Ethalwetunaweve Gnanathilaka Thero

උතුරු දුම්රිය මාර්ගය සංවර්ධනය ඇරඹේ

“දේශීය නිෂ්පාදන අපනයනවලින් 3.5%ක්ම මිලදීගන්නෙ ඉන්දියාව. රටේ තියෙන ආර්ථික තත්වයත් එක්ක ඉන්දියාවේ සහයෝගය ඉතා වටිනවා. 35 අවුරුදු යුද්ධයෙන් පස්සෙ රටම එක විදියකට හිතන්නට ඉන්දියාව දෙන සහයෝගයට දසදහස් වතාවක් ස්තුතියි. ඉන්දියාව ලංකාවට ලොකු සම්පතක්. ආර්ථික, දේශපාලන ආදී මොන අංශයෙන් ගත්තත්, ඉන්දියාව සමග අපේ සම්බන්ධතා අනෙක් රටවලට වඩා වැඩියි. අනෙක් රේල් පාරවල් සංවර්ධනය කරන්නත් උදව් කරන්නය කියා ඉල්ලා සිටිනවා,” යි රුවන්වැලිසෑය විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය ඊතල්වැටුණුවැවේ ඥානතිලක හිමි උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්තෙයි දක්වා කොටස ඉන්දීය ආධාර යටතේ ඉන්දීය සංවර්ධනය කිරීම ආරම්භ කිරීම නිමිත්තෙන් පැවති ආගමික උත්සවයේදී පැවසුවා.

මාස පහක කාලයක් තුළ සම්පූර්ණ කිරීමට නියමිත මෙම ව්‍යාපෘතියෙන් පසු දුම්රිය ධාවනය පැයට කිලෝමීටර් 120 දක්වා ඉහළ නැංවිය යුතු බව ප්‍රවාහන ඇමති බන්ධුල ගුණවර්ධන පවසයි.

රු. කෝටි 3,300ක වියදමින් උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්තෙයි දක්වා කොටස ඉන්දීය ආධාර යටතේ ඉන්දීය රජයේ සමාගමක් විසින් සංවර්ධනය කිරීමට නියමිතයි. එම කාල සීමාව තුළදී දුම්රිය ධාවනය අනුරාධපුරයට සීමා වේ.