චීන කෝච්චි පෙට්ටි එළවන්න බෑ කියූ දුම්රිය රියදුරෝ හා කියති

දුම්රිය අනතුරු සම්බන්ධයෙන් රියදුරන් දෙදෙනෙකුට චෝදනා පත්‍ර ඉදිරිපත් කිරීම හේතුවෙන් දුම්රිය රියදුරන් දෝෂ සහිත බව කියන චීන දුම්රිය මැදිරි සහිත දුම්රිය පැදවීමෙන් ඉවත් වීමට ගෙන තිබූ තීරණය වෙනස් කර ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳ දුම්රිය රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ පවසන්නේ දෝෂ සහිත චීන දුම්රිය මැදිරි සහිත දුම්රිය මැදිරි ධාවනය කිරීමේදී සිදුවන අනතුරු සම්බන්ධයෙන් දුම්රිය රියදුරන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් නොකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව ඇති කරගෙන තිබෙන එකඟතාවට පටහැණිව කටයුතු කර ඇති බවයි. කෙසේ වෙතත්, එම කොන්දේසියට නැවත වරක් දුම්රිය දෙපාර්තමේන්තුව එකඟ වූ නිසා වර්ජනය අවසන් කර තිබේ.
මෙවැනි දෝෂ සහිත දුම්රිය මැදිරි 100ක් පමණ ඇති බව ද, 2010 වසරේ සිට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බව ද ඔහු පවසයි.
2010 සිට මේ දක්වා දුම්රිය අනතුරු 200ක් පමණ මේ හේතුවෙන් සිදු වී තිබේ. ඒ අතර, පීලි පැනීම්, තිරිංග ක්‍රියා නොකිරීම්, දුම්රිය නියමිත ස්ථානයේ නතර නොවීම් ආදිය තිබේ.
දිනෙන් දින කඩාවෙැටෙන දුම්රිය සේවාව යළි ගොඩගැනීමට නම් දුම්රිය දෙපාර්තමේන්තුවේ ව්‍යූහය සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතු බව දුම්රිය එංජින් රියදුරු සංගමෙයේ ලේකම් ඉන්දික දොඩංගොඩ පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.
දුම්රිය සේවාව ගොඩනැගීම සඳහා කරන ව්‍යාපෘතිවල අරමුණ සුළු පිරිසක් කොමිස් ලබාගැනීම බව ද දොඩංගොඩ පැවසුවේ අලුතින් ඉදි කළ මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ අඩුපාඩු රැසක් ඇති බව උදාහරණයක් ලෙස පෙන්වා දෙමිනි.
” Bea ” kiwwata thaamath duwanawane .
Medaa pote owwa koranna puluwan wena ekak nea , SIR elibessagaman prassne sutus gaala kammuthui . Nethi break wadiy !