රසායනික පොහොර තහනම විප්ලවයක් වන්නේ කෙසේද?

අජිත් පැරකුම් ජයසිංහ
කාබනික පොහොර භාවිතය බැනුම් අහගෙන ගුටිකාගෙන හෝ කළ යුතු බව ජනාධිපතිවරයා පවසා තිබේ. කාබනික පොහොර භාවිතය කෙසේ වෙතත්, මේ බැනුම් අහගෙන ගුටිකාගෙන හෝ කළ යුත්ත කිරීම නම් අගය කළ යුතුය. ජනාධිපතිවරයාට එය මතක් වී තිබෙන්නේ කරගන්නට දෙයක් නොමැතිව පස්ස බිම ඇනුණ විටමුත් එසේ හෝ එම අවබෝධය ලැබීම වැදගත් වේ.
ලංකාවේ ගොවීන්ට දෙන පොහොර සහනාධාරය ඉවත් කරන්නේ වෙන මොකක්වත් නිසා නොව, රජයට එය දරාගන්නට බැරි නිසාය. එය ඒ විදියට නොකර, රජය කරන්නේ රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමයි. එසේ කරන්නේ තමන් මෙය කරන්නේ ආහාරවලට, පසට වස විෂ එකතුවීම වළක්වාගැනීමේ සත් චේතනාවෙන් බව ප්‍රදර්ශනය කරන්නටයි.
සමස්තයක් ලෙස පොහොර නොව, වෙනත් ඕනෑම දෙයක් ආනයනය නවතින තරමට මේ වෙලාවේ රජයට ක්ෂණික වාසියක් තිබේ. එනම් විදේශ විනිමය ඉතිරි වන නිසාය. එහෙත්, දිගුකාලීනව එයින් පාඩු සිදුවේ. හේතුව, පොහොර හිඟය නිසා අපනයන කෘෂිකර්මාන්තය බිඳවැටී ආනයන ආදායම් ද අඩු වන හෙයිනි.
පොහොර ලේකම් කාර්යාලයේ සංඛ්‍යාලේඛන අනුව වාර්ෂිකව ආනයනය කරනු ලබන පොහොර මෙට්‍රික් ටොන් ගණන ලක්ෂ 13ක්ට වැඩිය. ඒ වෙනුවෙන් විදේශ විනිමය වශයෙන් වැය කරන මුදල රු. බිලියන 60ක් පමණ වේ. මේ අතරින් මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක් පමණ වී වගාවට ද ඉතිරි ප්‍රමාණය සෙසු වගාවන්ට ද භාවිතා වේ.
සාමාන්‍යයෙන් යූරියා කිලෝ 50 මිටියක මිල රු. 3,500ක් පමණ වේ. පොහොර සහනාධාරය හේතුවෙන් වී වගාවට ලබාදෙන යූරියා පොහොර කිලෝ 50 මිටියක් වෙනුවෙන් රජයට එම රු. 3,500ම දරන්නට සිදු වේ. සෙසු බෝග වලට ලබාදෙන යූරියා පොහොර කිලෝ 50 මිටියක් වෙනුවෙන් රජයට රු. 2,000ක පමණ පිරිවැයක් දරන්නට සිදුවේ. මහා පරිමාණ කෘෂි සමාගම් වෙනුවෙන් පවා රජය මෙම සහනාධාරය ලබාදෙයි. මේ පාරිභෝගික මහජනයා වන ඔබේත් මගේත් මුදල්ය. අපට සෞඛ්‍යාරක්ෂිත ආහාර අඩුමිලට ලබාගැනීමට අවස්ථාවක් නැත්තේ මෙතරම් බරකුත් දරන ගමන්ය.
ඇතැම් දිළින්දන් හා වෙනත් රැකියා කරන්නන් නොසැලකිලිමත් ගොවීන් වී පවතින්නට එක් ප්‍රධාන හේතුවක් වන්නේ නොමිලේ හා අඩු කළ මිලට පොහොර ලබාදීමයි. ඔවුන් විසින් නාස්ති කරනු ලබන පොහොර කන්දරාව විශාල හානියකි. ඔවුන්ට කෘෂි හානි ලෙස කන්නයක් දෙකක් වන්දි ගෙවීම ඇත්තෙන්ම රටට වාසිදායකය. එයින් පොහොර නාස්තිය අවම වී ජාතික ධනය ඉතිරි වේ.
මෙමගින් සැලකිය යුතු පිරිසක් ඊනියා ගොවිතැනින් ඉවත් කරගත හැකිය. ඔවුන් කෘෂි හෝ වෙනත් කම්කරුවන් බවට පත්වීමෙන් ශ්‍රමය ලාභ වීම වැවිලි හා වෙනත් කෘෂි ව්‍යවසායන්ට මෙන්ම වෙනත් කර්මාන්තවලට ද වාසියකි. ලාභ ශ්‍රමය ආයෝජන ආකර්ෂණය කරගැනීමට ද වාසිදායක වේ. දැඩි ශ්‍රම සූරාකෑමකින් ලාභ ලැබීම ඉලක්ක කරගත් ශ්‍රම සූක්ෂම කර්මාන්ත වෙනුවෙන් හෝ ආයෝජන ආකර්ශනය කරගැනීම මේ අවස්ථාවේ ලංකාවට අත්‍යවශ්‍යය. මේ දිනවල පැවැත්වෙන ආයෝජන සමුළුව ඉතා වැදගත් දේශපාලන සිද්ධියකි. කියවන්න ශ්‍රී ලංකාව අලුතින් වරනැගෙන ලක්ෂ්‍යය සොයන අන්තර්ජාල කතා සාප්පුවක්
එසේම, කුඩා වගා ඉඩම් හිමිකරුවන් විසින් එම ඉඩම් විකුණාදැමීමට පෙළඹීම ද මධ්‍ය හා මහා පරිමාණ ගොවීන්ට වාසිදායක තත්වයක් වනු ඇත. විශේෂයෙන්ම, තෙත් කලාපය වැනි වී ගොවිතැන අසාර්ථක කලාපවල ඉඩම් වෙනත් ප්‍රයෝජන සඳහා යොදාගැනීම පිළිබඳ සිතන්නට මෙය කදිම අවස්ථාවකි.
මහජන මුදලින් ලබාදෙන සහනාධාර කාබනික පොහොරවලට සීමාකර ඉන්පසු රසායනික පොහොර ආනයනයට පාලනය කළ අවස්ථාවක් ලබාදිය හැකිය. ඇත්තම කියනවා නම් පාලනය කරන්නට අවශ්‍ය ද නැත. රසායනික පොහොර මිල ඉහළ යන බැවින් ආනයනය හා භාවිතය ඉබේම සීමා වනු ඇත. පසුගිය රජය සමයේ ග්ලයිෆොසේට් ආනයනය තහනම් කළ පසු මේ අන්දමින්ම සීමිත ආනයනයකට අවසර දෙන ලදී. දැන් ග්ලයිෆොසේට් මිල අධික නිසා භාවිතය අඩුය. පොහොර සහනාධාරය නැතිකිරීමත් සමග ගොවීන් තවත් අඩුවන හෙයින් කෘෂි රසායන භාවිතාව ද අඩු වනු ඇත.
කෘෂි නිෂ්පාදනවල මිල ඉහළ යාම මනා නියාමනයකින් යුක්ත ආනයන මගින් තුලනය කරගත හැකිය. එහිදී ආනයන හේතුවෙන් මහන්සි වී ගොවිතැන් කරන සැබෑ ගොවීන් විනාශ වී යාම වළක්වාගත හැකිය.
වසර තුනක කාලය තුළ කාබනික පොහොර භාවිතය 30% දක්වා වැඩිකිරීමේ ඉලක්කයක් සෞභාග්‍යයේ දැක්ම තුළ ද තිබිණි. දැන් එය එක පාරට 100% කරන්නට යාම ඉතා විප්ලවකාරී පියවරකි. එයින් ගොවීන් කරකවා අතහැරියා සේ නන්නත්තාර වේ. ආණ්ඩුව ජනතාවගේ වෛරයට ද ලක්වනු ඇත. එහෙත්, විප්ලව යනු ප්‍රචණ්ඩ අන්දමින් සිදුවන දෙයකි. ගොවීන් මර්දනයට ලක්වනු ඇත.
100%ක් කාබනික පොහොර මගින් කෘෂිකර්මාන්තය සාර්ථකව කළ නොහැකි බව එක කන්නයකින්ම අවබෝධ වනු ඇත. ගොවීන් අන්ත දිළින්දන් වනු ඇත. රටේ සාගතයක් පවා ඇතිවනු ඇත. ලංකාවේ ආහාර ඉල්ලුම නිසා ඉන්දියාවේ අපනයන මිල ද ඉහළ යනු ඇත.
වගකීමක් සහිත කිසිදු අනාගත ආණ්ඩුවක් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් ගනු ලබන මෙම විප්ලවීය පියවර ආපසු හැරවීමට කටයුතු නොකළ යුතුය. මෙය පාවිච්චි කර ගොවීන් රවටා බලය ගත්තත්, බොරු ගොවීන් නිර්මාණය කරන, පොළව හා ජාතික ධනය නාස්ති වන පැරණි පොහොර ප්‍රතිපත්තියට නම් ආපසු නොයා යුතුය. ඒ සඳහා මේ වස විස කතාව උපයෝගී කරගත යුතුය.
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් මුලපුරා තිබෙන සාකල්‍ය ධනේශ්වර විප්ලවය සාර්ථක කරගැනීම සඳහා ආණ්ඩුවට ශක්තිය අවශ්‍යය. ඒ සඳහා සජිත් ප්‍රේමදාස වැනි විපක්ෂ නායකයකු සිටීම ඉතා වැදගත්ය. ආණ්ඩුව ජනප්‍රිය නැතත්, ඔහු නියත වශයෙන්ම 2025දී නැවත වරක් ජනාධිපතිවරණය පරදින නිසා වෙනත් පොදු අපේක්ෂකයකුට ඉඩ නොදී ඔහු රැකගැනීම ආණ්ඩුවේ වැඩකි.
Janapriyawaadie lesa , ” WASA VISA ” yanuwen handunwanu labanne rasaayanika pohora samaga ekwunu Cd , Ni . Co , Cu weni sandhataka menma aahara drwya thula athei kiyana rasaayanika haa ahithakara khudra jievien viya heka .
Namuth conpost pradhaana kotagath , Carbonika pohora hadanna merata ho videasieya naagarika kasala matha yepiemata nam siduwenawaamaya .
Ema kasala thula oyakiyana Visa emataya .
Ewwa iwath kiriema , kawru kawruth sithan inna paridi sarala bhawthika krama walin beriya .
Visa iwathkirieme kramaweada mulinma sakasaa gathayuthula ehemanam !
Thawada adu wedi wasayen wagaawanta awassya mooladrwya 17 ehi thibeada , prathishatha lesa beliya yuthuya .
Adu nam oonapooranaya kala yuthuya .
Ehidie newatha rayaayanika pihita pathanna siduwe .
NASRUDIEN mathak wenne oyawelaawataya .
Aeka bohodenaa wagaawa yanuwen kiyanne vie govithenaya !
Pohora sandaha sahanaadhara dunne , wagaakaruwo illalaa nowa poora bhaavithaa karanno choone kara chande kadaa geniemataya .
Den rasaayanika poora menma denawai paarambaana carbonika poora da awabhaavithaa korai kiyaa amathi poorwokathane koranawaaya .
Gonaa herenne pol pele kannataya .
Badu madiwena bawa lokko dannaa nisaa aekath siema korannaya .
Aarthika wagaa nawathaa , rata vikunaa vinime aran awasya aahara ratin genviemata ae vinime yodaa gannada mea hadanne !