Akila Viraj Kariyawasam

අකිල විරාජ්ගේ කිරි කලයට ගොම. ජාතික පාසල්වලට හොර පාරෙන් ළමයින් දාන්නේ කවුරු ද?

ශ්‍රී ලංකාවේ පාසල්වලට දරුවන් බඳවාගැනීමේදී විධිමත් පටිපාටියක් තිබුණේ 1, 6 සහ උසස් පෙළ පන්ති සඳහා පමණයි. අතරමැදි ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කරගැනීම තනිකර ම අල්ලස්, හිතවත්කම් සහ දේශපාලන බලපෑම් මතයි සිදුවුණේ.

Sinhala Tamil English Translations and Content Writing

මේ තත්වය වෙනස් කරන්නට මේ රජයේ අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් පියවර ගත්තා. ඒ අනුව, අප දන්නා ඉතිහාසයේ පළමු වතාවට අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් බඳවාගැනීමට විධිමත් අන්දමින් අයදුම්පත් කැඳෙව්වා. සම්මුඛ පරීක්ෂණ සහ ඇතැම් පාසල් විසින් ළමයින් සඳහා විභාගයක් ද පවත්වා, විනිවිද පෙනෙනසුළු අන්දමින් කෙටි ලැයිස්තුගත කරන ලද ළමයින්ගේ නාමලේඛනයක් ද ප්‍රදර්ශනය කළා.

තවමත් ඒ ළමයින් පාසල්වලට බඳවාගෙන නැහැ. එහෙත්, ඒ අතරවාරයේ 2019 සැප්තැම්බර් 10 දින මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලයේ 7 ශ්‍රේණිය ඉංග්‍රීසි මාධ්‍ය පන්තියට අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ අවසරයක් මත ළමයකු ඇතුළත් කළා.

මෙම පාසලේ ඉංග්‍රීසි මාධ්‍ය පන්තියේ පුරප්පාඩු හතක් තිබුණා. දැන් මේ හතෙන් එකක් අවිධිමත් අන්දමින් පුරවලා.

මේ පිළිබඳ විමසීමේදී දැනගන්නට ලැබුණේ මෙය අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ අවසරයක් මත සිදුවූවක් බවයි. අප සතුව ඒ ගැන සියලු තොරතුරු තිබෙනවා. දැනට ලියන්නේ මෙපමණයි.