weight loss scale

උත්සව කාලෙට බර වැඩි වන එක වළක්වා ගන්නට සරල ක්‍රමයක්

උත්සව කාලවලදි රස ආහාර සුලබයි. විවේකය, සතුට මැද පෙළඹවීම් වැඩි නිසා ආහාර පාලනය කරගන්නට අපට බැරි වෙනවා. අපි ටිකක් වැඩිපුර කනවා, බොනවා. ඒ විතරක් නෙමෙයි, ව්‍යායාම කිරීමත් අඩු වෙන්නට පුළුවන්. ඒ කාලවලදි ශරීරයේ බර ග්‍රෑම් 500කින්, කිලෝ එකකින් වැඩි වෙන්නට ඉඩ තිබෙනවා. උදරය මහත් වෙන්නට ඉඩ තිබෙනවා. 

බර වැඩි වීම වැඩිපුර සිදුවන්නේ උත්සව කාලවලදී බව සමීක්ෂණ විසින් සොයාගෙන තිබෙනවා. එපමණක් නොවෙයි එසේ වැඩි වන බර බොහෝ විට අඩු වන්නේ ද නැහැ. අවුරුද්දෙන් අවුරුද්ද මෙසේ වැඩි වන බර ශරීර බරට එකතු වෙනවා. මෑත කාලයේදී කරන ලද අධ්‍යයනයක ලේඛකයන් විසින් වාර්තා කරන ලද පරිදි මෙම කාලයේදී ශරීර බර කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමෙන් තරබාරුකම පාලනය කිරීමේ හැකියාව වැඩි වෙනවා. 

බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නල්හි පළ වූ Winter Weight Watch Study නම් වූ  මෙම සමීක්ෂණ වාර්තාවට අනුව, ඔවුන් ගැහැණුන් හා පිරිමින් 272ක් කණ්ඩායම් දෙකකට බෙදා, එක් කණ්ඩායමක් සාමාන්‍ය පරිදි ආහාර ගනිද්දී අනෙක් කණ්ඩායමට නිරන්තර බර මැනීම, ආහාර පාලනය කිරීම, ආහාරවල කැලරි ප්‍රමාණය, ඒවා දහනය වීමට ව්‍යායාම කළ යුතු කාලය ආදිය පිළිබඳ උපදෙස් හොඳින් සපයා තිබෙනවා. උත්සව සමයේදී ශරීර බර පාලනය කරගැනීම කෙරෙහි අවධානය යොමු කළ කණ්ඩායමේ බර වැඩි වීම අඩු මට්ටමක තිබුණු බව අධ්‍යයනයෙන් හෙළි වුණා.

සමීක්ෂකයන් පෙන්වා දෙන තවත් වැදගත් කාරණයක් වන්නේ නිතර බර කිරාගැනීමත් ඉතා වැදගත් බවයි. ඒ නිසා බර කිරන තරාදියක් මිළ දී ගැනීමත් ඔබට ප්‍රයෝජනවත් වන්නට පුළුවන්. 

Media and Social Entrepreneur