Joko Vidodo

ඉන්දුනීසියාවේ ජනාධිපතිවරණයෙන් ‘කෞශල්‍යතන්ත්‍රවාදී’ ජොකොවි ජය ගනී

අජිත් පැරකුම් ජයසිංහ

ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ හෙවත් ජොකොවි ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වන හිටපු හමුදා ජනරාල්වරයකු වන ප්‍රොබෝවෝ සුබියැන්ටෝ පරදා 2019 අප්‍රේල් 17දා පැවති ජනාධිපතිවරණය ජයගෙන දෙවන වරට ද තේරී පත් වී තිබේ. කෙසේ වෙතත්, ඔහුගේ ඡන්ද ප්‍රතිශතය අපේක්ෂා කළ තරම් ඉහළ එකක් නොවන බව ද වාර්තා වේ.

විඩෝඩෝ ආර්ථිකය මැනැවින් කළමනාකරණය කරමින්, උද්ධමනය පහළ තබා ගනිමින්, ආර්ථික වර්ධන වේගය ද ස්ථාවර කරගෙන රට පාලනය කළේ ය. ඔහු අතින් පරාජය වුණේ 1998දී මහජන උද්ඝෝෂණ මගින් බලයෙන් පහ කරන ලද හිටපු ජනාධිපති සුහර්තෝ‍ගේ දියණියගේ ස්වාමි පුරුෂයායි. ඔහු ව්‍යාපාරිකයෙක්. එසේම හිටපු හමුදා නිලධාරියෙක්. ඔහුට එරෙහිව තිබෙන යුද අපරාධ චෝදනා නිසා ඔහු ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල නිල නො වන ගමන් තහනමකට ලක් වී සිටින අයෙක්.  (ලිපිය දැන්වීමෙන් පසු දිගට ම කියවිය හැකි ය.)

Media and Social Entrepreneur

ලොව විශාලතම මුස්ලිම් ජනගහනය වෙසෙන රට වන ඉන්දුනීසියාවේ ජනාධිපති ධුරයට 2014දී තේරී පත්වීමේදී පටන් ම ඔහුට නැගුණු චෝදනාවක් වූයේ ඔහු ක්‍රිස්තියානුවකු බවයි. ඔහු ඉස්ලාම් ආගමිකයකු වුව ද, දැඩි ආගමික භක්තියක් ප්‍රදර්ශනය කරන අයෙකු නොවේ. තත්වය තුලනය කිරීම සඳහා ඔහු විසින් පත් කරගෙන තිබෙන උප ජනාධිපතිවරයා දැඩි මතධාරී මුස්ලිම් ජාතිකයෙකි. ඔහු ඉස්ලාමික නීති ක්‍රියාත්මක කිරීම, සමලිංගිකත්වය තහනම් කිරීම හා ඇතැම් ඉස්ලාම් ආගමික සංවිධාන තහනම් කිරීම පිළිබඳ කතා කරයි.

දූපත් 17,000ක් ඇති ඉන්දුනීසියාවේ මිලියන 187ක් වන ලියාපදිංචි ඡන්දදායකයන් අතරින් 80%ක් පමණ ඡන්දය ප්‍රකාශ කර තිබේ. ඉතිහාසයේ පළමු වරට, මෙවර එකවර මැතිවරණ පහක් පැවැත්විණි. ඒ අතර ජාතික ව්‍යවස්ථාදායක සභාව, පළාත්, ප්‍රාදේශීය හා පළාත් පාලන මැතිවරණ තිබේ.

ජොකොවි ඉතා දිළිඳු පැල්පත් සමාජයකින් පැවත එන කෙනෙක්. ජනාධිපති පදවියට පත් වන්නට පෙර ඔහු ජකර්තාහි ආණ්ඩුකාරවරයා වුණා. 

ඉන්දුනීසියාව වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක් හිමි රටක්. එහෙත්, ජනගහණය අතින් ලොව සිව්වන ස්ථානයේ සිට ඉන්දුනීසියායේ මිලියන 100ක් ජනයා දිනකට ඩොලර් දෙකකට අඩු ආදායමකින් ජීවත් වන දිළින්දෝයි.

ජොකොවිගේ පාලනය තුළ ද හමුදා බලය, නිලධාරිවාදය, මර්දනය ආදිය මුළුමනින් ම නැති වී ගියේ නැහැ.

ජොකොවි බලයට පත් වූ අලුත කතාබහට ලක් වුණ සංකල්පයක් තමයි කෞශල්‍යතන්ත්‍රවාදය.

මෙරිටෝක්‍රසි කියන්නේ ලංකාවේ සුලබව භාවිතා වන වදනක් නොවෙයි. මෙම වදන සෑදී තිබෙන්නේ ‘උපයනවා’ යන අරුත දෙන ලතින් mereō නම් වදන හා පැරණි ග්‍රීක් බසින් බිඳී ආ ‘බලය’ ‍හෝ ‘ශක්තිය’ ‍හෝ අරුත් ගන්වන  cracy ය වදන එක් වීමෙනුයි. එවිට මෙහි අරුත උපයා ගත් ශක්තිය වැන්නක්. 

අපි democracy කියන වචනය ප්‍රජාතන්ත්‍රවාදය කියා පරිවර්තනය කරන නිසා මා මේ මෙරිටෝක්‍රසි කියන වදනට යෝජනා කරන්නේ කෞශල්‍යතන්ත්‍රවාදය යන වචනයයි. 

කෞශල්‍යතන්ත්‍රවාදයෙන් අරුත් ගැන්වෙන්නේ කුසලතා මත තේරී පත් වූ නියෝජිතයන්ගේ පාලනය යන්නයි. 

ඉන්දුනීසියාවේ සුහර්තෝ පවුලෙහි නියෝජිතයා වන ජනාධිපති අපේක්ෂක සුබියැන්ටෝ ද ජාතිකවාදය, දේශප්‍රේමය, ආගම්වාදය, හමුදා බලය ආදිය ප්‍රවර්ධනය කරන කෙනෙක්. එහෙත්, මෙවරත් ඔහු පරාජය වීම කලාපීය දේශපාලන ප්‍රවණතාවලදී කැපී පෙනෙන ලක්ෂණයකි.

Sinhala Tamil English Translations and Content Writing