ලංකාව දිළිඳුම රටක් බවට පත්වෙලාද?

2022දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3000ක් පමණ වනු ඇතැයි තක්සේරු කර තිබෙනවා එම නිසා ශ්‍රී ලංකාව අයත් වනු ඇත්තේ පහළ මැදි ආදායම්ලාභී රටවල් වර්ගයටයි.
International Development Association (IDA) හෙවත් ජාත්‍යන්තර සංවර්ධන ආධාර හෙවත් සහන පොළී අනුපාතික යටතේ ණය ලබාගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන මුත්, එම ණය ලබාදෙන්නේ අඩු ආදායම්ලාභී රටවලටය.
ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම අඩු ආදායම්ලාභී රටවල මට්ටමට වඩා ඉහළය. මැදි ආදායම්ලාභී රටවල් විසින් ණය ලබාගත යුත්තේ International Bank of Reconstruction and Development (IBRD) හෙවත් ජාත්‍යන්තර ප්‍රතිසංස්කරණ හා සංවර්ධන බැංකු ක්‍රමය යටතේය. එහි ණය සඳහා විවෘත මූල්‍ය වෙළඳපොළේ පොළී අදාළ වේ.
ශ්‍රී ලංකාව උත්සාහ කරමින් සිටින්නේ අඩු ආදායම් රටක් ලෙස නම් කරගැනීමට නොව, Gap රටක් ලෙස නම් කරගැනීමටයි. ඒ ඔස්සේ තාවකාලිකව සහන පොළී ණය ලබාගත හැකි වනු ඇත.

මේ රටේ පාසල් තුළ රටේ අන් හැම තැනක මෙන්ම වැඩිමනත් එකමුතුවක් නැත. ගුරුවරුන් උත්සහ කරන්නේ විදුහල්පතිට කෙළීමටය. නැත්නම් විදුහල්පති බලන්නේ ගුරුවරුන්ට කෙළීමටය. ඇතැම් ගුරුවරු පාසල් තුළ කල්ලි හදති. ඇතැම් විදුහල්පතිවරුද ඒ හා සමානම දේවල් කරති. මේ නිසා ඇතැම් ගුරුවරු, ගුරු දෙවි යන ගෞරව නාමයෙන් ඈතට ගමන් කර ඇති අතර දෙවියන් සිටින තැනට යක්ෂයා ආදේශ වී ඇත. මේ අතර විදුහල්වල සිටින ඇතැම් ආදි ශිෂ්‍යයෝද ගුරු දෙගුරු සංගමයේ ඇතැම් සාමාජිකයෝද පිස්සු කෙළිති. ලෝකයේ දියුණු රටවල් බොහොමයක ශිෂ්‍ය ප්‍රජාව පාසල් ජීවිතය අවසන් වීමෙන් පසු පාසල අත්හැර දමති. එයට හේතුව තමන් වෙනුවට අලුත් ශිෂ්‍යයන් පාසලට එන බැවිනුත් තමන් නැවත වතාවක් ඉස්කෝලේ යන්නට ගියොත් එය අල ගොඩක් වන බැවිනුත්ය. එහෙත් ලංකාවේ පාසල් (විශේෂයෙන්ම ජනප්‍රිය පාසල්) වැඩිහරියක ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පාසල් ජීවිතය අවසන් වී අවාහ විවාහ කරගෙන දරුවන් ලැබූ පසුත් පාසල් යති. ඒ, පාසලේ කන්ට්‍රෝල් එක තමන් අතට ගනු පිණිසය. විශේෂයෙන් කොළඹ කාන්තා පාසල්වල ආදි ශිෂ්‍යා මව්වරු මේකප් පුරවාගෙන පාසල් වේලාව තුළ පාසල් වලට රිංගා විකාර කරමින් සිටිති. ඇතැම් ජනප්‍රිය පිරිමි පාසල්වල Extra Activities සියල්ලම කරන්නේ බලසම්පන්න පියවරුන් විසිනි. මේ දෙපිරිස අතුරින් අවංක හැඟීමකින් පාසලට මැදිහත්වන දෙගුරුන් පිරිස ඉතා ස්වල්පය. ඒ නිසා ගුරුවරුන් මෙන්ම දෙගුරුන්ද තම සීමාව දැනගත යුතුය.