Politics

ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීම පරිණත කතාවකි

එන්නත්, ඔක්සිජන් වැනි සියලු දේ රජය සපයන බව පෙන්වා දෙමින් ජනාධිපතිවරයා පැවසූ ඉතා වැදගත් කරුණක් වූයේ රෝගීන් මැනැවින් කළමනාකරණය කිරීම වෛද්‍යවරුන්ගේ වගකීම බවයි. එය වෛද්‍ය වෘත්තිකයන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට දුන් ඉතා වැදගත් පණිවුඩයකි. එහෙයින් එය තවදුරටත් අප අවධාරණය කළ යුතුය. රෝහල් තුළදී රෝගීන් මෙතරම් මියයාම රෝගීන් කළමනාකරණයේ ගැටලුවකි. නිව්මෝනියාවෙන් ලංකාවේ මෙතරම් රෝගීන් මියයන්නේ කොවිඩ්-19 රෝගය පිළිබඳ වෛද්‍ය දැනුම බෙහෙවින් දියුණු වී තිබෙන වකවානුවක බව ද අප සිහිපත් කළ යුතුය. රෝගීන් කළමනාකරණයේ පවතින ගැටලු පිළිබඳ වෛද්‍යවරුන් හා සෞඛ්‍ය සේවකයන් දන්නවා විය යුතුය. ඒ ගැන ජනතාව මීට වඩා සංවේදී වන්නට පෙර ජනාධිපතිවරයාගේ පණිවුඩය කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුවන්නේ නම් හොඳය.

1 Minute