පූජිත්ට හේමසිරිට මරණ දඬුවම ලැබිය හැකි හේතු

අප්‍රේල් 21 ප්‍රහාර සම්බන්ධයෙන් තොරතුරු කල්තබා දැනගෙන ක්‍රියාත්මක නොවීමෙන් සිදු කළ වැරදි සම්බන්ධයෙන් එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ට එරෙහිව නීතියෙන් කටයුතු කරන්නට නීතිපති දප්පුල ද ලිවේරා උපදෙස් දී තිබේ. ප‍්‍රබල ලෙස රාජකාරිය පැහැර හැරීම, නොසැලකිල්ල හා තදබල අපරීක්ෂාකාරීත්වය නිසා එම සිද්ධි වළක්වා ගැනීමට මෙම නිලධාරීන් අපොහොසත් වී ඇති බවට නීතිපතිවරයා නිගමනය කර තිබේ. ඔහු විසින් පදනම් කරගෙන තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විශේෂ ජනාධිපති විමර්ශන කමිටුවේ අතුරු වාර්තාවයි.

(ලිපිය දැන්වීමෙන් පසු නැවතත්)
Sinhala Tamil English Translations and Content Writing

මෙම නිලධාරීන් දෙදෙනාට නඩු පැවරීම සිදුවන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ පහත දැක්වෙන වගන්ති යටතේ ය.

296 වගන්තිය: මිනීමැරීම සම්බන්ධයෙන් වන අතර මරණ දඬුවම දිය හැකි ය.

298 වගන්තිය: නොසැලකිල්ල නිසා මරණ සිදුකිරීම සම්බන්ධයෙන් වන අතර වසර පහ දක්වා සිර දඬුවම් හෝ දඩ හෝ දෙක ම නියම කළ හැකි ය.

327 වගන්තිය: අපරීක්ෂාකාරී ලෙස හෝ නොසැලකිලිමත් ලෙස හෝ කටයුතු කිරීමෙන් වෙනත් අයගේ ජීවිත හා පෞද්ගලික ආරක්ෂාව අනතුරේ හෙළීම හා සම්බන්ධ ය. මාස තුන දක්වා සිර දඬුවම් හෝ රු. 100 දක්වා දඩ හෝ දෙක ම නියම කළ හැකි ය.

328 වගන්තිය: අපරීක්ෂාකාරී ලෙස හෝ නොසැලකිලිමත් ලෙස හෝ කටයුතු කිරීමෙන් වෙනත් අයගේ ජීවිත හා පෞද්ගලික ආරක්ෂාව අනතුරේ හෙළා තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් මාස හය දක්වා සිර දඬුවම් හෝ රු. 100 දක්වා දඩ හෝ දෙක ම නියම කළ හැකි ය.

329 වගන්තිය: අපරීක්ෂාකාරී ලෙස හෝ නොසැලකිලිමත් ලෙස හෝ කටයුතු කිරීමෙන් වෙනත් අයගේ ජීවිත හා පෞද්ගලික ආරක්ෂාව අනතුරේ හෙළා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අවුරුදු දෙක දක්වා සිර දඬුවම් හෝ රු. 1000 දක්වා දඩ හෝ දෙක ම නියම කළ හැකි ය.

410 වගන්තිය: අපකාරය හෙවත් පීඩාකාරී ක්‍රියා සම්බන්ධ ය. එමගින් රු. 50ට වඩා හානියක් සිදු කර තිබේ නම්, වසර දෙක දක්වා සිරදඬුවම් හෝ දඩ හෝ දෙක ම නියම කළ හැකි ය.

ඉස්ලාම් අන්තවාදීන් පිරිසක් විසින් එල්ල කරන ලද මෙම ප්‍රහාර මාලාවෙන් පුද්ගලයන් 258 දෙනෙකු මිය ගිය අතර තවත් 500කට අධික පිරිසක් තුවාල ලැබූ හ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම නිලධාරීන් දෙදෙනා ධුරයෙන් පහ කරන ලදී. පොලිස්පතිවරයා ධුරයෙන් ඉල්ලා අස් නොවූ අතර ඔහු වෙනුවට වැඩබලන පොලිස්පතිවරයකු පත් කර තිබේ.

Read in English Former police chief and defense secretary shall be punished with death penalty for homicide

මෙම ලිපිත් කියවන්න:

සහරාන්ලාට අයිඑස් සමග ඍජු සම්බන්ධයක් ඇති බව තවමත් තහවුරු වී නැහැ – ද හින්දු

ඉස්ලාම් ත්‍රස්ත නායකයන්ගේ නම්වලට ‘අබු’ එකතු වුණේ කොහොමද?

පාස්කු ඉරිදාට පසු දේශපාලන නායකත්ව තරගයේ නව ප්‍රවණතා

පාස්කු ඉරිදා බෝම්බ සහ පෝට් සිටි ඉඩම්