ජිනීවා ගැන ආණ්ඩුවේ මූලෝපාය

සමබිම අතිරේකය, අනිද්දා පුවත්පත
මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය අමතමින් විදේශ ඇමති අලි සබ්‍රි විසින් පවත්වන ලද කතාවෙන් ලංකාවේ වත්මන් රජයේ මූලෝපාය ගැන ඉඟියක් ලබාගත හැකිය. පහත දැක්වෙන්නේ එම මූලෝපායේ මූලික ලක්ෂණයි.
- 46/1 දරන යෝජනාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කිරීම
- ස්වාධීන දේශීය ආයතන හරහා මානව හිමිකම් සුරැකීමේ සහ ප්‍රතිසන්ධානයේ ප්‍රගතියක් අත්කර ගැනීම
- ස්වාධීන ආයතනවල ක්‍රියාකාරිත්වය ශක්තිමත් කිරීම සඳහා අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP), වන්දි ගෙවීමේ කාර්යාලය (OR), ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාලය (ONUR) සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) වෙත ලබා දී ඇති අඛණ්ඩ සහයෝගය සහ සම්පත් ලබාදීම
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාමුව තුළ විශ්වසනීය සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම
- ආර්ථික ප්‍රකෘතිමත් වීම කෙරෙහි රජයේ ක්ෂනික අවධානය යොමු වන අතරම, ශ්‍රී ලංකාවේ ජනතාවගේ මානව හිමිකම් ප්‍රගමනය සඳහා සමාන ප්‍රමුඛතාවක් ලබාදීම
- එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා කාර්යාලයක් පිහිටුවීම හරහා එතෙර සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ සංවාදය පුළුල් කිරීම සහ ඔවුන් වෙත ළඟාවීම
- ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වඩාත් පුළුල් ජාතික ආරක්ෂක නීති සම්පාදනයකින් යුතුව ප්‍රතිස්ථාපනය කිරීම
- යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා කැපී පෙනෙන වෙනස්කම් හඳුන්වාදීම
- මහ කොමසාරිස්වරියගේ වාර්තාවේ ‘ආර්ථික අපරාධ’ පිළිබඳව කර ඇති පුළුල් සඳහන මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වරම ඉක්මවා යන බව
2022 සැප්තැම්බර් 12 වැනි සඳුදා ජිනීවාහි පැලේස් ඩෙස් නේෂන්ස්හි වැඩබලන මානව හිමිකම් මහ කොමසාරිස් නාඩා අල්-නෂිෆ් මහත්මිය විසින් වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවති ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී අමාත්‍ය අලි සබ්‍රි විසින් දක්වන ලද අදහස් ඇසුරෙනි.

මේ රටේ හැම පුරවැසියාටම නිවෙසක් තිබිය යුතුය. ජනගහනයේ ප්‍රමාණයටම නිවෙස් ඉදිකළ නොහැකි බව සත්‍යයකි. එහෙත් ආහාර, ඇඳුම් පැලඳුම්, බේත්හේත් මෙන්ම යහපත් ජන ජීවිතයක් ගත කිරීම සඳහා නිවෙසක්ද අවශ්‍යමය. පැල්පත් යනු යහපත් නිවාස නොවේ. තාවකාලික නිවෙස්ය. තොටළඟ කජීමාවත්තේ ගිනිගෙන විනාශ වී ගොස් තිබෙන පැල්පත් යළි පැල්පත් ලෙසින් ගොඩනැඟීමට වඩා යම් ස්ථිරසාර නිවාස ව්‍යාපෘතියක් සැලසුම් කිරීම අත්‍යවශ්‍යය. ඒ වෙනුවෙන් වෙනත් භුමි භාගයක් හෝ තෝරාගෙන කඩිනම් රාජ්‍ය ව්‍යාපෘතියක් සේ ක්‍රියාවට නැඟිය යුතුය. මීට පෙර අවස්ථා දෙක තුනකම මේ නිවාස පෙළ ගිනි ගැනීම්වලට ලක්ව තිබූ බවද කියයි. එහෙත් තත්ත්වය බරපතළ වූයේ මෙවරය. මේ සම්බන්ධව පරීක්‍ෂණ සිදුකළ යුතුවාසේම විපතට පත් පවුල් පිළිබඳ පූර්ණ සොයා බැලීමක් කළ යුතුව තිබේ. පාසල් අධ්‍යාපනයට බාධා නොවන පරිදි සියලු දරු දැරියන්ට රැකවරණ සලසාදිය යුතුමය. වැඩිහිටියන්ගේ ජීවනෝපාය ගැන විමසා බැලිය යුතුය.
කොළඹ නගරය දැකුම්කලු නගරයක් බවට පත්කරලීමේ මුල් පියවර තොටළඟ කජීමා වත්තෙන් ආරම්භ කිරීම මැනවි.