමසාරිස් (කාර්මික), මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව ස්වාධීන රූපවාහිනියේ හෝප් වැඩසටහනේදී ඉදිරිපත් කරන ලද අදහස් ඇසුරෙනි

වාහනේ පොත ඩුප්ලිකේට් නම්, වාහනේ වටිනාකම අඩුවෙන එක වාහන මාකට් එකේ ප්‍රෝඩාවක්. පොත නැතිවෙලා නම් ඩුප්ලිකේට් එකක් ගන්න පුළුවන්. හානි වෙලා නම් ඔරිජිනල් එකක්ම ගන්න පුළුවන්.

වාහනේක පාට වගේ වෙනස්කම් කරන්න පුළුවන්. දිග, පළල වෙනස් කරන්න බැහැ. අවසර සහිතව වාහනයේ උස හා බර වෙනස් කරන්න පුළුවන්. පොතේ එය නිවැරදි කරගත යුතුයි.

වාහන ආදායම් බලපත්‍රයේ තිබෙන්නේ දළ බර. ඒ කියන්නෙ වාහනේ බරත් එක්ක මුළු බර. පටවන්න පුළුවන් බර නෙමෙයි.

වාහනවල රෝද ප්‍රමාණ වෙනස් කරන්න අවසර දෙන්නෙ නැහැ. හේතුව, වේග මීටර, දුර මීටර වැරදියට වැඩකරනවා.

වාහනවල පන්තිය වෙනස් කරන්න පුළුවන්. (උදා: ද්විත්ව කාර්ය රථ මගී වාහන බවට). බඳේ වර්ගය වෙනස් කරන්න පුළුවන්.

නිෂ්පාදිත වර්ෂය, රට, මාදිලිය ආදිය වෙනස් කරන්න බැහැ.

වාහනයක ඕනෑම වෙනසක් කළ යුත්තේ මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පූර්ව අවසර ඇතුවයි. එහෙම නැතිනම්, දඩය පළමු වර 50,000යි. දෙවන වර 100,000යි. තුන්වන වර රාජසන්තක කළ හැකියි.

තෙල් ලීක් වගේ ඒවා තියෙනවා නම්, ආදායම් බලපත්‍රය පවරාගෙන, වාහනය ධාවනය තහනම් කරන නියෝගයක් නිකුත් කළ හැකියි.

වාහනයක් පැවරීමේදී වාහනයත් සමග ලබාදිය යුත්තේ MTA 6 ආකෘතියේ පිටපත් දෙකයි. අනෙක් පිටපත තමන් ළඟ තබාගත හැකියි. නැතිවීමකදී හෝ වංචාවකදී වාහන හිමියෙකුට වාහනයේ අයිතිය මාරුකිරීම අත්හිටුවීමට පුළුවන්.

අංක තහඩුවක් නැති වුණොත් පොලිසියට පැමිණිලි කර, ලියාපදිංචි සහතිකය හා හැඳුනුම්පත ඉදිරිපත් කර මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා අංක තහඩු දෙකම නැවත ලබාගත යුතුයි.

වාහනයක් භාවිතා කිරීමට නොහැකි තත්වයට පත්වූ පසු එහි ලියාපදිංචිය ඉවත් කරගැනීමෙන් පොත සම්බන්ධ වංචා සිදුවීම වළක්වාගත හැකියි.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: