quarantine

නිරෝධායනය සම්බන්ධ මහජන වගකීම

ඉතාලියේ හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් අඩුම තරමේ තිදෙනෙකුට හෝ මේ වන විට කොරෝනා ආසාදනය වැළඳී හමාර ය. වර්තමානයේ ලංකාවේ පවත්නා අධික උණුසුම් කාලගුණය ලංකාවට රෝගය පැමිණීම පාලනය වන්නට හේතුව විය හැකි ය.

Translations by Creative Content Consultants

මේ වන විට සෞඛ්‍ය අංශ විසින් දකුණු කොරියාවේ සහ ඉරානයේ සිට පැමිණෙන පුද්ගලයන් දින 14ක නිරෝධායනයට ලක් කරන්නට කටයුතු කර තිබේ. ඔවුන් නිරෝධායනය සඳහා බැටිකලෝ කැම්පස් හා කන්දකාඩු වෙත රැගෙන යනු ලැබේ. නිරෝධායනය සිදුකරන්නේ යුද හමුදාවේ මෙහෙයවීමෙනි. හැඳල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවීම සම්බන්ධයෙන් එල්ල වූ විරෝධය වැනි විරෝධයක් මෙම ප්‍රදේශවල නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීම සම්බන්ධයෙන් එල්ල නොවීම ද සුවිශේෂ ය.

නිරෝධායනය සඳහා ගෙන යන පුද්ගලයන්ගෙන් මුදල් අය කරන බවට පැතිරී ගිය කතාව පදනම් විරහිත කතාවක් නොවේ. රජයට එවැනි අරමුණක් තිබුණත්, නැතත්, විරෝධය හේතුවෙන් ඔවුන් වහා එකී මුග්ධ අදහස වෙනස් කරගැනීම අගය කළ යුතුය.

කෙසේ වෙතත්, මෙමගින් නිරූපණය වන දෙයක් වන්නේ නිරෝධායන මධ්‍යස්ථානවල ගැටලු තිබිය හැකි බවයි. ඒවා ගැටුම්වලට ද තුඩු දෙන්නට පවා ඉඩ තිබේ. මේ වන විට ඇතැම් මාධ්‍ය ඒ හා සම්බන්ධ වාර්තා කිරීම් කරන්නේ ගැටුම් ඇවිළවෙන අන්දමටයි.

ලංකාව වැනි රටක නිරෝධායන මධ්‍යස්ථානවල පහසුකම් අවම මට්ටමක තිබීම තේරුම් ගත හැකි ය. නිරෝධායනය සඳහා යම් මුදලක්වෙන් කරනු ලබනවා නම්, අනිවාර්යයෙන් ම එයින් වැඩි ප්‍රමාණයක් වැය වන්නේ ඒ හා සම්බන්ධ නිලධාරීන්ට වැටුප්, දීමනා, ප්‍රවාහන ගාස්තු, සැපයුම් කොන්ත්‍රාත්තු ආදියටයි. නිරෝධායනයට ලක් කරන අයගේ කෑමවල සිට අඩුපාඩු මෙන් ම ගසාකෑම් ද තිබිය හැකි ය.

නිරෝධායනය සඳහා ගෙන යන පුද්ගලයන් බස් රථවලින් පිටතට අත දමා අතට අත දෙන, භාණ්ඩ දෙන හා භාර ගන්නා අයුරු ද ඔවුන් විවෘත බස් රථවලින් රැගෙන යන අයුරු ද මාධ්‍යවලින් පෙන්වන ලදී. එය නිරෝධායනයක් නොවේ. ඔවුන් බලන්නට ගුවන් තොටුපළට යාම පවා වගකීම් විරහිත ක්‍රියාවකි.

නිරෝධායනයට ලක්කරනු ලබන වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට මුදල් එවීම සඳහා විදේශ රැකියාවලට ගිය ‘රටවිරුවන්’ බව ද රජය අමතක නොකළ යුතු ය. ඔවුන්ට මානුෂික ලෙස සැලකිය යුතු ය.

එසේම, නිරෝධායනයට ලක්වන්නන් ද නිරෝධායනය තම වගකීමක් ලෙස සැලකිය යුතු ය. ඔවුන් පැමිණෙන රටවලදී නිරෝධායනයට ලක්වන්නට සිදු වුණා නම් නිහඬව එය විඳ දරාගන්නා සේ ම මෙහිදී ද එය කළ යුතු ය. ගුවන් තොටුපළේ හෝ නිරෝධායන මධ්‍යස්ථානවල වීඅයිපී පහසුකම් බලාපොරොත්තු වීම හාඒ සම්බන්ධ ගැටුම් ඇති කරගැනීම තේරුමක් නැත. නිරෝධායන වැඩසටහන සඳහා රජයට සහාය දීම පුරවැසි වගකීමකි.

මේ වන විට චීනය හා දකුණු කොරියාව වයිරසයේ ව්‍යාප්තිය පාලනය කරගැනීමට සමත් වී තිබේ. ඉතාලිය ද ඉතා විධිමත් පියවර ගෙන තිබේ. ලෝකයට මෙම අභියෝගය ජයගත හැකි ය.

Translations