Gotabaya Rajapaksa with JR

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත, 2020 සැප්තැම්බර් 27

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉල්ලා පලිගසන්නේ පාර්ලිමේන්තුවට වග නොකියන, සෑම තැනකට ම විහිදුණු, සෑම කලකදීම සුරක්ෂිත සාර්වත්‍රික බලයක් සඳහාය. එහි භයානකකම ගැන අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැති තරම් පාඩම් ශ්‍රී ලංකාවේ 1978 පටන් සිටි විධායක ජනාධිපතිවරුන් හයදෙනාම විසින් ජනතාවට උගන්වා හමාරය.

Translations by Creative Content Consultants

විධායක ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මූලික වශයෙන් ම වැරදි තර්කනයක් තිබේ. එනම්, මහජන ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත්වන්නේ තනි පුද්ගලයකු ය යන්නයි. එහෙත්, ප්‍රායෝගිකව ගත් කල කිසිදු හුදකලා පුද්ගලයකුට එසේ ජනාධිපති ධුරයට තේරී පත්විය නොහැකිය. එම පුද්ගලයා ජනාධිපති ධුරය දක්වා ඔසවා තබන දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය වීම අත්‍යවශ්‍යය. පාර්ලිමේන්තුවෙන් නිරූපණය වන්නේ එම සමාජ ව්‍යාපාරයේ හරස්කඩකි. පාර්ලිමේන්තුවට මන්ත්‍රීන් තේරී පත්වන්නේ ද මහජන ඡන්දයෙනි. ජනාධිපතිට මෙන්ම අගමැතිට, ඇමතිවරුන්ට හා මන්ත්‍රීවරුන්ට ද ජනවරමක් තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවත වරක් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් වෙනස් කරන්නට උත්සාහ කරන්නේ මෙම තුලනයයි. එයින් විධායකයේ සංවරණ හා තුලන (checks and balances) ක්‍රමවේදය සම්පූර්ණයෙන් ම අහෝසි වී යයි.

ලංකාවට විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා ජේ. ආර්. ජයවර්ධන වරක් මෙසේ පැවසී ය: “We need an executive freed from the whims and fancies of the legislators.” අපට නීති සම්පාදකයන්ගේ උවමනා එපාකම්වලින් නිදහස් විධායක ජනාධිපති ක්‍රමයක් අවශ්‍ය බව එහි අරුතයි.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලාපොරොත්තු වුණේ රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කරන්නටයි. ව්‍යවස්ථාමය වශයෙන් එවැනි දෙයක් පෙනෙන්නට තිබුණත්, 1978ට පෙර ඉතිහාසය හා සාපේක්ෂව බැලූ කල 1978න් පසු ඉතිහාසය තුළ රටේ අස්ථාවරත්වය වැඩි වී තිබේ. ධුර කාල දෙක ම බලයේ සිටි ජනාධිපතිවරු තිදෙනෙක් මේ රටේ සිටිය හ. ඒ ජේ.ආර්., චන්ද්‍රිකා හා මහින්දයි. මේ තිදෙනාගේ ම දෙවන ධුර කාලය අවසන් වෙද්දී ඔවුන් ඒකාධිපති ලෙස කටයුතු කරන්නට දැරූ උත්සාහයන් දකින්නට ලැබෙන අතර එම ක්‍රියාවන්ගේ අවසාන ප්‍රතිඵලය වූයේ රටේ අස්ථාවරත්වh වැඩි වීමයි.

නිදසුනක් ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක දෙවන වරට ජනාධිපති ධුරය දැරූ වකවානුවේ 2000, 2001 හා 2004 වර්ෂවල මේ රටේ පාර්ලිමේන්තු මැතිවරණ තුනක් පැවැත්විණි. මේ තුනෙන් ම බලයට පත් වුණේ එතරම් ස්ථාවර ආණ්ඩු නොවේ. ඇය දෙවරක් ම සිය බලය අත්තනෝමතික ලෙස පාවිච්චි කරමින් පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා හැරියා ය.

මහින්දගේ දෙවන ධුර කාලයේදී ඔහු 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් සදාකාලිකව බලයේ රැඳී සිටී‍මේ උත්සාහයක් දැරුවේ ය. එසේම, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘ ජේ.ආර්. ජයවර්ධන ජීවතුන් අතර සිටියා නම් ඔහු පවා ලජ්ජාවට හා විස්මයට පත් කරන්නට මහින්ද රාජපක්ෂ සමත් වනු ඇත. එහෙත්, ඔහු විසින් නිර්මානය කරන ලද අස්ථාවරත්වය හේතුවෙන් ඔහුට බලයෙන් ගිලිහී යන්නට සිදු විය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම නම් සටන් පාඨය 1995 ජනාධිපතිවරණයේ පටන් ම සෑම ජනාධිපතිවරණයකදී ම කියැවුණකි. එහෙත්, එය යථාර්ථයක් බවට පත් වුණේ විසි වසරකට පසුව 2015 ජනාධිපතිවරණයෙන් පසුවයි. එය විධායක ජනාධිපති ක්‍රමයේ පූර්ණ සංශෝධනයක් සිදු නොවූ මුත්, 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විසින් විධායක ජනාධිපති ධුරය හා පාර්ලිමේන්තුවේ බලය ප්‍රතිව්‍යූහගත කර තිබේ. එමගින් අලුත් ජනාධිපතිවරයකු හා අලුත් පාර්ලිමේන්තුවක් නිර්මානය කර තිබේ. අලුත් ජනාධිපතිවරයා බලය හොබවන්නේ වඩා බලවත් පාර්ලිමේන්තුවක් සමගයි. ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුව අතර වඩා පුළුල් බලය බෙදීමක් නිර්මානය වී තිබේ.

මෙය භාවිතාවට නගන විට ප්‍රශ්න පැන නැගිණි. අලුත් ව්‍යවස්ථාවla විසින් නිසැකව ම අලුත් ගැටලු රැසක් නිර්මානය කරනු ඇත. එම ගැටලු විසඳා ගැනීම සඳහා තව තවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය වනු ඇත. එසේ වීමේ කිසිදු වරදක් ද නැත. මේ වනාහි අපට ගැලපෙන ආණ්ඩුක්‍රමයක් ගොඩනගා ගැනීම සඳහා වූ මහජන ක්‍රියාවලියකි. එය අවසන් විය යුතු දෙයක් නො වේ. සමාජය වෙනස් වන විට පාලන රාමුව ද වෙනස් විය යුතු ය. එහෙත්, 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි ගැටලුව වන්නේ එය පසුපසට ගමන් කරන්නක් වීමයි.

මහජන නියෝජනය විධිමත් කිරීම සඳහා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම අත්‍යවශ්‍ය ය. එහෙත්, ඒ පිළිබඳ කිසිවක් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නැත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන ලෙස ඉල්ලd අඩි පොළවේ ගසමින් පොඩි ළමයකු සේ හඬාවැටෙන පසුබිම තුළ, කෙතරම් ගැටලු තිබුණත්, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් විසින් සිරිසඟබෝ රජු හිස දන් දුන්නා සේ පාර්ලිමේන්තු බලය දන් දෙන්නට ඉඩ තිබේ. තමන් කරන බරපතල දේශපාලන අපරාධය ඔවුන් සාධාරණීකරණය කරනු ඇත්තේ මුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ම වෙනස් කිරීම සඳහා ඉදිරියේදී පියවර ගනු ඇති බව කියමිනි. එහෙත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එසේ කරයි ද යන්න අපි නොදනිමු.

මෙරට ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්කිරීමට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයට පත්කිරීමට ඡන්දය දුන්නේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට යයි දැන් අලුත් තර්කයක් ඉදිරිපත් කරනු දැකිය හැකිය. ඡන්දය දෙන ජනතාවට 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමෙන් කිසිවක් ලැබෙන්නේ නැත. දේශපාලකයන් පසුපස කාල් ගාන කපටීන් අතළොස්සට රජයේ රැකියා, කොන්ත්‍රාත්, කාර් පර්මිට්, බදු සහන සහ වෙනත් වංචනික අවස්ථා අවශ්‍ය විය හැකිය. එහෙත්, වැඩකරන සාධාරණ ජනයාට අවශ්‍ය ඒවා නොවේ. වැඩකරන ජනතාවට අවශ්‍ය වන්නේ ව්‍යවසායකත්වයට පහසුකම්, රැකියා, ආදායම් මාර්ග, යටිතල පහසුකම්, සංවර්ධනය, පරිසර සංරක්ෂණය, සමාජ යහපත, අධ්‍යාපනය හා සෞඛ්‍යය වැනි සේවාවල ගුණාත්මකභාවය, සුබසාධනය, පෙරදැක්ම, විවේකය හා විනෝදය වැනි දේය. පූර්ණ විධායක බලතල අත්පත් කරගත්තාට මේවා කරන්නටත් ජනාධිපතිට හැකි විය යුතුය. බළලාගේ ගෙල බැඳි ගෙජ්ජිය ගැලෙව්වාට විතරක් මදිය. මීයන් අල්ලන්නටත් ඕනෑය.

Translations

2 thoughts on “විධායක ජනාධිපති බළලාගේ ගෙල බැඳි ගෙජ්ජිය ගැලෙව්වාට මීයන් අල්ලන්නටත් ඕනෑය

  1. Lankawe Prajathanthrawaadhi laksana prajathanthrikawama iwath kiremata pimburupath sekasemin pawathinne , vidyaathayin boho denata menma bahuthara samannyantath aesata weli gasamini .

Leave comment

Your email address will not be published. Required fields are marked with *.