වහාබිවාදය සම්පූර්ණයෙන් තහනම් කරනු! භාර වී පුනරුත්ථාපනය වීමට අවස්ථාවක් ලබා දෙනු!

මේ මොහොත වන විට වහාබි ත්‍රස්තවාදයේ පළමු වටය විසින් දැඩි හානියක් සිදු කර හමාර ය. ඒ සමග ම ක්‍රියාත්මක වූ රජය හා ආරක්ෂක අංශ දෙවන ප්‍රහාර වටයකට පිවිසිය හැකි පිරිස දැඩි මර්දනයකට ලක් කර තිබේ. තහනම් කරන ලද ජාතික තව්හීද් ජමාත් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි යන සංවිධානවල ප්‍රසිද්ධ සාමාජිකයන් අත්අඩංගුවට ගෙන තිබේ.

(දැන්වීමෙන් පසු ලිපිය කියවන්න)
Media and Social Entrepreneur

එහෙත්, මෙහිදී අප විසින් මතක තබාගත යුතු කාරණයක් තිබේ. මේ වනාහි ලංකාවේ එකම වහාබිවාදී සංවිධාන දෙක නොවේ. සෙසු සියලු වහාබිවාදී සංවිධාන ද තහනම් කළ යුතු ය. මන්ද, වහාබිවාදය යනු ආරම්භයේ පටන් ම ත්‍රස්තවාදය සමග සම්බන්ධ ආගමික ගුරුකුලයකි. වහාබිවාදය පිළිබඳ හැඳින්වීමක් මතු දැක්වෙන ලිපියේ තිබේ.

තව්හීද් ජමාත් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය හා සම්ප්‍රදායික මුසල්මානුවා

මෙම ප්‍රහාරවලින් පසුව ලංකාවේ වහාබි ත්‍රස්තවාදීනට අරමුදල් සම්පාදනය කරගැනීමේ මාර්ග තවත් පුළුල් වන අතර, මෙකී සංවිධානවලට නව හිමිකරුවන් බිහි වන්නට සහ හිමිකාරිත්වය වෙනුවෙන් ගැටුම් පැනනගින්නට පවා ඉඩ තිබේ. එහෙම නැතත්, තරගකාරී සෙසු වහාබි සංවිධානවල සිටින අන්තවාදීන් ද ත්‍රස්තවාදය දෙසට යොමු වන පසුබිමක් නිර්මාණය වන බවට සැකයක් නැත. වහාබිවාදීන් මුහුණ දෙන මර්දනය ද එයට උත්ප්‍රේරකයක් වනු ඇත. එබැවින් වහාබිවාදය සම්පූර්ණයෙන් ම තහනම් කරනවාට අමතරව පුනරුත්ථාපනය වීමට කැමති වහාබිවාදීන්ට භාර වීම සඳහා අවස්ථාවක් ලබා දිය යුතු ය. සියලු වහාබිවාදීන් පිළිබඳ දත්ත පදනමක් නඩත්තු කළ යුතු ය.

මේ වන විටත් හෙළිදරව් වී සිටින ශ්‍රී ලංකා තව්හීද් ජමාත් වැනි වහාබි සංවිධාන ද තහනම් කළ යුතු ය. වහාබිවාදය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමිය යුතු ය. තව්හීද් යන දෙවියන්ගේ ඒකීයත්වය පිළිබඳ කියැවෙන අරාබි වචනයට මුවා වී මොවුන් කරන්නේ සම්ප්‍රදායික ඉස්ලාම් විරෝධී, වහාබි ත්‍රස්තවාදය පතුරුවා හැරීමයි. වහාබිවාදය ඓන්ද්‍රියව ම ත්‍රස්තවාදයකි. දෙවියන් විශ්වාස නොකරන මිනිසුන් කෆීර් ලෙස සලකා ඝාතනය කිරීම ප්‍රවර්ධනය කරන්නකි.

බුර්කාව වැනි වහාබි සංකේත අතුගා දමනවා මෙන් ම, වහාබිවාදීන් විසින් ආරක්ෂා කරන ලද මුස්ලිම් විවාහ නීතිය වැනි තත්වයන් ද වෙනස් කිරීමට කඩිනමින් ක්‍රියා කළ යුතු ය.

වහාබිවාදයේ ඉදිරි ක්‍රියාමාර්ග වනු ඇත්තේ මුස්ලිම් සමාජය මුදල් හා භීෂණය භාවිතා කර යටපත් කිරීමයි. මෙහි මූලික ලක්ෂණ සහරාන් හෂීම්ගේ බිරිඳ, පියා, සහෝදරයන් ඇතුළු පවුලේ අය විසින් සයින්දමරුදුහිදී රඟදක්වන ලදී. පාවා නොදෙන ලෙස ඉල්ලා සිටිමින් ඔවුන් විසින් මුදල් ද විසි කරන ලදී.

ඉදිරි කාලයේදී මුස්ලිම් සමාජය තුළ මධ්‍යස්ථ මුස්ලිම්වරුන්ට එරෙහිව තර්ජන, කට කැපීම්, බෙලි කැපීම්, පහරදීම්, ඝාතනය කිරීම් රැල්ලක් පැන නගින්නට ඉඩ ඇති අතර, එවැනි සිදුවීම් කිසිවකට ඉඩක් නොතැබිය යුතු ය.එවැනි ප්‍රහාර සුළුකොට නොතැකිය යුතු ය. හේතුව, එහි අරමුණ වන්නේ මුස්ලිම් සමාජය ත්‍රස්ත කර එයින් පිටතට තොරතුරු ගලා යාම වැළැක්වීම වන හෙයිනි.

එහි මූලික වගකීම තිබෙන්නේ මුස්ලිම් සමාජයටම ය.

Sinhala Tamil English Translations and Content Writing