දිලිත් ජයවීර යනු ගෝඨාභය රාජපක්ෂටත්, ඊටත් කලින් මහින්ද රාජපක්ෂටත් දැක්වූ සහයෝගයෙන් ව්‍යාපාරික අවස්ථා උදා කරගෙන දියුණුව සලසා ගත් ‘ව්‍යවසායකයෙකි’. ව්‍යාපාරකරණය ඊනියා වාමාංශික දේශපාලනය මෙන් අති පිරිසිදු විය යුතු යයි මා නොසිතන නිසා මට නම් ඒ ගැන විශේෂ අවුලක් නැත. සියලු ‘බිස්නස්’ එසේය. චන්ද්‍රිකාට හා මහින්දට ජැක් ගසා ජනතා විමුක්ති පෙරමුණ ද ගුවන් විදුලි විකාශන බලපත්‍රයක් ලබාගෙන එය පසුව විකුණා දමා ඇත.Continue Reading