උසස් පෙළ සමත් සිසුන්ට ගුරුවරයකුගෙන්

නිශාන්ත කුලරත්න උසස් පෙළ භෞතික විද්‍යාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන ඉංජිනේරුවෙක්. ඔහු දක්ෂ පරිවර්තකයෙක්. නට්සින්ගේ කතාව, සදාචාරමය භූමිදර්ශනය, බෝල්ෂෙවික්වාදය න්‍යාය සහ භාවිතාව, තැපැල් කරනවාට වඩා හසුන්පත් ස්ත්‍රීන් ලියන්නේ ඇයි යන නම්වලින් පළ වූ පොත් පරිවර්තනය කළේ ඔහු ය. උසස් පෙළ ප්‍රතිඵල පිළිබඳ ඔහු තැබූ මෙම කෙටි සටහන වැදගත් පණිවුඩයකැයි සිතන නිසා මෙහි පළ කරමි.

Sinhala Tamil English Translations and Content Writing

A, B ලබාගත් සිසුන් සමග කතා කිරීම සතුටට කරුණක්. ඒක ගුරුවරයෙකුගෙ හැකියාවට වඩා ශිෂ්‍යයගෙ කැපවීමේ ප්‍රතිඵලයක් හැටියට දැකීම වඩා නිවැරදියි. විශේෂ පුහුණුවක් ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටින භෞතික විද්‍යාව, ගණිතය වැනි විෂයන්වලදි මේ කාරණය තීරණාත්මකයි.

C, S ලබාගත් සිසුන් සමග කතා කිරීමෙදි ඔවුන් තුල තරමක හිතට බරක් ඇතිබවක් දැනෙනව. කොහොම වුණත් තේරුම් ගන්න තියන කාරණය වන්නෙ විභාගයක ප්‍රතිඵලය කියන්නෙ පුහුණුව, සූදානම්වීම, අදාල විෂය කෙරෙහි තමා තුල වන ආකර්ෂණය, විෂය තමන්ගෙ ජීවන විලාශයට ගැලපීම වගේ සාධක ගණනාවක එකතුවක් බවයි. වැදගත් කාරණය එක විභාගයක අඩු ප්‍රතිඵලයක් යන්න වෙනත් විභාගයක උසස් ප්‍රතිඵලයක් හැටියට හදුනාගැනීමයි. ඒක ජීවිතයෙ සාර්ථක/අසාර්ථකභාවයන්ටත් අදාලයි.

ප්‍රතිඵල ගැන යම්කිසි වික්ෂිප්තබවකින් ඉන්න අයට භෞතික විද්‍යාවටම සම්බන්ධ ඇලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල්ගෙ පහත ප්‍රකාශය සිහිපත් කිරීමට කැමතියි.

“එක් දොරක් වැසෙනවිට නව දොරක් විවරවේ. නමුත් අප වැසීගිය දොර දෙස බොහෝ වෙලා ඉතා කණගාටුවෙන් බලාසිටින අතර අප වෙනුවෙන් විවෘත වී ඇති නව දොර අපට නොපෙනී යයි.”