Omicron

ඔමික්‍රෝන් මොනවා කරයිද?

මූලාශ්‍රය: ලෝක සෞඛ්‍ය සංවිධානයේ

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් B.1.1.529 නම් ගැටලු සහගත වෛරස් ප්‍රභේදය (VoC – Variant of Concern) ඔමික්‍රෝන් Omicron ලෙස නම් කර තිබේ. එය සිදුකරනු ලැබුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛරස් පරිණාමය පිළිබඳ තාක්ෂණික උපදේශක කණ්ඩායමේ උපදෙස් මතය. මෙම ප්‍රභේදය ගැටලු සහගත වන්නේ එහි චර්යාවට බලපෑ හැකි යම් යම් විකෘති වීම් නිසාය.

Nu නව යන අරුත දෙන වචන සමග තිබෙන සමීපත්වය නිසාත් Xi සුලබ නමක් නිසාත් ඒවා අත්හරිනු ලැබූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි. එසේ කරනු ලැබුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව රෝග නම්කිරීමේ යහභාවිතාවන්ට   අනුකූලවය. එම ප්‍රතිපත්තිය නිර්මාණය කරගනු ලැබුවේ 2015දී එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ හා සත්ව සෞඛ්‍යය පිළිබඳ ලෝක සංවිධානයේ මැදිහත්වීමෙනි. නාමකරණයේදී “කිසියම් සංස්කෘතියකට, සමාජ, ජාතික, කලාපීය, වෘත්තීය හෝ ජනවාර්ගික කණ්ඩායමකට ගැටලුවක් ඇතිනොවන ආකාරයට” එය සිදුකිරීමට එමගින් යෝජනා කරන ලදී.

ඔමික්‍රෝන් ප්‍රභේද පිළිබඳ මුලින්ම ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා කළේ දකුණු අප්‍රිකාව විසින් 2021 නොවැම්බර් 24දායි. ඩෙල්ටා ඇතුළු වෙනත් ප්‍රභේද මගින් ඇතිකරනු ලබන රෝගී තත්වයට වඩා දැඩි රෝගීබවක් ඔමික්‍රෝන් මගින් ඇතිකරනවාද යන්න තවමත් පැහැදිලි නැහැ. මූලික දත්තවලින් පෙන්නුම් කරන්නේ දකුණු අප්‍රිකාවේ රෝහල්ගත කිරීම් සංඛ්‍යාව වැඩිවී තිබෙන බවයි. එහෙත් ඕමික්‍රොන් හේතුවෙන් නොව, වැඩිවන සමස්ත රෝගීන් සංඛ්‍යාව හේතුවෙන් මෙය සිදුවනවා විය හැකියි. ඔමික්‍රෝන් හේතුවෙන් ඇතිවන රෝග ලක්ෂණ වෙනත් ප්‍රභේද හේතුවෙන් ඇතිවන රෝග ලක්ෂණවලට වඩා වෙනස්ද යන්න ගැන දැනට තොරතුරු නැහැ. වාර්තාගත මුල් ආසාදිතයන් විශ්වවිද්‍යාල සිසුන් වන අතර ඔවුන් අඩු රෝග තත්වයන්ට ලක්වන තරුණ පුද්ගලයිනුයි. එහෙත්, ඔමික්‍රෝන් ප්‍රභේදයේ තීව්‍රතාවේ මට්ටම අවබෝධ කරගැනීමට දින හෝ සති කීපයක් ගතවිය හැකියි. කෝවිඩ්-19 වෛරසයේ ලෝකයේ වැඩියෙන්ම ව්‍යාප්ත ඩෙල්ටා ප්‍රභේදය ඇතුළු සෑම ප්‍රභේදයක් විසින්ම දැඩි රෝගාතුරභාවය හෝ මරණය ඇතිකළ හැකියි. විශේෂයෙන්ම, වඩාත් අවදාමට ලක්වන පිරිස්වලට එම තත්වයන්ට මුහුණදීමට සිදුවිය හැකියි. එම නිසා, වළක්වාගැනීම තමයි හැමවිටම වැදගත් වන්නේ .     

කෝවිඩ්-19 පැතිරෙන තරමට වෛරසය වෙනස් වීමේ අවස්ථාවද වැඩි වේ. ඒ අනුව, වැඩි වැඩියෙන් විකෘති වීම් අපට හමුවනු ඇත. මිනිසුන්ට කළ හැකි වඩාත්ම වැදගත් දෙය වන්නේ වෛරසයට නිරාවරණය වීම අවම කරගැනීමයි.

දැනට පවතින එන්නත් ඇතුළු ප්‍රති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔමික්‍රෝන් ප්‍රභේදය මගින් ඇති කළ හැකි බලපෑම අවබෝධ කරගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය තාක්ෂණික හවුල්කරුවන් සමග වැඩකරමින් සිටිනවා.

Corticosteroids සහ IL6 Receptor Blockers දරුණු කෝවිඩ්-19 රෝගීන් කළමනාකරණය කරගැනීම සඳහා තවදුරටත් ඵලදායී වෙනවා. ඔමික්‍රෝන් ප්‍රභේදයේ වෛරස් කොටස්වල වෙනස්කම් හේතුවෙන් අනෙකුත් ප්‍රතිකාර තවදුරටත් ඵලදායීදැයි පරීක්ෂා කිරීමට තක්සේරුවක් කරනු ලබනවා.

කෝවිඩ්-19 පැතිරීම අවම කිරීම සඳහා පුද්ගලයන්ට ගතහැකි වඩාත්ම ඵලදායී පියවර වන්නේ, වෙනත් අය සමග අඩු වශයෙන් මීටරයක හෝ ශාරීරික දුරස්ථභාවයක් පවත්වාගැනීම, හොඳින් සවිවන මුඛ ආවරණයක් පැළඳීම, වාතාශ්‍රය හොඳින් සිදුවනු පිණිස දොර කවුළු විවෘත කර තැබීම, අඩුවෙන් වාතාශ්‍රය සහිත සහ සෙනග බහුල ස්ථානවලට නොගොස් සිටීම, දෑත් පිරිසිදුව තබාගැනීම, අත නවා වැලමිටට කිවිසුම් යැවීම/ කැස්ස පිටකිරීම, තම අවස්ථාව ලද වහා එන්නත ලබාගැනීම ආදියයි.