තව්හිද් ජමාත් සහ ජමියතුල් මිලාතු ඊබ්‍රාහිම් පාවිච්චි වුණේ කා වෙනුවෙන් ද?

ජාතික තව්හිද් ජමාත් සහ ජමියතුල් මිලාතු ඊබ්‍රාහිම් ශ්‍රී ලාංකික වහාබි ත්‍රස්ත සංවිධාන දෙක තහනම් කිරීමට හදිසි නීතිය යටතේ රජය කටයුතු කර තිබේ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවේ නායකයා ලෙස සැලකෙන, අන්තවාදී ආගමික දේශකයකු වන සහරාන් හෂීම් සහ මෙම කණ්ඩායම අතර එකමුතුවකින් මෙම ප්‍රහාරය එල්ල වූ බවට සැක කෙරේ.

(Article continued after the advertisement)
Media and Social Entrepreneur

මෙවැනි සංවිධානවලට සවුදි අරාබි වහාබි සංවිධාන හරහා අරමුදල් සම්පාදනය කරගැනීමේ මාර්ග තිබේ. එසේම, ලංකාවේ දේශපාලකයෝ ද මෙම සංවිධාන බලය සඳහා පාවිච්චි කරති.

පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ තොරතුරු නිවැරදිව වාර්තා කිරීමට බුද්ධි අංශ සමත් වූයේ නිකම් නොවේ. බුද්ධි අංශ මෙම සංවිධාන තුළට රිංගාගෙන තිබේ. එපමණක් නොව, බුද්ධි අංශ විසින් මෙම සංවිධාන යම් දුරකට මෙහෙයවනවා වන්නට ද පුළුවන. බුද්ධි අංශ මෙහෙයවන්නේ රජයන් විසින් පමණක් නොවේ. ලංකාවේ නම් වෙනත් දේශපාලන බලවේග ද බුද්ධි අංශ මෙහෙයවන බව පෙනේ. රජයටත් වඩා වෙනත් දේශපාලන බලවේග බුද්ධි අංශ වෙනුවෙන් පෙනී සිටින්නේ නිකම් නොවේ.

ජාත්‍යන්තර බුද්ධි අංශ විසින් අල් ක්වයිඩා, අයි එස් වැනි ජාත්‍යන්තර ත්‍රස්ත ව්‍යාපාර මෙහෙයවන බව ප්‍රසිද්ධ රහසකි. ඒවා හරහා ද ලංකාවේ අන්තවාදී ව්‍යාපාර පාවිච්චි කිරීමේ හැකියාව තිබේ.

ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව එල්ල කිරීම පසුපස තිබෙන ජාත්‍යන්තර උවමනාවන් පරිස්සමෙන් සැලකිල්ලට ගත යුතු ය. විශේෂයෙන් ම යම් යම් රටවලට අයත් බුද්ධි අංශ තම රටේ අරමුණු වෙනුවෙන් මෙවැනි ප්‍රහාර උපයෝගී කරගනිති.

මෙම තත්වය තේරුම් ගැනීමට ඉවහල් වන සිද්ධි මාලාවක් ඉතා නිරුවත් අන්දමින් පෙළගැසෙමින් තිබේ. සියුම්ව අධ්‍යයනය කිරීමෙන් යම් අනුමාන කථනයක් නිර්මාණය කරගත හැකි ය.

විශේෂයෙන් ම බලවත් රටවල් අතර ශ්‍රී ලංකාවේ ආධිපත්‍යය සම්බන්ධයෙන් තිබෙන බල අරගලය හා මෙම ප්‍රහාරය සමග ඉදිරියට එන දේශපාලන ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කරන්න. ඒවා ආසන්න තවත් සිද්ධි සමග ගලපා ගත් විට, ඇතැම් රටවල් සිය අවශ්‍යතා ඉටු කරගැනීමට අලුත් උපායමාර්ග අනුගමනය කරමින් සිටින බව අනුමාන කළ හැකි ය. විනිශ්චය ඔබ සතු ය.

(කවරයේ ඡායාරූපය: සැමියා, දරු දෙදෙනෙකු හා සොයුරු සොයුරියන් තිදෙනෙකු අහිමි වූ කාන්තාවක් අප්‍රේල් 24දා සමූහ ආදාහනයකදී වැළපෙන අන්දම. ඡායාරූපය ගැමුණු අමරසිංහ / AP / ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් වෙබ් අඩවියෙනි. ස්තුතියි)

Sinhala Tamil English Translations and Content Writing