www.praja.lk

ඔබගේ පරිගණකයේ සිංහල අකුරු නිවැරදිව පිහිටුවාගැනීම සිංහල භාෂාව කියවීම සඳහා ද අත්‍යවශ්‍යයි. එසේම, සිංහල බසින් යතුරුලියනය කිරීමේදී එය අත්‍යවශ්‍යයි. ඔබේ පරිගණකයේ සිංහල අකුරු ස්ථාපනය කරගෙන පාවිච්චි කරන හැටි මෙහි විස්තර කෙරෙනවා.S

මුලින් ම පහත දැක්වෙන සබැඳියෙන් අදාළ වෙබ් අඩවියට යන්න.

මෙතනින් ඔබ ඩවුන්ලෝඩ් කරගත යුත්තේකුමන වැඩසටහන ද යන්න තීරණය කරන්නට ඔබ ඔබගේ පරිගණකයේ තිබෙන්නේ කුමන වින්ඩෝස් පද්ධතියක් ද යන්න දැනගත යුතුයි.

ඩෙස්ක්ටොප්හි කොම්පියුටර් අයිකනය මත මවුස් කර්සරය තබා දකුණු පැත්තේ බොත්තම ඔබන්න
මෙතන ඔබගේ වින්ඩෝස් එඩිෂන් එක දැක්වෙනවා. මේ පරිගණකයේ නම් එය වින්ඩෝස් 7

ඒ අනුව, ඉහත කී වෙබ් අඩවියේ අදාළ සම්බන්ධතා පුරුක ක්ලික් කරන්න.

යස් ක්ලික් කරන්න
දැන් හරි

ඊළඟට පරිගණකයේ ඩෙස්ක්ටොප් එකේ පහළ ම ස්ටේටස් බාර් එකේ දකුණු කෙළවර බලන්න.

ඔය දකින්නට ලැබෙන කු අකුර මත කර්සරය තබා දකුණු මව්ස් බොත්තම ක්ලික් කරන්න.
කීබෝඩ් ලේඅවුට් මතට කර්සරය ගෙනැවිත් එයින් පසු මතු වන මෙනුවේ ස්ටෑන්ඩඩ් සිංහල කීබෝර්ඩ් ලේඅවුට් මත වම් මවුස් බටනය ක්ලික් කරන්න.
ඔය පෙනෙන SI අකුරු දෙක එහි තිබෙන තාක්මේ කල් ටයිප් කරන හැම විට ම ටයිප් වන්නේ සිංහලෙන්. යතුරු පුවරුව ක්ලික් කරමින් ද ඕනෑම තැනක ටයිප් කරන්නට පුළුවන්

ඔබට වෘත්තීය මට්ටමෙන් සිංහල ටයිප් කරන විශේෂඥයකු වන්නට අවශ්‍ය නම් ඔබ යතුරු පුවරුවේ අක්ෂර තිබෙන තැන් හඳුනාගෙන ටයිප් කරන්නට පුරුදු විය යුතුයි.

එය එකපාරට ම කරන්නට බැහැ. ඒ නිසා විකල්ප භාවිතා කරන්නට පුළුවන්. ගූගල් ඉන්පුට් ටූල්ස් කියන්නේ එවැනි මෙවලමක්. එය භාවිතා කර ඉංග්‍රීසි අකුරු ඇසුරෙන් සිංහල ටයිප් කරන්නට පුළුවන්. ගූගල් ආදාන මෙවලම් පිළිබඳ විස්තර සහ එය භාවිතා කරන හැටි පහත සබඳතා පුරුකෙහි ඇති වෙබ් අඩවියෙන් ඉගෙන ගන්නට පුළුවන්.

https://www.google.com/intl/si/inputtools/ >>

ඔබට භාවිතා කළ හැකි වෙනත් ප්‍රයෝජනවත් මෙවලම් කීපයක් ද අප ඔබට හඳුන්වා දෙන්නම්.

සිංහල, දෙමළ, ඉංග්‍රීසි ත්‍රෛභාෂා ශබ්දකෝෂයක්: https://www.trilingualdictionary.lk >>

සිංහල ශබ්දකෝෂයක් මෙතනින්: http://dictionary.gov.lk/ >>

සිංහල වචනවල අක්ෂර වින්‍යාස නිවැරදිදැයි පරීක්ෂා කරගන්න. (සුබස)
http://subasa.ambitiouslemon.com/spellerweb.py >>

සිංහල ටයිප් කරන අකුරු වර්ග කීපයක් තිබෙනවා. ඒ අතරින් අන්තර්ජාලයේ භාවිතා වන්නේ යුනිකෝඩ් අක්ෂරයි. හැබැයි ඒවා ඉලස්ටේටර්, කොරල්ඩ්‍රෝ, ෆොටෝෂොප් වැනි මෘදුකාංගවල භාවිතා කරන්නට බැරි නිසා, විශේෂයෙන් ම ඩිසයින් කර පළ කරන ලේඛන වෙනුවෙන් FM, DL වැනි විවිධ සුන්දර ඩිසයින් සහිත අක්ෂර පාවිච්චි කරනවා. ඒවා අන්තර්ජාලයේදී පාවිච්චි කරන්නට බැහැ. ඒවා යෙදූ විට දිස් වන්නේ ඉංග්‍රීසි අකුරු සහ සංකේත ගොඩක්. ඒත්, ඒවා යුනිකෝඩ් බවට පරිවර්තනය කරගන්නට පුළුවන්. ඒ වගේ ම යුනිකෝඩ් ඒ වර්ගවලට පරිවර්තනය කරගන්නත් පුළුවන්. පහත දැක්වෙන සබඳතාවෙන් ගොස් එම වෙබ් අඩවියේ අදාළ පිටුව හරහා එය කරගන්නට පුළුවන්. හැබැයි, පරිවර්තනය කරගත් ලේඛන පිටපත හැමවිට ම නැවත පරීක්ෂා කරන්නට මතක තබාගන්න.

ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයක සිංහල අක්ෂර භාවිතා කරන හැටි මෙතනින් ඉගෙන ගන්න >>