Let me vote

මහ මැතිවරණයක් අවශ්‍ය ද?

– අජිත් පැරකුම් ජයසිංහ

විවිධ මැතිවරණ තියෙනවා. ජනාධිපතිවරණ, මහමැතිවරණ, පළාත් සභා, පළාත් පාලන, සමුපකාර ආදී වශයෙන්. ඒ ඒ මැතිවරණයෙන් ජනවරමවල් ලබා දෙන්නේ වෙන වෙන ම, ඒ ඒ ආයතන වෙනුවෙන්. උදාහරණයකට ජනාධිපතිවරයාට ජනවරමක් දෙන්නෙ අවුරුදු පහකට. නගර සභාවකට අවුරුදු හතරකට. එතකොට ඒ ජනාධිපතිවරයාගේ පක්ෂය පළාත් පාලන ආයතන ඡන්දය පැරදුණා ය කියලා ජනාධිපතිවරයාගේ ජනවරම අහෝසි වෙන්නෙ හෝ ජනාධිපතිවරණය නැවත පැවැත්විය යුතු හෝ නැහැ. ඒ වගේ ම තමයි, ජනාධිපතිවරණය පැරදුණා ය කියලා පළාත් පාලන ඡන්දය වහා ම පැවැත්විය යුතු ද නැහැ. මේවා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ සරල කාරණා. මහජනතාව විදියට අප කළ යුත්තෙ හැමදාම ඡන්ද පවත්වන්නැයි ඉල්ලන එක නෙමෙයි. ජනවරම අදාළ කාලසීමාව තුළ වගකීම් හරිහැටි ඉටු කරන්නැයි දේශපාලකයන්ට බලකිරීමයි. අනවශ්‍ය මැතිවරණ එක පැත්තකින් මුදල් නාස්තියක්. අනෙක් පැත්තෙන් එය දේශපාලන ස්ථාවරත්වයට බාධාවක්. 

හදිසි මැතිවරණ සාධාරණ වෙන වෙලාවල් තිබෙනවා. ඒ යම් සාධාරණ හේතුවක් නිසා මහජනතාව වීදි බැහැලා මැතිවරණයක් ඉල්ලනවා නම්. එහෙම නැතුව දේශපාලකයන් පිරිසක් බලයට තියෙන පෙරේතකමට ඡන්ද ඉල්ලුවා ය කියලා ඡන්ද පවත්වන්නට අවශ්‍ය නැහැ.

Sinhala Tamil English Translations and Content Writing

ලංකාවේ මේ මොහොතේ ජනාධිපතිවරණයක් පැවැත්වීම නම් සාධාරණයි. හේතුව ජනාධිපතිවරයා සිය ජනවරම මුළුමනින් ම පාවා දීලා, තමා විසින් පරාජය කරන ලද බලවේග සමග කුමන්ත්‍රණයක් කරලා, ව්‍යවස්ථාවට එරෙහිව වැඩ කරලා දරුණු අර්බුදයක් නිර්මාණය කර තිබෙන නිසා.