Hambanthota Port opening

හම්බන්තොට වරායේ අංගන පුළුල් කරන්නට සැරසෙයි

හම්බන්තොට වරාය ඉදිකර දැන් අවුරුදු 13ක් වෙනවා. මේ වන විට එය යම් මෙහෙයුම් ලාභයක් ලබාගනිමින් තිබෙනවා. මේ වන විට එහි මෙහෙයුම් සිදුකරන්නේ චීනය විසින්. වාහන ප්‍රතිනැව්ගත කිරීම එහි සිදුවන ප්‍රධාන කාර්යයක්.

කාර් ප්‍රවාහනය සිදුකරන්නන්ගේ වාහන ප්‍රතිනැව්ගත කිරීමේ පරිමාව අඛණ්ඩව ඉහළ යන බැවින් අංගන අවකාශය පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව හම්බන්තොට වරාය කළමනාකරණ සමාගම පවසනවා.

2022 වර්ෂයේදී, හම්බන්තොට වරාය විසින් යාත්‍රා 249ක් හරහා ඒකක 558,188ක සම්පූර්ණ පරිමාවක් හසුරුවා ඇති අතර එය 2023දී එය තවත් වැඩිවී ඇතැයි අපේක්ෂා කෙරේ. කොළඹ වරායත් සමග සන්සන්දනාත්මකව බැලූ කල එය සුළු ප්‍රමාණයක්. කෙසේ වෙතත්, කොළඹ වරායේ මෙහෙයුම් එමගින් යම් දුරකට පහසු වී තිබෙනවා.

නව ඉල්ලුම සපුරාලීම සඳහා, හම්බන්තොට වරායේ අතිරේක ගබඩා අංගන ප්‍රදේශ සඳහා ආයෝජනය කිරීමේ විකල්පයන් දැනට ඇගයීමට ලක් කරමින් සිටින බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

හම්බන්තොට වරාය වෙත ක්‍රියාත්මක වන ප්‍රධාන නැව් මාර්ග අතරට Hyundai Glovis, K Line, MOL, NYK Line, East Car Liner, Hoegh Autoliners සහ Gold Star Line ඇතුළත් වේ.

2023 පළමු සතියේදී ඉන්දියාවේ සිට ගෙන්වන ලද වාහන 1,156 ක් දකුණු අප්‍රිකාව, ජෝර්දානය, සුඩානය සහ ටැන්සානියාව වෙත ප්‍රති නැව්ගත කරන ලදී.

ඉකොනොමි නෙක්ස්ට් ඇසුරෙනි