Female Bullet Train Driver

බුලට් ට්‍රේන් පදවන ලිහුආ

මේ ඡායාරූපයේ වමේ ඉන්නේ ෂියාඕ ලිහුආ. වයස අවුරුදු 26යි. ඇය චීනයේ පළමු බුලට් දුම්රිය රියදුරුවරියන් අතරින් එක් අයෙක්. දැන් චීනයේ බුලට් දුම්රිය පැදවීම සඳහා පුහුණුව ලබන රියදුරුවරියන් 12ක් ඉන්නවා. ඔවුන් සේවය කරන්නේ චීන රාජ්‍ය දුම්රිය සමූහයේ ෆියුජියන් ශාඛාවේයි.

Translations by Creative Content Consultants

ඔවුන් තවමත් ක්‍රියා කරන්නේ සහායක රියදුරුවරියන් ලෙසයි. අවුරුදු දෙකක් දුම්රිය රියදුරු මැදිරිවල සහායකයන් ලෙස ඔවුන් සීමාවාසික පුහුණුව ලැබිය යුතුයි. ඒත්, සංඥා, සන්නිවේදනය වැනි වගකීම් රැසක් ඔවුන්ට භාරයි.

බුලට් ට්‍රේන් කියන්නේ පියට කිලෝමීටර් 300ක් දක්වා වේගයෙන් මගීන් රැගෙන ධාවනය විය හැකි දුම්රියක්.

දුම්රිය රියදුරු වෘත්තිය අතීතයේ සිට ම පිරිමින් ආධිපත්‍යය දැරූ ක්ෂේත්‍රයක්. එය තරමක් දුෂ්කර රැකියාවක්. එහෙත්, දැන් තාක්ෂණය නිසා එය බොහෝ දුරට පහසු වී තිබෙනවා. චීන දුම්රිය සේවයේ පිරිමි රියදුරන් 4,000ක් පමණ සේවය කරනවා.

දුම්රිය රියදුරු පුහුණුව පහසු නැහැ. ඔවුන් තාක්ෂණික කාරණා රැසක් ද හැදෑරිය යුතුයි. සමත් විය යුතු පරීක්ෂණ විශාල සංඛ්‍යාවක් තිබෙනවා. සාමාන්‍යයෙන් දුම්රිය රියදුරු පුහුණුව අවුරුදු හතරක් වුණත්, දුම්රිය රියදුරු හිඟය නිසා මෙම කණ්ඩායමට පුහුණුව අවුරුදු තුනකින් නිමා කිරීමට වැඩ කිරීමට සිදු වී තිබෙනවා. මෙම පුහුණුව සඳහා 17දෙනෙකු බඳවා ගත්තත්, පුහුණුව සාර්ථකව අවසන් කළේ 12ක් පමණයි.

චීනය කාන්තා දුම්රිය රියදුරුවරියන් බඳවා ගැනීම 1950 තරම් ඈත වකවානුවේදීත් කළා. එහෙත්, මෙම රැකියාවේ දිගු කලක් රැඳී සිටීමට කාන්තාවන්ට අපහසු වුණා.

ෂියාඕ ලිහුආගේ පියා සටන් කලා විශාරදවරයෙක්. ඔහු ඇගේ දියණියට ලිහුආ කියා නම තැබුවේ චීන ජනප්‍රවාදවල එන පුරාවෘත්තමය වීරවරියක සිහිපත් වන්නටයි. තම දියණිය ද ඇය වැනි වීරවරියක වනු ඇතැයි ඔහු පැතුවා. ඒ පැතුම ඉටු වෙයි නේද?

(චයිනා ඩේලි ඇසුරෙනි)

Translations